Thulana Mag https://thulanatv.lk සයිබරයේ සඟරාමය අත්දැකීම Thu, 21 Nov 2024 10:02:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.7 https://thulanatv.lk/wp-content/uploads/2023/03/cropped-Site-Icon-Thulana-TV-32x32.png Thulana Mag https://thulanatv.lk 32 32 Government policy statement වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකය අපිට දීලා නෑ https://thulanatv.lk/government-policy-statement-no-opportunity-to-make-mistakes/ https://thulanatv.lk/government-policy-statement-no-opportunity-to-make-mistakes/#respond Thu, 21 Nov 2024 10:02:31 +0000 https://thulanatv.lk/?p=4333 Government policy statement -10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (නොවැ: 21) ආරම්භ වූ අතර අනතුරුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී. පළමුව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් ජනවරමට ස්තූතිවන්ත වන බවත් සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට තම රජය බැඳී සිටින බවත් ඒ සඳහා වග වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රත්පත්ති ප්‍රකාශයේදී විශේෂ කරුණු කිහිපයක් මතු කොට දැක්වීය. ඉන් ප්‍රධාන කාරණය වුයේ යළි මෙරටෙහි ජාතිවාදී දේශපාලනයට ඉඩක් නොමැති බවත් කවර ආකාරයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ඉඩ නොදෙන බවත් ය. “කිසිවෙකුට අපේ රටේ දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…” යනුවෙන් අවධාරණය කළ ජනාධිපතිවරයා, මහජන නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුව තුළ දක්වන අදහස් සියල්ල ජනතාව දැනගත යුතු බව ද ප්‍රකාශ කළේය.

ශක්තිමත් රාජ්‍ය සේවයකින් තොරව කිසිවිටෙකත් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් සෑම පුරවැසියෙක්ම තමන්ගේ ආගම, සංස්කෘතිය හා භාෂාව අනුව හුදකලා විය යුතු නැති අතර නීතියේ විධානය ආධිපත්‍ය රැකිය යුතු බවත් නීතියට උඩින් කිසිවෙකු නොමැති බව සියලු දෙනාම දැනගත යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, නීතිය ගැන ජනතාවගේ බිඳ වැටුණ විශ්වාසය යළි ඇති විය යුතු බව අවධාරණය කළේය. එමෙන්ම පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ අපරාධයන් ගැන යළි විමර්ශනයට ලක්කර වින්දිතයින්ට සාධාරණත්වයත්, අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමත් කළ යුතු බව පෙන්වා දුන් ඔහු, “ආන්දෝලනයට තුඩුදුන් අපරාධයන්, එහි වග උත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන්ව නීතිය හමුවට ගෙන යන බවටත්, වින්දිතයින්ට සාධාරණය ඉටු කරන බවටත් අපි ඔබට සහතිකයක් දෙනවා…” යනුවෙන් පොරොන්දු වුයේය.

IMF කාර්ය මණ්ඩල ගිවිසුම ලබන 23 වන දා අත්සන් කළ හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක් බව පැවසීය.”ආර්ථිකය බිඳ වැටීමට ඉඩනොදී සෑම පැත්තකින් සියුම්ව කල්පනා කරලා තීරණ ගත යුතු අවස්ථාවකට අපි ඇවිත් තියෙනවා. අපිට වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම කරදී නෑ. අත්වැරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම නෑ. ඒ නිසා සියුම් සෑම තැනක්ම අපි සලකා බැලිය යුතුයි.” යනුවෙන් ඔහු සිය අදහස විස්තර කළේය.

රාජ්‍ය වියදම් වෙනුවෙන් එළැඹෙන මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් දෙසැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන බවත් ලබන වසරේ පෙබරවාරි මාසයේ අග දී අයවැය ඉදිරිපත් කර එය මාර්තු මාසයේ දී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසු ජනාධිපතිවරයා, අලුත් පරිවර්තන යුගය සාර්ථක කරගැනීමට පාර්ලිමේන්තුවේ සියලුදෙනා සහාය දක්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව වැඩිදුරටත් පවසා සිටියේ ය. මේ සටහන ලියන මොහොතේ ජනාධිපතිවරයා තව දුරටත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරමින් සිටිනු ලැබිය.

]]>
https://thulanatv.lk/government-policy-statement-no-opportunity-to-make-mistakes/feed/ 0
Test series vs South Africa දකුණු අප්‍රිකානු සංචාරයට ටෙස්ට් සංචිතය නම් කෙරේ. https://thulanatv.lk/test-series-vs-south-africa-test-squad-is-named/ https://thulanatv.lk/test-series-vs-south-africa-test-squad-is-named/#respond Wed, 20 Nov 2024 10:24:33 +0000 https://thulanatv.lk/?p=4329 Test series vs South Africa – ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමිව පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස 22 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇති. තරඟාවලිය මෙම මස 27 වන දින Kingsmead Durban හිදී ආරම්භ වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වැනිදා Gqeberha හි St. Georges Park හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත්කර ඇති මෙම තරගය සඳහා සහභාගී වන 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය. ධනංජය ද සිල්වා ( නායක), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ කසුන් රාජිත.

]]>
https://thulanatv.lk/test-series-vs-south-africa-test-squad-is-named/feed/ 0
Defeated ministers මහින්දානන්ද අලුත්ගමගේ ගෙදර ගියාද යැව්වද..? https://thulanatv.lk/defeated-ministers-mahindananda-aluthgamage-loses-his-mp-seat/ https://thulanatv.lk/defeated-ministers-mahindananda-aluthgamage-loses-his-mp-seat/#respond Tue, 19 Nov 2024 09:53:06 +0000 https://thulanatv.lk/?p=4325 Defeated ministers – පසුගියදා (නොවැම්බර් 16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබිණි. දශක තුනකට අධික කාලයක් පුරාවට තමා විසින්ද, දශක හතක් තිස්සේ අලුත්ගමගේ පවුල විසින්ද නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයට කළ බව කියන පුළුල් දේශපාලන මෙහෙවර ගැන ආවර්ජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තම සේවය අවශ්‍ය නොවන බව පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී ගිය බැවින් තමා දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කළ බව පැවසිය.

නමුත් සැබෑම හේතුව එයද..? 2024 මහ මැතිවරණයේදී “ගෑස් සිලින්ඩරය” ලකුණින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (NDF) තරග කළ මහින්දානන්ද අලුත්ගමගේට මහනුවර දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකිවුයේ ඡන්ද 20,401ක් පමණි. ඔහු මින් පෙර මැතිවරණවලදී මනාප ඡන්ද 200,000 කට ආසන්න ප්‍රමාණයක සිටි අයෙකි. පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනයට පැමිණ වසර 30ක් තිස්සේ රජයේ ප්‍රභල අමාත්‍යධුර හොබවූ මහින්දානන්දලාට ජනතාව ජන්දයෙන් “ටටා..බායි..” කීවේ ඇයි..?

ඇත්තටම එසේ වුයේ මහින්දානන්ද කිවා සේ “ඡන්ද දායකයන් මගේ දේශපාලනය තවදුරටත් අවශ්‍ය නොවන බව තීරණය කළ නිසාද..?” නැත. බොරුව, වංචාව, දුෂණය, චණ්ඩිකම, ජනතා මුදලින් සිය පවුල් පෝෂණය කිරීම සැබෑ හේතු ය. ඔහු කීවා සේ පවුලේ අය අවුරුදු 70 කුත් තමන් අවුරුදු 30කුත් එකතුව අවුරුදු 100ක් සැබෑවටම ජනතාවට සේවය කළේනම්, පාර්ලිමේන්තු අසුනක්වත් නොදී මෙලෙස ගෙදර එලවාවිද..? ගුණතිලක රාජපක්ෂලාගේ කකුල් කැඩෙන්නට පහරදී, බිරින්දෑවරු පවා තමන්ට එරෙහිව නඩු මඟට බසින තැනට වැඩකළ මහින්දනන්දලාට නිවසට වී හෝ යහතින් සිටිය හැකිනම් පුදුමය. හිටපු ඇමතිතුමනි! මේ “දේශපාලනයෙන් සමුගන්නවා” යන වචනයට ගමේ භාෂාවෙන් කියනුයේ “ඇපත් නැතුව ගෙදර එළවනවා” කියා ය.

]]>
https://thulanatv.lk/defeated-ministers-mahindananda-aluthgamage-loses-his-mp-seat/feed/ 0
Supreme Court order ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් https://thulanatv.lk/supreme-court-order-for-year-five-scholarship-exam-results/ https://thulanatv.lk/supreme-court-order-for-year-five-scholarship-exam-results/#respond Tue, 19 Nov 2024 06:24:27 +0000 https://thulanatv.lk/?p=4322 Supreme Court order – 5 වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වා මේ වනවිට දෙමසක් ඉක්ම ගොස් තිබුණද, මේ වනතෙක් එම විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීමට නොහැකි වී ඇත්තේ, විභාගයට ලබා දුන් ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් කලින් පිටවූ බව පරීක්ෂණයකින් ඔප්පු වූ හෙයිනි. තවදුරටත් එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැ. 18) අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ, එම විභාගය පවත්වනු ලැබූ ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ය. ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

]]>
https://thulanatv.lk/supreme-court-order-for-year-five-scholarship-exam-results/feed/ 0
SL vs NZ 2nd ODI 2024 කුසල්ගේ කුසලතාවය සහ එක්දින තරගාවලියේ ජය https://thulanatv.lk/sl-vs-nz-2nd-odi-2024-kusals-skill-and-odi-victory/ https://thulanatv.lk/sl-vs-nz-2nd-odi-2024-kusals-skill-and-odi-victory/#respond Mon, 18 Nov 2024 02:24:31 +0000 https://thulanatv.lk/?p=4316 SL vs NZ 2nd ODI 2024 – ඊයේ (නොවැ: 17 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙම තරග ජයත් සමඟ තරග 3 කින් සමන්විත වූ තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙය, මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පස්වැනි එක්දින තරගමාලා ජයග්‍රහණය යි.

SL vs NZ 2nd ODI 2024

යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම කැපී පෙනෙන ලක්ෂණයක් වූ අතර වසර පුරාවටම ලකුණු අතර සිටින පිතිකරුවා බවට පත්ව සිටින ඔහු පළමු තරගයේ ලද ශතකයට අමතරව ඊයේ දිනයේ රැස් කර ගන්නා ලද ලකුණු 74 ත් සමඟ 2024 වසරේ ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 742 දක්වා ඉහළ දමා ගැනීමට සමත්ව සිටී. ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය අසාර්ථක වූයේ අවිශ්ක ප්‍රනාන්දු වේලාසනම දැවී යෑම හේතුවෙනි. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල බිද වැටෙන විට ලකුණු පුවරුව සටහන් වූයේ 65 ක් වශයෙනි. අනතුරුව සිය ඉනිමේ බර කරට ගත් කුසල් මෙන්ඩිස් පළමුව සදීර සමරවික්‍රම සමග ලකුණු 28 ක්ද, අනතුරුව ජනිත් ලියනගේ සමග ලකුණු 39 ක්ද රැස් කරමින් ජයග්‍රහණයට අදාළ අඩිතාලම දැමිය. මෙම තරගයේදී කුසල් පන්දුවට පහර දුන්නේ ආබාධයක් සහිතව වුවද, කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සිය වේදනාව පසෙක දමා පන්දුවට පහර දීම පැසසිය යුතු කාරණයකි.

SL vs NZ 2nd ODI 2024

 

ලකුණු 210 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 46 වැනි පන්දුවායේ අවසන් පන්දුවේදී ජය වාර්තා කරගන්නා විට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉනිමේ කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව සිටියහ. තරගය නිමා වන විටත් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් ලබා සිටිද්දී තරගය අවසන් කිරීමට ඔහුට අනගි සහායක් ලබා දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 27 ක් රැස් කළේය. මොවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 47 ක් විය. අසීරු උඩපන්දු අවස්ථා 2 ක් ගිලිහී යෑම හැරුණු කොට ශ්‍රී ලංකා කණ්ඩඩායමේ පන්දු රැකීම ඊයේ දිනයේද විශිෂ්ඨ මට්ටමක පැවැතිණි. මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු රැක ගත් උඩ පන්දු තුනත් ලෝන් ඕන් සිට මිඩ් ඔෆ් දෙසට දිව විත් පැතුම් නිස්සංක රැක ගත් උඩ පන්දුවත් කලකට අමතක නොවන මට්ටමේ උඩ පන්දු රැකිම් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම අවස්ථා දෙකකදී තරගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවන්ට සිදුවුණා පමණක් නොව තරගය එක් පිලකට පන්දුවාර 47 කට සීමා කරමින් පැවැත්වීමට ද සිදුවිය.

SL vs NZ 2nd ODI 2024

 

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම 30 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට රැස් කරගෙන සිටියේ ලකුණු 111 ක් පමණක් වුවත් අනතුරුව යවන ලද පන්දුවාර 6 දී නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 62 ක් ලබා ගැනීමට සමත්වූහ. මෙහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් මාක් චැප්මන් සහ මිචෙල් හේ දෙදෙනාා ගොඩනංවන ලද ලකුණු 75 ක සබඳතාවය ඇතුළත එම ලකුණු සංඛ්‍යාව වාර්තාවීම කැපී පෙනිණි. එහෙත් 5 වැනි කඩුල්ල ලකුණු 173 දී බිඳ වැටීමත් සමඟ නවසීලන්ත ඉනිමට කණ කොකා හැඬවීය. ඒ ඉතිරි කඩුලු 6 ම ලකුණු 36 ක් තුළ බිඳ වැටීම හේතුවෙනි. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සි කඩුලු 3 බැගින් දවා ගනිද්දී අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ දැමූහ. නවසීලන්ත ඉනිමේ ඉහළම ලකුණු සම්බන්ධතාව ලකුණු 75 ක් විය. ලකුණු 93 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී එක්වූ මෙම පිතිකරුවන් ඒ සඳහා පන්දු 78 ක් වැය කර තිබිණි. වැඩිම ලකුණු ලාභියා වූ චැප්මන්ගේ ලකුණු 76 පන්දු 81කදී ලබාගත් අතර ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක්ද ඇතුළත් විය. නවසිලන්ත පිලේ කඩුලු රකින්නා වූ මිචෙල් හේ ඊයේ දිනයේදී තම මංගල අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේ ලකුණු 49 ක් ලබා සිටියදීය.

]]>
https://thulanatv.lk/sl-vs-nz-2nd-odi-2024-kusals-skill-and-odi-victory/feed/ 0
SL vs NZ 2nd ODI 2024 ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි එක්දින තරගය https://thulanatv.lk/sl-vs-nz-2nd-odi-2024-today-at-2-30-pm/ https://thulanatv.lk/sl-vs-nz-2nd-odi-2024-today-at-2-30-pm/#respond Sun, 17 Nov 2024 06:16:04 +0000 https://thulanatv.lk/?p=4313 SL vs NZ 2nd ODI 2024 – සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (නොවැ: 17) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. පළමු තරගය, ඩක්ව(ර්)ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර දෙවැනි තරගය අද පස්වරු 2. 30 ට ආරම්භ වීමට නියමිතයි.

]]>
https://thulanatv.lk/sl-vs-nz-2nd-odi-2024-today-at-2-30-pm/feed/ 0
Public Transportation අද සහ හෙට විශේෂ දුම්රිය සේවාවක් https://thulanatv.lk/public-transportation-special-train-service-from-today/ https://thulanatv.lk/public-transportation-special-train-service-from-today/#respond Sun, 17 Nov 2024 05:13:13 +0000 https://thulanatv.lk/?p=4310 Public Transportation – මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්තය අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවට අනුව, අද(නොවැ:17) සහ හෙට(නොවැ:18) සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ දුම්රිය විශේෂ දුම්රිය වාර 7ක් ධාවනය සදහා යොදවා ඇති බව සඳහන්.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වාත්, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය වාර ක්‍රියාත්මක වන අතර කොළඹ කොටුව සිට හික්කඩුව දක්වාත්, මාතර සිට කොළඹ කොටුව දක්වාත්, ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් මෙලෙස විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

]]>
https://thulanatv.lk/public-transportation-special-train-service-from-today/feed/ 0
SL vs NZ 1st ODI 2024 ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායෙන් ලංකාවට ජය https://thulanatv.lk/sl-vs-nz-1st-odi-2024-sri-lanka-wins-by-45-runs/ https://thulanatv.lk/sl-vs-nz-1st-odi-2024-sri-lanka-wins-by-45-runs/#respond Sat, 16 Nov 2024 03:53:47 +0000 https://thulanatv.lk/?p=4307 SL vs NZ 1st ODI 2024 –සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය, ලකුණු 45 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 324 ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කළේ ය. ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනූව නවසීලන්තයට පන්දුවාර 27 ක් තුළ ලකුණු 221ක ඉලක්කයක් ලබා දෙමින් තරගය යළි ආරම්භ වූ අතර එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට, නියමිත පන්දුවාර 27 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 175ක් පමණි.

කුසල් මෙන්ඩිස් තම සිව්වැනි එක්දින ශතකය සමගින් ලකුණු 143 ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු, සිව්වැනි එක් දින ශතකය රැස් කළේ ය.ඩිල්ෂාන් මධුෂංක, කඩුලු 3ක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ සහ නායක චරිත් අසලංක අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.

]]>
https://thulanatv.lk/sl-vs-nz-1st-odi-2024-sri-lanka-wins-by-45-runs/feed/ 0
NPP තුනෙන් දෙක ආණ්ඩුවකට නොදිය යුතු බලයක් https://thulanatv.lk/npp-two-thirds-power-should-not-be-given-to-a-government/ https://thulanatv.lk/npp-two-thirds-power-should-not-be-given-to-a-government/#respond Sat, 16 Nov 2024 02:42:32 +0000 https://thulanatv.lk/?p=4302 NPP – 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 6,863,186ක් ලබාගත් ජාතික ජන බලවේගය, දිස්ත්‍රික් ආසන 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් ආසන 18ක් සහිත තුනෙන් දෙක ඉක්මවූ පාර්ලිමේන්තු බහුතරයක් හිමි කරගෙන තිබේ. සමස්ත ආසන සංඛ්‍යාව 159ක් වූ එය ප්‍රතිශතයක් ලෙස 61.56%කි.

Tilvin SilvaNalinda Jayathissa

මැතිවරණ ජග්‍රහණයෙන් පසු කැඳවා තිබු මාධ්‍ය හමුවක් ඇමතූ, ජාතික ජනබලවේගයේ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් ලබානොදිය යුතු බවට ජනතාව තුළ විශ්වාසයක් පවතින බවත්, තමන් ඉල්ලා නොසිටි ඒ බලය ජනතාව විසින් තම ආණ්ඩුවට ලබාදී ඇති බවත් ය. මෙතැන් සිට, “ජනතාව ලබාදුන් එම අධික බලය පරෙස්සමෙන් පාවිච්චි කිරීමේ වගකීම” තමන්ට පැවරෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ “තුනෙන් දෙකක් වැනි අධික බලයක් ආණ්ඩුවක් ලෙස ඔවුන්ගේ හිසට බරක්” බවය.

]]>
https://thulanatv.lk/npp-two-thirds-power-should-not-be-given-to-a-government/feed/ 0
Court Order පවිත්‍රාගේ වෙඩිතලතිව් ගැසට්ටුව https://thulanatv.lk/court-order-pavithras-vedithalathivu-gazette/ https://thulanatv.lk/court-order-pavithras-vedithalathivu-gazette/#respond Wed, 13 Nov 2024 09:21:08 +0000 https://thulanatv.lk/?p=4299 Court Order – හිටපු වනජීවී ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ඉස්සන් ගොවිපළක් සඳහා විල්පත්තුව වෙඩිතලතිව් රක්ෂිත වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 168ක් මුදා හැරීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන වසරේ ජූලි මස 29 වන දා දක්වා තවදුරට ත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැ: 12) නියෝග කර තිබේ.

වනජීවී ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු වනජීවී විෂය භාර ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබිණි. එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමට නව රජය තීරණය කර ඇති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆස්ලි රසික් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ එස්. තුරෙයිරාජා, ප්‍රදීප් නවාස් සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දී තිබේ.

]]>
https://thulanatv.lk/court-order-pavithras-vedithalathivu-gazette/feed/ 0