ඇත්තමයි! මුළු ඇඟම ගැහුණා අයියේ…
“කපල් ෆොටෝ” එක දැකලා ඔයාගේ
ඇත්තමයි! මුළු ඇඟම ගැහුණා අයියේ
අතීතෙට අයිති දවසක ප්‍රේමේ
ඔබ එහෙමය! මා දැනෙන වග කීයේ…
වෙව්ලුම්, ගැහුම්, සසැලුම් වාගේ
ප්‍රේමේ එහෙව් ඉසියුම් පුපුරන තාලේ
ඔබටත් කලින් දවසක මටය දැණුනේ
ඒ ඔබ! “මඟුල් ෆොටෝ ” එක
එවපු දවසේ…