More
  • About Us
  • Privacy Policy
spot_img
Poemsගැහෙන මේ ගෑණු හිත බලහං අයියේ!

ගැහෙන මේ ගෑණු හිත බලහං අයියේ!

-

spot_img

ගැහෙන මේ ගෑණු හිත !

“හිතුවෙ උඔ උඔ ගැනම විතරයි”
ඔයා මට කෑගැහුව මතකයි අයියේ
එල්ලිලා එකෙකුගෙ අතේ
කියනවද උඔ මට ආදරේ
මං ගොනෙක් කියලද උඹෙ හිතේ
පුපුරන ඔයාගේ සද්දෙට බයේ
එකපාර එයාගේ අත පවා
මං අතෑරලා තියනවා අයියේ………

“කෑවද ඔයා” මං අහද්දී
ගෑණු සෝබන කියා හිනැහී
හිතින් මට බනිනවා ඇති ඔයා
බීලා කොහේ හරි වැටෙයිද..?
නොකා ඉඳලා ලෙඩ වෙයිද…?
එයාගේ එහා පස ඉඳගෙන
ඔයාගේ දුක සැප විමසන
ගැහෙන මේ ගෑණු හිත බලහං අයියේ….

කියනව වගෙ ඔයා අයියේ
ගල් හිතක් වෙන්නැති මට ඇත්තේ
ඒ නිසා වෙන්නැති අපේ සෙනෙහේ
මල් පෙති වගේ සුදු,මුදු නොවූයේ
ඔයා පපුව මැද ගල් කටු අනින අතරේ
ඇහුණෙ නෑ නේද මගෙ පපුව ඇතුලේ
ආදරේ ගල් බෝර පුපුරන සද්දේ………..

අඬවැඩියාව කියා ගෑණුන්ගේ
ඔයා රවනව තමා අයියේ
බෙදාගෙන එයා හා ඇඳ සුවසේ
කඳුළු කාගෙන හිටිය අරුමේ
ආදර සටන් ගෑණුන්ට හිමි නෑනේ
ඒත් අඬන නිදහස උන්ට ඕනේ
ගෑණු මෙච්චර බොළඳ වෙන්නේ
පිරිමි හිත් හයිය හින්දද අයියේ……….

Latest news

Pubudu jagoda – ඉන්දීය ජනතාවගෙන් ස්තුතියක්

Pubudu jagoda - ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හූ තැබීම සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව ස්තූති කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක...

IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල නව ප්‍රධානියෙක්

IMF - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් Evan Papageorgiou පත්කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට...

Siduwa වෙඩි තැබීමක්

Siduwa - කටුනායක, සීදුව, 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ...

IMF – සිව්වන අදාළ සාකච්ඡා සාර්ථකව

  IMF - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවී...
- Advertisement -spot_img

Siduwa වෙඩි තැබීමක්

Siduwa - කටුනායක, සීදුව, 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ...

Fahadh Faasil දෙමළ කතා කෙරුවට මට දෙමළෙන් හිතන්න බෑ

Fahadh Faasil මලයාලම් සිනමාවේ සිටින ජනප්‍රියම තරුවක්. එමෙන්ම ඔහු සැළකෙන්නේ මලයාලම් සිනමාව තුළ සිටින වැඩිම වැටුප් ලබන රංගන ශිල්පියෙකු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you

You cannot copy content of this page