Donilaye Amme – Thulana Mag https://thulanatv.lk සයිබරයේ සඟරාමය අත්දැකීම Sun, 01 Oct 2023 12:41:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.7.1 https://thulanatv.lk/wp-content/uploads/2023/03/cropped-Site-Icon-Thulana-TV-32x32.png Donilaye Amme – Thulana Mag https://thulanatv.lk 32 32 Donilaye Amme – 22 දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-22/ Sun, 01 Oct 2023 12:41:09 +0000 https://thulanatv.lk/?p=2645 Donilaye Amme – අද දවස විශේෂ කරලා ගණන් හදනවනම් අපිට කියන්න පුළුවන් කොළඹ පොත් ප්‍රදර්ශනේ අවසාන දවස වගේම ලෝක වැඩිහිටි හා ළමා දිනය කියලා. පොත් ලියන අය සහ විකුණන අය එකතුවෙලා අවුරුද්දකට සැරයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන මේ දවස් දහය ඒ ගොල්ලෝ නම් කරලා තියෙන්නේ ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කියලා. ප්‍රධාන අරමුණ “විකිණීම” වුණත් ඒ කෑල්ල ගැන කොහෙවත් සඳහනක් නැතත්, අදාළ නැති “ජාත්‍යන්තර” කියලා කෑල්ලක් නම් මුලින්ම තියනවා. සමහරු ඕක “පොත් සල්පිල” කියලත් හඳුන්වනවා. හැබැයි ඒක අර පොත් ප්‍රදර්ශනය කියනෙකට වඩා ටිකක් ගැලපෙනවා. මොකද සල්පිලක තියෙන්නේ වැඩි ඉල්ලුමකට භාණ්ඩ විකුණන තරඟයක් නිසා. මට ඔය දවස් කිහිපයේදී මතක් වෙන්නෙම පන්සල් ළඟ මල්කඩ වල ඉන්න ගෑණු දරුවො සහ ඉස්සර කජුගම පාර දෙපැත්තෙ හිටපු කජු විකුණන ගැහැණු උදවිය. පහුගිය කාලෙ මගේ කන් දෙකට ඇහුණේම ඒ අයගේ ටෝන් එකෙන් “එන්නෝ..අපෙනුත් පොත් ගන්ඩෝ..” වගේ කංකරච්චලයක්. තවත් අය ඕක හඳුන්වන්නෙ “පොත් කියවන මාසෙ” කියලා වුණත් මටනම් හිතෙන්නෙම ඒක “කට කියවන මාසේ ” කියලා වෙනස් වුණානම් ගැලපෙනවා කියලා.

“තාත්තේ….”

ඇඳට වෙලා ඉඳගෙන ඉරිදා උදේ ස්මරණය කරමින් හිටපු මගේ කල්පනා ලෝකය චුටි ඒකිගේ හඬින් බිඳිලා ගියා. මං දුවගෙන ඇවිත් ඇඳට පැනපු ඒකිව ලඟට අරන් වාඩි කෙරෙව්වා.

“තාත්තා දන්නවද අද දවසෙ තියන වැදගත්කම..” කෙල්ල ඇහුවේ ටිකක් බැරෑරුම්ව.

“ඔව් පැටියෝ.. අර කොළඹ තියන ලොකු පොත් කඩේ අද වහනවලු නේද.. දැන් ඉතිං අපිට ඊළඟ අවුරුද්ද වෙනකං කනක් ඇහිලා ඉන්න පුළුවන් නේද?”

කෙල්ල මුණ ඇද කරගත්තාමයි මට තේරුණේ මගේ හිතේ තියන සේරම දේවල් එළියට අතාරින්න සුදුසු කෙනා නෙමෙයි මං ළඟ ඉන්නෙ කියලා. ඒ නිසා මං උත්තරේ කෙල්ලගෙන්ම ගන්න හිතාගෙන,

“මයෙ පුතාම කියන්නකෝ ඉතිං..” කියලා කිව්වා.

“තාත්තා ඒකවත් දන්නෑනෙ..අද ලෝක ළමා දිනේනෙ අනේ..” ඇත්තටම එහෙම එකක් මගේ ඔලුවේ තිබ්බේ නෑ තමයි.

“ආහ්..මයේ පුතාට ඒක මතක තිබ්බා එහෙනම්..හොඳ කෙල්ල..” මං ඒකිගේ ඔලුව අතගාන ගමන් එහෙම කීවේ ඇත්තටමයි.

“දැන් දවස් ගානක ඉඳලා ටී .වී එකේ ඇඩ් දානවා.. අද දවසම ළමා චිත්‍රපටි පෙන්නනවා කියලා..මං ආවේ තාත්තව ටී.වී බලන්න එක්කං යන්න..”

අද ලෝක වැඩිහිටි දිනයත් වෙනවා. ඒ නිසා දරුවන්ට යුතුකමක් තියනවා වැඩිහිටියන්ට අද වගේ දවසකවත් නිදහසේ ඉන්න දෙන්න කියලා කියන්න කටට ආවත්, මේ පොඩි ඒකිට ඒවා කියලා වැඩක් නැති නිසා මං කරබාගෙන ඇඳෙන් බැස්සේ කෙල්ල එක්ක ටී .වී බලන්න සාලෙට යනවා කියලා හිතාගෙන. දෝණිලයෙ අම්මා තේ කෝප්ප දෙකකුත් අරගෙන කාමරේට ආවේ ඒ වෙලාවේ.

“කොහෙද මේ තාත්තයි දුවයි දුවන්න සැරසෙන්නෙ?” දෝණිලයෙ අම්මා ඇහුවේ කුකුසකින් අපි දෙන්නා දිහා බලන ගමන්.

“ටී.වී බලන්න..” කෙල්ලට කලින් මගේ කට ඉස්සර වුණා.

“යසයි උදේම තාත්තා දුවත් අරගෙන කරන්ඩ යන වැඩේ..”

“ඇයි?”

“ඇයි අහන්නෙ..හෙට ඉස්කෝලෙට මොනාද බඩු වගයක් අරගෙන එන්ඩ කියල තියනව නේද චුටි…රෑ වෙනකන්ද ඉන්නේ ඒවා හොයන්න යන්ඩ..”

මං කෙල්ල දිහා බැලුවේ ඒ මොනාද කියලා දැනගන්න. ඒකිට ඒවා මතක පාටක් නෑ කියලා ඔලුව කසන කැසිල්ලෙන් තේරෙනවා. මගේ බැල්ම දෝණිලයෙ අම්මා දිහාට යොමුවුණේ ප්‍රශ්නෙ ලිහාගන්න ඕන වුණු නිසා.

“ඇයි අර ගෙදර වැඩ පොතේ ලියලා තියෙන්නෙ පොඩි කළගෙඩියකුයි,ලී කෑලි දෙකකුයි අරන් එන්න කියලා.. හෙට ටීචලා කළගෙඩි නැටුමකුයි,ලී කෙළි නැටුමකුයි කරනවලු ළමා දිනේ සමරන්න..ඒවා මතක නෑ..ටි.වී එකේ යන ෆිල්ම් ටිකනම් හොඳට මතකයි..මෙන්න මෙහෙ එනවා යන්න..”

දෝණිලයෙ අම්මා එහෙම කියලා කෙල්ලට ටොක්කකුත් ඇනලා,ඒකිව කාමරෙන් එලියට ඇදගෙන ගියා. මට හිනා ගියේ ළමයින්ගෙ දිනේ සමරන්න ටිචර්ස්ලා කලගෙඩි,ලී කෙළි නටන්න යනවා කියලා කීවාම. ඒ මදිවට ඒවා කරන්න ඕන කරන දේවලුත් ළමයින්ටම අරන් එන්න කියලා. එක දිගට තිබුණු නිවාඩු දවස් හතරෙන් දෙකක් උන් අමතර පන්ති වල, අනිත් දෙක පන්සලේ පෝයටයි,දහම් පාසලටයි. ඒ මදිවට දවස හතරකට පස්සේ ඉස්කෝලේ යන දවසේ ටිචර්ස්ලා ළමයින්ට කළගෙඩි නැටුම් නටලා පෙන්නන්න යනවා. එක දවසක් කියලා නෑ. දෙමාපියන්ගේ මුළු ජීවිත කාලෙම ගෙවෙන්නේ තමන්ගේ දරුවන්ගේ හෙට දවස ගැන කල්පනාවෙන්. ලංකාවේ මාධ්‍ය කාරයෝ ටිකයි, සමහර ගුරුවරුයි එදාට විතරක් ඕක සමරන්න එක,එක නැටුම් නැටුවට, මේ රටේ බහුතරයක් දෙමව්පියෝ දවසේ පැය විසිහතරම,අවුරුද්දෙ දවස් තුන්සිය හැටපහම දන්න කියන හැම නැටුමම නටලත් දරුවන්ගේ ජිවිත ගොඩදාගන්න බෑ. එහෙව් රටක අවුරුද්දකට එක දවසක් ළමා දිනයක් සමරලා, පොත් ටිකක් විකුණලා කොහොමද ළමයින්ගෙ අනාගතේ හදන්නෙ?

“තාත්තා දැන් එළියට යනවද?” ඒ හඬ අපේ ලොකු කෙල්ලගේ.

“ඇයි ලොකූ?” මං උත්තර දෙනවා වෙනුවට ප්‍රශ්නයක් ඇහුවා.

“නෑ අම්මා කිව්වා නංගිට බඩු වගයක් ගේන්න යන්න වෙයි කියලා..”

“ඔයාගේ වුවමනාව කියන්නකෝ පුතේ..”

“පොත් වගයක් තියනවා ගෙන්නගන්න..”

“මොනාද පොත්?”

“මේ සැරේ සම්මාන හම්බවුණු පොතකුයි,බුක් ෆෙයාර් එකේ හුඟක් කතාවුණු පොතකුයි..”

“දැන් ඉතිං බුක්ෆෙයාර් යන්න කාලයක් නෑනේ..හෙට අනිද්දා වෙද්දී ඕවා බුක් ෂොප් වලට ඒවිනේ නේද?”

“ඒවි..ඒත්..බුක් ෆෙයාර් එකේ ඩිස්කවුන්ට් එක්ක ගන්න තිබ්බලු ගියානම්?”

“මං දන්නවා පුතේ.. අපි මේ සැරේ බුක්ෆෙයාර් ගියේ නෑ..ඒ මට ඔයා එක්ක,නංගි එක්ක,අම්මා එක්ක තියා බුක් ෆෙයාර් එක එක්කවත් තරහක් කේන්තියක් තියන නිසා නෙවේ..ඔයා ඔය කියන පොත් ටික මට ලියලා දෙන්න..මං ලබන සතිය ඇතුළත ඔයාට ඒ ටික ගෙනත් දෙන්නම්. ඒ වගේම මේ වීකෙන්ඩ් එකේ අපි හතර දෙනා කෑමකට එළියට ගිහිං එමු..”

මං එහෙම කිව්වේ ලොකුගේ පිටට තට්ටුවක් දාන ගමන්, කියන්න ගොඩක් දේවල් තිබ්බත්, ඒකි කාමරෙන් එලියට ගියේ ඒ හැමදේම හිතේ හිරකරගෙන බව මට තේරුණා. මේක ආටෝප ප්‍රදර්ශන සමාජයක් ලොකු දුවේ! බාල,තරුණ,වැඩිහිටි,මහළු හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ මායාවේ පැටළිලා. මට ඕනේ උඔලව ඒ ලෝකේ රූකඩ නොකර තියාගන්න. එහෙම වෙනස් විදිහට මේ සමාජය දිහා බලන උඔලයෙ තාත්තා වගේ මිනිස්සුන්ට මේ සමාජය හිනාවෙනවා වගේම ගරහනවා. උන්ට ඕනේ එක ගොඩේ වැටිලා මිත්‍යාවේ,අඳුරේ වෙළිලා ඉන්න. එකෙක් හරි ඒකෙන් ඈත්වෙලා,බේරිලා ඉන්නවට මේ සමාජය කැමති නෑ. මං තාත්තා කෙනෙක් විදිහට මගේ දරුවන්ව පුළුවන් තරම් මේ ආටෝප ප්‍රදර්ශන ලෝකෙන් ඈත් කරලා හදන්න උත්සාහ කරනවා. ඒ ගැන අද උඔලයෙ හිත රිදෙයි තැලෙයි පුතේ! ඒත් දවසක උඔලට සතුටු හිතෙයි. පොකුරක එකක් නොවී තනියම පිපුණු මලක් වෙලා ලෝකෙට සුවඳ දුන්නා කියලා.

“ආඃ…”

දෝණිලයෙ අම්මා එහෙම කිව්වේ ඉටි බෑග් එකක් මගේ දිහාට දික් කරගෙන. මං ඒක අතට අරගෙන ඇරලා බැලුවා. අලුත් තීන්ත සුවඳ දැනෙන පොත් කීපයක්.

“පණ්ඩිත කතා කීවට මං දන්නවා ඔයා පොත් ගුල්ලෙක් කියලා..සන්ධ්‍යා අද බුක් ෆෙයාර් ගියා..එයාට කියලා ගෙන්නගත්තෙ..”

ඇත්තටම ඇස් අග දැවිල්ලකින් වගේ කෙවෙන්න ගත්තා. නිතර නෝක්කාඩු වලින් පිරෙන එයාගේ ඇස්වල ආදරණිය පෙම් පාටක් තිබුණා. ගැහැණියක් කියන්නෙත් කියවිය යුතු පොතක් කියලා කොහෙහරි තැනක ලියවිලා තිබ්බා වහේ මට මතකයි.

]]>
Donilaye Amme – 21 දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-21/ Sun, 17 Sep 2023 11:01:17 +0000 https://thulanatv.lk/?p=2580 Donilaye Amme – පහුගිය අවුරුදු ගාණක් මිනිස්සු හිටියේ හරිම අරාජික, පරාදීන මානසික මට්ටමක. ඒ නිසාම හිත්වල පිරුණු හරි දරුණු හිස්කමක. උපන් දිනේ ඉඳලා යෙදෙන, ජීවිතයේ බොහොම පුංචි අවස්ථා පවා බොහොම ආඩම්බරයෙන්, උත්සවාකාරයෙන් සමරපු මිනිස්සු, පහුගිය කාලයේ සිංහල, හින්දු අලුත් අවුරුද්ද , වෙසක් උත්සවය පවා කොන්දේසී විරහිතව අතෑරලා දාලා හිටියෙ. ඔය ප්‍රධාන ධාරාවේ අවස්ථා දෙක ගත්තත්, හිත කෙලින්ම යන්නේ ඒ හා බැඳුණු අපේ ළමා කාලයට. අවුරුදු කියලා කීවාම ඒ කාලේ දරුවො ඒවට ලෑස්ති වෙන්නෙ මාස ගානකට කලිං. ගෙවල්,දොරවල් අස්පස් කරන, හුණු පිරියම් කරන එකේ ඉඳලා ඒ වැඩවලට දරුවො දායක වෙනවා ඒ කාලේ. අලුත් ඇඳුම් ගන්න, රතිඤ්ඤා, නිලා, අහස් කූරූ ගන්න, ඒවට සල්ලි එකතු කරන්න අස්වනු නෙලපු කුඹුරු වල කරල් අහුලන එකේ ඉඳලා ඒ ළමා කාලය තුළ බලාපොරොත්තුවේ, තෘප්තියේ කොච්චර ආදරණීය හැඟීම් තිබ්බද? වෙසක් කාලය ගත්තත් ඒ වගේ. වෙසක් කූඩූ, සරුංගල්, තොරණ්, සැණකෙළි ඒ සමය හා බැඳුණු උප සංස්කෘතියක් විදිහට දරුවන්ගේ ජීවිතය හා බද්ධ වෙලා තිබුණා. අනිත් කාරණය ඒක හරිම අහිංසක සහ දරුවන්ගේ ජීවිතයට මොබයිල් එකකින් වෙන හානියවත් නොවෙන සුන්දර අවස්ථාවක් වෙලා තිබුණා. ඒත් පහුගිය අවුරුදු හතරකට ආසන්න කාලය තුළ මහ මිනිස්සු තරමටම දරුවොත් තනිකරම ජීවිතයෙන් හෙම්බත් වුණු, හැඟීම් රහිත මිනිස් රූප බවට පෙරළිලා ඔහේ පාවෙවී හිටියා කියලයි මට දැණුනේ. හේතුව ඒ “අරාජික කාලය” විසින් දරුවන්ට විඳින්නට සැලැස්වූ දේවල් ඒ තරමට අමිහිරි හා කටුක දේවල් නිසා.

“තාත්තේ..මෙහෙ එන්නකෝ ඔයාට වැඩක් පෙන්නන්න..”

ලොකු එකී ඇවිත් මගේ අතින් ඇදගෙන සාලය පැත්තට යනකං මං හිටියෙ මිදුලට වෙලා කැරකි කැරකි කල්පනාවක කියලා මට තේරුණේවත් නෑ. සාලෙ මැද චූටී එකී හාෆ්ෂීට් කොලේක ලියපු වැකියක් අල්ලාගෙන ඉන්නවා. මං ළඟටම ගිහිං කියවලා බැලුවා.

“කැටෙං ගත්තු සල්ලි දියං අක්කේ…”

එයා අල්ලං ඉන්න හාෆ්ෂීට් කොලේ එයාගෙ අත් අකුරින් ලියලා තිබ්බ. තව ලියපු කොල කීපයක් බිම දාලා තිබ්බා. ඒවයෙ තිබුණේ මේ දවස්වල නිතර නොයෙකුත් මාධ්‍යවල දකින්නට ලැබෙන අරගලයේ ප්‍රසිද්ධ සටන් පාඨ කීපයක්. මට මේ සිද්ධිය වාර්ථා කරපු ලොකු එකී ආපු උනන්දුව නැතිව, පුදුමෙන් වගේ චූටී එකීගෙ පෝස්ටරේ දිහා බලං ඉන්නවා.

“මොකක්ද ලොකු ළමයා මේ?”

මං ඇහුවෙ, එයා මාව මෙතෙන්ට එක්කගෙන ආපු හේතුව දැනගන්න ඕනේ නිසයි.

“මං යද්දි චූටී මේ පෝස්ටරේ නෙවේනේ තාත්තෙ අල්ලං හිටියෙ..මේහ්..”

ලොකු කෙල්ල එයාගේ මොබයිල් එකෙන් ගත්තු පොඩ්ඩිගෙ ෆොටෝ එකක් මට පෙන්නුවා. ඒකේ තිබ්බෙ බිම වැටිලා තියන එක පෝස්ටරයක්. ඒත් දැන් පොඩි එකී අල්ලගෙන ඉන්නෙ වෙන එකක්. ලොකු එකී නොදැනුවත්ව මෙතන හදිසියේ යමක් වෙලා තියන බව මට තේරුණා.

“ලොකු ළමයා ඔය බිම තියන කඩදාසි ටික එකතු කරලා පැත්තකින් තියන්නකෝ…” කියලා මං පොඩි එකීවත් අරං එළියට ආවා.

“ඔයාද පැටියෝ මේක ඇන්දේ..” මං එන ගමං පොඩි එකීගෙන් ඇහුවා. ඒකී ඔලුව වැනුවා.

“මොකක්ද මේ කැටේ කතාව?”

“දවසක් අක්කා මගෙ කැටෙන් රුපියල් දහයෙ කාසි පහක් ගත්තා, රී ලෝඩ් එකක් දාන්න කියලා..”

“ආහ්… මයෙ පැටියට ඒක ආපහු ලැබුන්නැද්ද අක්කගෙන්?”

“නෑනේ දවස් දෙකකින් ආයෙ කැටේට දාන්නම් කීවා..ඒත් තාම නෑ…”

“ඉතිං ඇයි ඔයා මේ පෝස්ටරයක් ඇන්දෙ..අක්කගෙන් ඇහුවනම් ඉල්ලගන්න තිබ්බනෙ පැටියෝ ”

“අක්ක කීවා මෙහෙම පෝස්ටර් ඇඳලා අල්ලගෙන ඉන්නකොට ටී.වී එකෙන් පෙන්නනවා කියලා…”

ඇත්තටම මට කියන්න දෙයක් හිතට ආවේ නෑ. මං කෙල්ලගෙ ඔලුව අතගෑවා.

“මං පුතාට අක්ක ගත්තු කාසි පහට, දහයක් දෙන්නම් කැටේට දාගන්න..දැන් ඔය පෝස්ටරේ පැත්තකට වීසි කරලා ගිහිං අක්කට,එන්න කියන්නකෝ…”

කෙල්ල ඒක පොඩි කරලා බිම දාලා සාලෙ පැත්තට දිව්වා.

සමහර සරල දේවල් තියනවා සංකීර්ණ ප්‍රතිඵල හම්බවෙන. ලොකු එකීටත් බූමරංගයක් වෙලා වදින්න ඇත්තෙ එහෙම දෙයක් වෙන්න ඕනේ. ඒකනෙ අර අපි කතාවට කියන්නෙ කෙනෙක්ට ඇඟිල්ල දික්කරනකොට ඉතුරු ඇඟිලි හතරම නැවිලා තියෙන්නේ අපේ පැත්තට කියලා.

“තාත්තෙ..”

ලොකු එකී මං ළඟට වෙලා බිම බලාගෙන පොළොව හාරනවා. මං ඒකිගෙ කරට අත දාගෙන ඉස්සරහට ඇවිද්දා.

“මට හිතාගන්න පුළුවන් පුතේ මොකක්ද වුණේ කියලා..”

“අනේ මං හිතුවෙ නෑ තාත්තෙ නංගි එහෙම පෝස්ටරයක් අඳියි කියලා..”

“ඒක තමා පුතේ ලෝක ස්වභාවය..අපි අපේක්ෂා කරන දේට වඩා අයහපත් ප්‍රතිඵල, කෙනෙක් යම් නුසුදුසු දේකට තව කෙනෙක් පෙළඹවීමෙන් නැවත අපිටම ලැබෙන්න තියන සම්භාවිතාව වැඩී..”

“මං ජොලියට ෆේස්බුක් දාන්න ෆොටෝ එකක් ගන්න හැදුවෙ තාත්තෙ..”

“ඉතිං ඇයි ඔයා අර නංගී අල්ලං හිටපු පෝස්ටරේ ෆොටෝ එකක් අරං නොදැම්මේ?”

ආයෙමත් ලොකු එකීගේ මූණ පොළොවට බර වුණා.

“වැරදිකාරයෙක්ට,අපරාධකාරයෙක්ට වුණත් ලැජ්ජා, බය දැනෙනවා පුතේ..අපහසුතාවයට,අවමානයට ඒ ගොල්ලොත් කැමති නෑ.. හැම කෙනෙක්ම කැමති ගෞරවයෙන්, අභිමානෙන් ජීවත්වෙන්න..”

“මට සමාවෙන්න තාත්තේ..මං කරපු දේ වැරදියි කියලා මං පිළිගන්නවා…”

“ඒ වචන ටික ඇහුණාම මට ඔයා ගැන ආඩම්බරයක් දැණුනා පුතේ..තමං වරදක් කරපු බව පිළිගන්න මැළි නොවෙන මිනිස්සු හරිම සුන්දරයි..”

“මට දැන් ඒ වෙනුවෙන් මොනාහරි කරන්න පුළුවන්ද තාත්තේ..”

“වෙච්ව් දේ වෙනුවෙන් මොනා කරත් ආයේ ඒක හදන්න බෑ දරුවො. තරුණ දරුවෙක් විදිහට ආයෙ ඒ වගේ දෙයක් නොවෙන්න වැඩ කරන එක තමා පුතේ දැන් කරන්න තියෙන්නේ..”

මං එහෙම කියලා ලොකු එකීව අතෑරියා. ඒකී ගේ ඇතුළට ගියේ කල්පනාවක ගිලිලා.

“අරගලය” කියන්නේ පෝස්ටරයක් සහ උස් හඬක් විතරක් නෙමෙයි කියනෙක අපි මුලින්ම දරුවන්ගේ මනසට කාවද්දන්නෝනේ. කිසිම තේරුමක් නැතුව දරුවො කරපින්නාගෙන ගෝල්ෆේස් එකේ ඇවිද්දා කියලා, උන්ගෙ අතට සිංහ කොඩියක් දුන්නා කියලා, උන්ට නුසුදුසු සටන් පාඨ උන් ලවා කියෙව්වා කියලා උන්ගෙ අනාගතේ වෙනුවෙන් ලැබෙන “ලබ්බක්” නෑ. ඒක නිකංම නිකං “අනුකරණවාදී ස්ටයිල්” එකක් විතරයි. මේ රට අද තියන තත්වෙට එන්න අපේ වැඩිහිටි පරම්පරාව කරපු ඒ වගේ “ගොබ්බකම්” හුඟක් හේතූ වුණා. අපි ඕනෑම දේක ඉස්සෙල්ලා පාගන්නෙ “රැල්ල”. ඒ රැල්ලට යටවෙන වටිනාකම් කියවගන්න තාම අපිට කවුරුත් උගන්නලා නෑ. ඉතිං කොහොමද ඒවා අපි අපේ දරුවන්ට උගන්නන්නේ. මේ දවස්වල අරගලය ඇතුලෙ ඇහෙන ප්‍රධාන කෑගැසීම තමා මේ “ආණ්ඩුව හැප්පුණේ වැරදි ජෙනරේෂන් එකත් එක්ක” කියනෙක. ඒකත් ටිකක් “උද්දච්ච සටන් පාඨයක්”. ඇත්තටම මේ රට තාම හැප්පෙන්නේ මේ රටේ මිනිස්සුන්ගෙ “ගුහාගත චින්තනයේ මිස්ටේක්” ටික එක්ක. ඒ ගල් යුගේ,එඬේර යුගේ “මිස්ටේක්ස්” තාම “යුරෝපියන් සිටිසන්ස්” තියන ඔය,කියන “ජෙනරේෂන්” එක ළඟත් තියනවා. ඒකයි දුක. අරගලයට ඇවිත්, කැමරාවට පේන්න පෝස්ටරයක් අල්ලං ඉඳලා, තරු පන්තියේ හෝටලේකිං “ඩිනර්” එක අරං ගෙදර ගියාට ඊළඟ “ජෙනරේෂන්” එකට වඩා යහපත් රටක් ගොඩනැඟෙන්නෙ නෑ. ඒක ගොඩනඟාගන්න අපේ පංතියම සූරා කන, හොරාකන ගමේ “ග්‍රාමසේවකගෙ” ඉඳලා ප්‍රාදේශීය සභාවේ සභාපති දක්වා වෙනස් වෙන්නෝනෙ. එහෙම නොවුණොත් ඊළඟ ආණ්ඩුවෙදි නම්,ගම් වෙනස් වෙලා ආයෙත් අලුත් සටන් පාඨ අරං වෙන ජෙනරේෂන් එකකට අරගල භූමියක් හදන්න වෙනවා.

“මරු තාත්තලා, දූලා ටික..”

දෝණිලයෙ අම්මගෙ කටහඬ ආවෙ ගේට්ටුව පැත්තෙං. බඩු මලු ටිකකුත් උස්සාගෙන ගේට්ටුව ළඟ එයා ඉනට අත තියාගෙන. මං ගිහිං ඒ ටික අතට ගත්තා.

“කෝ අර ඩබල..”

“ඇතුලෙ හිටියා..” දෝණිලයෙ අම්මා මං දිහා බැලුවෙ කුකුසකින්.

“දෙන්නත් එක්ක අරගලයක් කරලා ඒක පොඩ්ඩක් අල වෙලා…ඒ හින්ද දෙන්නා දෙපැත්තට වෙලා නිහඬ,සාමකාමී අරගලයක..”

මං දෝණිලයෙ අම්මට අදාළ සිද්ධිය ගැන “ක්වික් අප්ඩේට්” එකක් දුන්නා. ඒවා සාමාන්‍යයෙන් අපේ ගෙදරට අලුත් දේවල් නෙවේ නිසා, එයා සාමාන්‍ය විදිහට අහගෙන ඉඳලා පොදු ප්‍රතිචාරයක් විදිහට ඔලුව එහෙ,මෙහෙ කරා.

“මේහ්.. සුරංග ඔයා සාමාන්‍යයෙන් බොරු කියනව නේද?”

ඒවා ඉතිං අතටම අහුවෙලා තියන නිසා “නෑ” කියනෙක “බෑ” නිසා මං එකඟතාවය සඳහා ඔලුව විතරක් වැනුවා.

“ඒ කියන්නෙ ඔයා අවසානෙට බොරු කියනෙක නවත්තලා දැන් අවුරුදු දහයකට වැඩී?”

“ඔයාට මොකක් හරි අසනීපයක්ද දිනේෂා?”

ඇත්තටම කියන දේ මීටර් නැති නිසා මං එයාගෙන් අවංකවමයි එහෙම ඇහුවෙ.

“නෑ අර හාමුදුරු කෙනෙක් කියලා තිබ්බලුනේ, තාත්තලා බොරු කීවම පවුලට ගෑණු දරුවො ලැබෙනවා කියලා…”

“ඉතිං..”

“නෑ ඉතිං අපිටත් ඉන්නේ දුවලා දෙන්නෙක්නේ..”

“දැන් ඔයා ඔය කියන්න හදන්නෙ මං බොරු කිව්ව නිසා උන් දෙන්නා හම්බවුණා කියලද?”

“නෑ අනේ..අපේ ලොක්කිට දාහතයි…පොඩ්ඩිට දහයයි..මං මේ කල්පනා කරේ..ඔයාගේ බොරු කියනෙක අඩුවුණු පරතරයයි, අනුපාතයයි ගැන..”

මේව විග්‍රහ කරන්න ඉතිං වෙනම අරගලයක් කරන්න එපැයි. ඒ නිසා මං එහෙම කියපු හාමුදුරුවන්ගේ මෑණියන්ට පිං අනුමෝදන් කරලා නිකං හිටියා. මේවා බොරු හෙම නෙවේ. වැලිමඩට අල බහිනවා වගේ ඇත්ත හොඳේ.

]]>
Donilaye Amme – 20 දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-20/ Sun, 10 Sep 2023 06:25:05 +0000 https://thulanatv.lk/?p=2548 Donilaye Amme – ආදරේ පෙන්වන එක,එක සංකේත තියනවලුනෙ. ඔය රෝස මල්, හදවත්, මල්සරා වගේ. ඔය සංකේත ටික එකතු කරලා සමරන්න දිනත් තියනවනෙ. “වැලැන්ටයින් දිනය” එහෙමත් නැත්තං “ආදරවන්තයින්ගේ දිනය” කියන්නෙ එයින් එකක්. මං එහෙම දවස් සමරලා නැති වුණාට, මට ඔය දිනේට ඔය කියන සංකේත එක්ක තෑගි එහෙම ලැබිල තියනව. ඒ නිසා මට ඔය සංකේත ටික එක්කවත්, දිනේ එක්කවත්, සමරන අය එක්කවත් කිසිම “ඇරියස්” එකක් නෑ. හැබැයි ඔය සැමරිලි එක්ක ගොඩනැගුණු උප සංස්කෘති වල “එතික්” එක එක්ක පොඩි “කන්වශේෂන්” එකක් තියනවා. වචන ටිකක් බර නිසා මේක කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක “පණ්ඩිතකමක්” නැත්තං “කුහකකමක්” කියලා. . මේ වෙනකොටත් අපේ ගෙදර උන්දැ ටී.වී එක ඉස්සරහ. දෝණිලයන්දලා මොබයිල් ෆෝන් එක එක්ක. රටේ චැනල් ටිකට සතියක් ගෙවාගන්න “ටොපික්” එකක් හම්බවෙලා. ඒ විතරක් නෙවේ ටියුෂන් ගුරාලට, සෝෂල් මීඩියා නංගිලා, මල්ලිලාට පොඩි බිස්නස් මාකටිං “පොයින්ට්” එකක් ඇවිල්ලා. මට එදා ඉඳලා තිබුණු ප්‍රශ්නෙ ඔය විශේෂ දිනයක විතරක් සමරන, උත්කර්ෂයට නඟන ප්‍රේමය, දයාව, ගෞරවය, රැකවරණය වගේ උදාන වාක්‍ය ටික මිනිස්සුන්ගෙ හිත්වල සදාකාලිකව රැඳෙන්නැත්තෙ ඇයි? කියනෙක. මගේ ඒ සාධාරණ සැකය ආදරවන්තයින්ගේ දිනයට විතරක් නෙවේ. වැඩිහිටි දිනය, ළමා දිනය, කාන්තා දිනය වගේ දවස්වලටත් එනවා.

“මොකෝ සුරංග මහත්තය තනියම බර කල්පනාවක..මං මේ බැලුවෙ වැලැන්ටයින් එක ගැන තාම මොකෝ කට කැඩිච්ච කතාවක් නොකීවෙ කියලා…”

දෝණිලයෙ අම්මා මිදුලට ආවේ මට අවකැපෙන කතාවකුත් කියාගෙන.

“මං මේ කල්පනා කරේ ඔයා මොකද මට තාම රෝස මලක් නොදුන්නේ කියලා…”

“රෝස මල්ම තමා මෙයාට දෙන්න වටින්නෙ කරන වැඩවලට..”

“ඉතිං ඔයා අපි ලව් කරපු කාලේ දුන්නෙ එහෙනම්..”

“ඒ නිසා තමයි අපිට දැන් ළමයි දෙන්නෙක් ඉන්නේ..”

“ආන්න ඔයා හොඳ කතාවක් කීවා, උන් දෙන්නා තමා අපේ ආදරේ හොඳම සංකේතය. අනික මටනම් අපේ කෙල්ලො දෙන්නා රෝස මල් වලට වඩා ලස්සනයි..”

දෝණිලයෙ අම්මා මං දිහා බැලුවෙ යටැහින්. “ඒකෙ තේරුම මොකක්ද” කියන්නා වගේ.

“මේහ්..සුරංග..ඔයා ආසම මල් වර්ගෙ මොකක්ද..”

“වරා මල්..මං පොඩි කාලේ ආසම ඕකේ පොහොට්ටුව අරං “ටික්” ගාලා නළලේ ගහලා පුපුරවන්න..තව කනේරු මල්වලට ආසයි ඒකේ නැට්ට ගලවලා පැණි බොන්න පුළුවන් නිසා….”

“මොන ජාතියේ මනුස්සයෙක්ද දන්නෑ අනේ ඔයානම්..”

දෝණිලයෙ අම්මා මට පිටුපාලා යන්න ගියා. කේන්තියක් නොතිබ්බත්, ඒ ගමනෙ පොඩි නොරිස්සුමක් තියෙන්න ඇති කියලා මට හිතුණා. ඒකයි මං හයියෙන් එයාගේ නම කියලා කතාකරේ. එයා ක්ෂණිකව හැරිලා බැලුවා.

“අමතක වුණා කියන්න..ඉස්සර වගේම තමා…නාරිලතා මල් වලටත් මං කැමතියි..”

ගෙට ඇතුල් වෙන්න ගියපු දෝණිලයෙ අම්මා එහෙමම බැම්ම අයිනේ තිබ්බ ප්ලාස්ටික් ජෝගුවකින් මට දමලා ගැහුවා. මං ඒක අල්ලගත්තෙ හිනාවෙවී. සමහරවිට එයා හිතන්නැති මං එයාව “බයිට්” කරන්න හිතාගෙන ඔය වරාමල්,කනේරු මල් කතාව කිව්වා කියලා. ඇත්තටම නෑ. මට තියනවා ඒ මල් දෙකත් එක්ක ආදරය මුසුවුණු මතක. මං ඉපදුණුදා ඉඳලා වැඩිම කාලයක් හැදුණෙ කිරි අම්ම එක්ක. ඒ මගේ අම්මගෙත්, අප්පච්චිගෙත් අතර තිබුණු විරසකකම් නිසා. එතකොට පවුලෙ හිටියෙ ලොකු නංගී විතරයි. එයත් නිතරම මා එක්ක හිටියෙ නෑ. කෙල්ලෙක් නිසා අම්ම යන තැනක තමා එයත් ඉන්නේ. කිරිඅම්මා දෙමාපියන් හා සමාන ආදරයක් දුන්නත්, දෙමාපියන් සහ සහෝදරයන් නැති අඩුව නිසා, මට තිබුණේ හුදෙකලා ජීවිතයක්. වෙලාවකට මට ඒ හැඟීම හරිම මූසල විදිහට දැණුනා. කිරිඅම්මලයෙ ගෙදර වැට දෙපැත්තෙ හොඳට අතුපතර විහිඳුණු, කහපාට මල් පිරුණු කණේරු පඳුරු දෙකක් තිබුණා. මං එළියෙ වාඩිවෙලා ඔය කණේරු පඳුරු දෙක දිහා බලාගෙන ඉන්නවා. එතකොට තමා මට පේන්න ගන්නෙ කණේරු මල්වල පැණි බොන්න එන හොට දිග නිල්පාට පුංචි කුරුල්ලෙක්. මං ඌට කීවේ “පැණි කුරුල්ලා” කියලා. ඉස්සර ඌ එක පඳුරක පැණි බොද්දි මං අනෙක් පඳුරේ මල් ගලවගෙන පැණි උරා බොනවා. ටික වෙලාවකින් මට ඒකත් එපාවෙනවා. ගේ ඉස්සරහ තිබ්බා පුංචි වැවක්. ඒ වැව් බැම්ම දිගේ තියනවා වරා පඳුරු. සමහර දවස්වල කිරිඅම්මා මගේ නම කියලා කෑගහලා මාව හොයනකං මං ඔය වරා පොහොට්ටු නළලේ ගගහ ඉන්නවා. ආදරය අහිමිවීම ඇතුලෙත් තියනවා, ජීවිතය අපිට දරාගන්න කියලා දුන්නු ආදරණීය පාඩම් දෝණිලයෙ අම්මේ. අහිමිවීම් දරාගන්න බැරි කිසිම මිනිහෙකුට ආදරේ කරන්න බෑ. අපි දරුවන්ට ඉස්සෙල්ලාම උගන්නන්න ඕනේ දරාගැනීම. ඒක ඇතුලෙ තියනවා හිතාගන්න බැරි තරමෙ ආදරයක්. ඒකට කියන්නේ තමා තමන්ට ආදරය කිරීම කියලා. ඒක භාවනාවක් වගේ දෙයක්. සීරුවෙන් ප්‍රගුණ කරන්නෝනෙ දෙයක්. තමන්ට, තමන්ගෙ ජීවිතයට ආදරය කරන්න බැරි කිසිම මිනිහෙකුට බෑ තව කෙනෙක්ගෙ ජීවිතයක් ආදරයෙන් පුරවන්න. එහෙම මිනිස්සු තමා දරුවො මරාගෙන තමනුත් මැරෙන්නෙ. තමන් බලාපොරොත්තු වුණු ආදරය අහිමි වුණාම, ඒ කෙනාගේ ජීවත්වීමේ අයිතියත් සාහසික විදිහට උදුරගන්නෙ. ඒකයි මං කියන්නෙ එක දිනයක් වෙන් කරලා ආදරේ සමරන්න බෑ කියලා. දවසේ පැය විසිහතරෙම, අවුරුද්දෙ දවස් තුන්සිය හැටපහේම අපි ආදරේ කරන්නෝනෙ. තමන්ගෙ ආදරවන්තයට විතරක් නෙවේ. ගහට,කොලට,සතා, සිව්පාවට, රටට,ලෝකෙට සියලූම සත්වයන්ට. ඒත් අපි එහෙම කරනවද?

“අදනං හිතලා, හිතලා හිතේ පොට යන සීන් එකක් තියෙන්නේ..”

ආයෙත් දෝණිලයෙ අම්මා. කේක් කෑල්ලකුයි,තේ කෝප්පෙකුයි අරං ඇවිත්.

“ඔයාට වැලන්ටයින්ද..” මං ඇහුවෙ හිනාවෙලා.

“නෑ….මං දැන් ඉන්නේ වැල යන අතට මැස්ස ගහන ටයිප් එකෙන්..”

“ඔයා අඳුරනවද ඔය මල්සරා කියන හාදයා…”

මං දෝණිලයෙ අම්මයෙන් එහෙම ඇහුවාම එයා ඔලුව දෙපැත්තට වැනුවා.

“දැන් ඔය මිනිස්සු කියනවනෙ මිනිහ මල් ඊතල විඳලා, ආදරේ කරන උන්ට සපෝර්ට් කරනවා කියලා…”

“ඔව් ඉතිං..”

“දැන් ඔය යකා එහෙම ජෝඩු කරපු උන් බැඳලා, ඇරිලා, පවුල් කැඩිලා ඉන්නකොට ඔය මල්සරාව පාරෙදි මාට්ටු වුණොත් එහෙම මොනා වෙයිද..”

“දැන් ඔයාම කියන්නකො ඉතිං වෙන්න පුළුවන් දේ..”

“ඔය යකාගෙ දුන්න අරං..දෙකට නවලා පස්ස පැත්තෙ ගහලා, ළඟම තියන කුණු කාණුවක ඔබයි නේහ්…”

“ඔව් නේහ්.. එහෙනම් මේං මේ ලියුම කියවලා…ඕක ලියපු එකා අහුවුණොත් ඌට මොනාද කරන්නෝනෙ කියලත් මට පොඩ්ඩක් කියන්නකෝ හරිද..”

මගෙ අතේ හතරට නවපු ලියුමක් තියපු දෝණිලයෙ අම්මා යන්න ගියා. මං හිමීට ඒක දිගෑරලා බැලුවා. රෝසපාට සුවඳ කවාපු ලියුම් කොලේක මගේ අත් අකුරු. ලියුම පටං අරං තියෙන්නේ

“ලොවම නිඳන අඳුරු රැයක” කියලා. ,ආශිර්වාදයට තිබුණේ

“සමන් මලින් පවන් සැලේ” කියලා..

ඊට පස්සෙ හදවත් දෙකක් පසාරු කරගෙන යන ඊතලයක් පෑනෙක් ඇඳලා. එක හාට් එකක “සුරා” කියලා ලියලා. අනිත් එකේ “දිනූ” කියලා ලියලා. ඇත්තටම එතනින් එහාට කියවන්න ඕනෙ වුණේ නෑ මට ඒක මං දෝණිලයෙ අම්මගෙන් යාළුවෙන්න අහලා දීපු පළවෙනි ලියුම කියලා තේරුම් ගන්න.

නිකං “රෙදි ඉල්ලෙයි” වගේ හැඟීමක් ආව නිසා මං වටපිට බලලා හිමිං සැරේ ඒක සාක්කුවෙ දාගත්තා.

]]>
Donilaye Amme – 19 දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-19/ Sat, 02 Sep 2023 11:46:56 +0000 https://thulanatv.lk/?p=2496 Donilaye Amme – පහුගිය දවසක ලියනාර්ඩෝ ගැන උගන්නන්න ගිහිං දෝණිලා දෙන්න “ටයිනැනික්” ෆිල්ම් එක බැලුවා කියලා දෝණිලයෙ අම්මට යකා ආරූඪ වෙලා හිටියෙ.

“හරි ඔයා ටයිනැනික් බැලුවෙ අවුරුදු කීයෙන්ද..”

මං එහෙම අහද්දි දෝණිලයෙ අම්මා මං දිහා බැලුවෙ මූණ නරක් කරගෙන.

“දැන් ඒකද මෙතන ප්‍රශ්නෙ..?”

“දැන් මොකක්ද එතකොට ප්‍රශ්නෙ..?”

“ප්‍රශ්නෙ ඔයාගේ ඔය පණ්ඩිතකම් හින්දා මට මේ ළමයි දෙන්නා හදාගන්න බැරි එක…”

“හදන්න මොනාද දැන් ඒ ළමයි දෙන්නගෙ නරක් වෙලා තියෙන්නේ..අනික ඔය ෆිල්ම් එක මං බලද්දි සාමාන්‍ය පෙළවත් ලියලා නෑ….ඒ කාලේ තිබ්බේ වී.එච්.එස්..ඒ කියන්නෙ ඔයා බලන්න ඇත්තෙ ඊටත් අඩු වයසකින් නේද…?”

ඒකටනම් දෝණිලයෙ අම්මයෙ මූණ රතුවුණා.

“දැන් පුළුවන් නම් අපි දෙන්නා ඒක බලපු වයසයි..බලපු හැටියි ගිහිල්ලා අර ළමයි දෙන්නට කියන්න..අනේ මන්දා සුරංග..මටනම් තේරෙන්නෑ ඔයාගේ වැඩ…”

දෝණිලයෙ අම්මා කේන්තියෙන් කුස්සිය පැත්තට ගියා. දෝණිලයෙ අම්මට විතරක් නෙවේ. අපේ හුඟක් දෙමව්පියන්ට නොතේරෙන්නෙ ඒක. අපි දරුවන්ගේ වයස පහු කරලා ආපු විදිහ අමතක කරලා තමා දරුවන්ට උපදෙස් දෙන්නේ. අපිට අමතක වෙන දේ තමා අපේ දරුවො එදාට වඩා සමාජයට විවෘතයි සහ තොරතුරු වලින් යාවත්කාලීනයි කියනෙක. අපිට අයිතියක් නෑ ඒ “අප්ඩේට්” ළමාවිය සහ තරුණවිය “රෙඩිමේඩ්” කරන්න. දරුවන්ගෙන් ලෝකේ ඇත්ත හංගන්න,හංගන්න උන්ට ඒ ගැන තියන කුතුහලය වැඩිවෙනවා. කුතුහලය පිරෙන්න,පිරෙන්න උන්ට ඒක අත්විඳින්න ඕනේ වෙනවා. උන්ගෙ කුතුහලයට වැට බඳින්න,බඳින්න උන් ඒක වෙනත් මාර්ග වලින් හොයන්න,විඳින්න ගන්නවා. විශේෂයෙන්ම ආසියාතික දෙමව්පියන්ට වැරදුණු තැන එතන. තමන් කාලයක විඳපු දෙයක් දරුවො විඳිනවට තියන බය, එක අතකින් කුහකකමක්. දෙමව්පියො හිතනවනම් හැමදේම ඉගෙනගන්න පුළුවන් පෙළපොත් වලින් විතරයි කියලා ඒක තනිකර මෝඩකමක්.

“තාත්තේ..”

චූටී එකී ඇවිත් මං ළඟ ඇඹරෙනවා. මං ඒකීව අරං සැටියෙ පැත්තක වාඩි කෙරෙව්වා.

“ඇයි පැටියෝ…”

“මට අර ටයිනැනික් ෆිල්ම් එක බලන්නෝනේ..”

“ඇයි එදා අක්ක එක්ක බැලුව නේද..”

“භාගයයි බැලුවෙ අම්මා ලැප් එක ඕෆ් කරානේ..”

“කෝ දැන් අක්කා…”

“කාමරේ ඉන්නවා…”

“ඔයා ගිහිං අක්කවත් එක්ක එන්නකෝ…”

මං කියලා ඉවර වෙන්නත් කලිං චූටී එකී කාමරේට දුවලත් ඉවරයි. මං පොඩ්ඩක් හිමීට කුස්සිය පැත්තට ඔලුව දාලා බැලුවෙ දෝණිලයෙ අම්ම කොහෙද කියලා. එයා ෆෝන් එකෙන් නාට්‍යයක් බල,බලා කෑම හදනවා. මං හිමීට සාලෙට එනකොට චුටී එකී අක්කවත් අතින් ඇදගෙන සාලෙට ඇවිල්ලත් ඉවරයි. මං අතින් කීවා දෙන්නටම එළියට යමු කියලා.

“ඈං ලොකු ළමයො…මොනාද එදා අර ලියනාර්ඩෝ කියන හාදයා ගැන හොයාගත්තෙ..”

මං කතාව පටං ගත්තෙ සේපාලිකා ගහ යට බංකුවෙ ඉඳගන්න ගමං. ලොකු එකී, චූටී කෙල්ල දිහා බැලුවෙ කේළමක් හගිස්සන්න ආවා වගේ අරෝවකින්.

“මෙයා තමා කීවේ ෆිල්ම් එක බලමු කියලා…දැන් ඒකත් මගේ පිටිං දැම්මද..”

“හරි ළමයෝ…මං දැන් එන්න කීවේ කේළමක් හගිස්සන්න නෙවේනේ..එදා මොනාද ඔයාලා දෙන්න ඒ ගැන ඉගෙනගත්තෙ කියලා අහලා මටත් දැනගන්න..”

දෙන්නට දෙන්න මූණෙන්,මූණ බලාගත්තා කියන්නෙ ආයෙ ඉතිං ඒකේ අහන්න දෙයක් නෑනේ.

“පේනවනෙ පැටියෝ…අම්මා ලැප් එක ඕෆ් කරපු එකේ වරදක් නෑනේ..අම්මා හිතන්නැති මං ඔයාලට ෆිල්ම් බලන්න කීවා කියලා…”

“ඉතිං ඒ ෆිල්ම් එක ලස්සනයිනෙ තාත්තෙ..”

“ඔව් පුතේ..ෆිල්ම් එක ලස්සනයි..හැබැයි ඔයා දන්නවද ඒ ෆිල්ම් එක හදලා තියෙන්නේ දැනට අවුරුදු සීයකට එකසිය විස්සකට විතර කලිං සිද්ධ වෙච්චි බොහොම දුක හිතෙන ඇත්ත සිද්ධියකින් කියලා…”

“නෑනේ..”

පොඩි එකීගේ කට ඇරුණේ ඉබේටම. මං ලොකු කෙල්ල දිහා බැලුවෙ “දැක්කද” කියනෙක අහන්නැතුව. ඒකී බිම බලාගත්තෙ වරදකාරී හැඟීමෙන්.

“ටයිටැනික් කියන්නේ බ්‍රිතාන්‍ය සමාඟමක් හදපු ඒ කාලේ තිබුණු විශාලතම සුඛෝපභෝගී මඟී නෞකාවක්…ඒකේ පළවෙනි සංචාරය තිබුණේ ඇමරිකාවට..මඟීන් 2200 කට ආසන්න ප්‍රමාණයක් එක්ක නැව පිටත්වුණා. ..අත්ලන්තික් සාගරයෙදි අයිස් කුට්ටියක හැපිලා නැව සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලෙනවා. ..නැවේ හිටපු අයගෙන් 1500කට ආසන්න මඟීන් ප්‍රමාණයක් මැරෙනවා…”

චූටී එකීගේ ඇස්වලින් කඳුළු එළියට පනින්න ඔන්න,මෙන්න වගේ. මං ඒකීගේ ඔලුව අතගාන ගමං ලොකු ළමයා දිහත් ආදරෙන් බැලුවා. ඒකී මං දිහා සමාව ඉල්ලන බැල්මක් දැම්මා.

“ලොකු ළමයා අහලා තියනවා නේද “නැව ගිලුනත් බෑන්ඩ් චූන්” කියලා ජනප්‍රිය කියමනක් තියනවා. ..ඒක හැදිලා තියෙන්නේ ඔය ටයිනැනික් නැව මුහුදුබත් වෙච්චි සිද්ධියත් එක්ක කියලා කතාවක් තියනවා..”

“අනේ තාත්තෙ ඒ කතාවත් කියන්නකෝ…”

චූටී එකී එහෙම කිව්වෙ ලොකු උනන්දුවකින් මගේ ඇඟට හේත්තු වෙන ගමං.

“නැව ගිලෙන බවත්,තමන් මැරෙන බවත් දන්න මිනිස්සු මානසිකව කොච්චර පීඩනේක ඉන්න ඇද්ද…? ඒක අවබෝධ කරගත්තු නැවේ හිටපු සංගීත කණ්ඩායම නැව මුහුදට ගිලා බහින තුරුම නොකඩවා සංගීතය වාදනය කරාලු…පස්සෙ ඒක හාස්‍යයටත් එක්ක “නැව ගිලුනත් බෑන්ඩ් චූන්” කියලා අපි හදාගත්තට..ඒක යටත් කොච්චර දුකක් තියෙන්න ඇත්ද..”

දැන් දෙන්නගෙ කිසිම හාවක්,හූවක් නෑ.

“ඒ ෆිල්ම් එකේ රඟපාපු ප්‍රධාන නළුවගෙ නම තමා ලියර්නාඩෝ ඩී කැප්‍රියෝ කියලා ඔය අක්ක කීවේ පුතේ..අනිත් කෙනා ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙක් වන ලියනාර්ඩෝ ඩා වින්චි..ඒ දෙන්නා එක්කෙනෙක් නෙවේ පුතේ දෙන්නෙක්… ඔයාලා දන්නවද ඩාවින්චි ඇඳපු ලෝක ප්‍රසිද්ධම චිත්‍රය මොකක්ද කියලා..?”

ආයෙත් දෙන්නට දෙන්නා මූණ බලාගත්තා.

“මොනාලිසා තමා ඒ චිත්‍රය..අදටත් ඒක ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙ තියනවලු..වටිනාකම ඩොලර් මිලියන 850කට වඩා වැඩිලු දැන්..”

“ඒකනෙ මං කීවෙ නංගී මේ දෙන්නගෙ සම්බන්ධයක් නෑ කියලා…”

ලොකු කෙල්ල කීවේ ජයග්‍රාහී කටහඬකින්.

“සම්බන්ධයක් තියනවා ලොකු ළමයා…ඒක මං කියවපු කතාවක්..”

ආයෙත් දෙන්නම ඇස් ලොකු කරගත්තා.

“ඔය ටයිනැනික් එකේ නළුවා ලැබෙන්න ඉද්දි එයාගේ අම්මා ඩාවින්චිගෙ චිත්‍ර බලන්න ඉතාලි ගිහිං තියනවලු. ඒ චිත්‍ර බල,බල ඉද්දි තමා ඉස්සෙල්ලාම මෙයා අම්මගෙ බඩ ඇතුලෙ දඟලනවා ඒ අම්මට දැණිලා තියෙන්නෙ..අර අපි කියන්නෙ බඩට පයින් ගහනවා කියලා…”

“අනේහ්..ඉතිං තාත්තෙ..”

“ඉතිං ඒ සිදුවීම නිසාම එයාගේ අම්මා ඒ නළුවට අර “මොනාලිසා” චිත්‍රය ඇඳපු ලියනාර්ඩෝ ඩා වින්චිගෙ නමේ මුල් කෑල්ල “ලියනාර්ඩෝ” කියලා තිබ්බලු..”

දෙන්නගෙම ඇස් අමුතු ප්‍රබෝධයකින් දිලිසුණා මං දැක්ක. ඒත් එක්කම මගේ ඇහැ ගියේ සාලෙ ඉඳලා අපේ කතාවට කන් දීගෙන හිටපු දෝණිලයෙ අම්මා හීන් සීරුවෙ කුස්සිය දිහාට යනවා.

“ෆිල්ම් හදනකොට තනිකරම ඇත්ත කතාවෙන් යන්න බෑ…ඒවා නිර්මාණාත්මකව වෙනස් කරනවා. ..ඇත්ත සිද්ධියේ පදනම තමා බොහෝ දුරට ගන්නේ..ඒකනෙ ෆිල්ම් එක යද්දි “Based on true story” එහෙම නැත්තං “සත්‍ය කතාවක් පාදක කරගෙන” කියලා දාන්නෙ…ඔය ටයිටැනික් ෆිල්ම් එකට වුණත් එහෙම එකතුවෙච්චි ඒවා ඇති. හැබැයි පදනම් කතාව හරියට දැනගෙන ෆිල්ම් එකක් වුණත් බැලුවොත් තමා ගොතපු කතා අහුවෙන්නේ..”

“අනේ තාත්තෙ අපි ඒ ෆිල්ම් එක බලමුකෝ…”

චූටී එකී ආයෙ කෙඳිරි ගාන්න ගත්තා. ලොකු එකී අපහසුවෙන් වගේ මං දිහා බැලුවා.

“ෆිල්ම් බලන්න බැරියැ හිමීට දැන් තුන් කට්ටුව තේ ටිකක් බීලා ඉන්නකෝ…තාත්තණ්ඩිගෙ කතන්දර අහලා මහන්සිත් ඇතිනේ..”

දෝණිලයෙ අම්මා තේ බන්දේසියකුත් අරං අපි ළඟ. තේ එකනම් මේ වෙලාවෙ ටයිටැනික් වලට වඩා රසවත් තමා.

“ලොකූ..තේ බීලා ගිහිං නංගිත් එක්ක අර කාමරේ අස් කරලා දා න්න..ඒක හොඳටම හැඩි වෙලා…”

කෙල්ලො දෙන්නා තේ දෙකත් අරං කාමරේ පැත්තට ගියා. දෝණිලයෙ අම්මා බංකුවෙ පැත්තක වාඩිවුණේ කට කොනක පොඩි හිනාවකුත් තියාගෙන.

“මේහ්..මටත් තියනවා පොඩි කතාවක් “Based on true story” කියන්නද..?”

“ඒ මොකක්ද අප්පේ..?”

“මතකද ලොකූ හම්බෙන්න ඉද්දි දවසක් ඇඳේදී ඔයාගෙ පයින් පාරක් මගෙ බඩේ වැදිලා මාව ඉස්පිරිතාලෙ අරං යන්න වුණා….කොල්ලෙක් හම්බවුණා නම් “සුරා” කියලා දාන්න තිබ්බා නේහ්..ඔයාගෙ ඒ පයිං පාර මතක් වෙන්න..”

මෙන්න මේ වගේ වෙලාවට තමා ඉතිං ගෑණිට පයිං පාරක් අනින්න හිතෙන්න ඉස්පිරිතාලෙ නවතින්න. ඇයි යකෝව් මෙහෙමත් true story මතක් කරනවද.

]]>
Donilaye Amme – 18 දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-18/ Sun, 27 Aug 2023 07:23:37 +0000 https://thulanatv.lk/?p=2457 Donilaye Amme – පත්තරයක් අතට ගත්තොත් තියෙන්නේ භාගෙට භාගයක් දේශපාලන උන්දලාගේ කෙරුවාවල්, එහෙමත් නැත්තං මිනීමැරුම් මංකොල්ල. පත්තරේ ටැබ්ලොයිඩ් එක ගන්න දෙයක් නෑ. නළු,නිළියන්ගෙ විකාර ඕපාදූප. ටී.වී එක දැම්මත් එච්චරයි. චැනල් තුනක් අරං බැලුවොත් එකම ප්‍රෝගෑම් ටික වෙනසකට තියෙන්නේ නම විතරයි. ඒකට හරියන්න සෝෂල් මීඩියා කියලා එකක් ආවා. ඒකෙන් සෝෂල් එකේ ඔලුව හෝදලාම දැම්මා. මිනිස්සු “ට්‍රෙන්ඩින් වන්” හොය හොයා බලනවා. බලන උන් හැමදාම අන්තිමයෝ. එක අතකට චීනය,ජපානය වගේ රටවල් සෝෂල් මීඩියා වලට සීමා පනවලා අරං තියෙන්නේ නිවැරදි තීරණයක් කියලා හිතෙන්නේ ඒවා හරහා අපේ රටේ සිද්ධ වෙන සමාජ පරිහානිය, අදහගන්න බැරි සිදුවීම් සහ අපරාධ ගැන අහන්න ලැබෙනකොට.

“නංගී…ඔයා තවත් කටගහන් ආවොත් නම් මං ඔයාට ගහනවා හොඳේ..”

කාමරේ දිහාවෙන් ලොකු කෙල්ලගෙ සද්දෙ ඇහුණා. අනුමානයක් නෑ දෙන්නත් එක්ක මොකකට හරි ඇවිලිලා.

“පේන්නැද්ද ඔයාගේ දත් ඔක්කොම ඇදයි..ඒකයි නිතරම කියවන්නෙපා කියන්නේ..”

“කමක් නෑ ..ඒවා වැටිලා අලුත් ඒවා එනවනෙ..ඒත් ඔයාට තියෙන්නෙ පොල් දත්..කැතේ බෑ….”

කංකරච්චලේ අහගෙන ඉන්න බැරි නිසා මං ඒ පැත්තට ගියා.

“මොකද දෙන්නගෙ සද්දෙ…එළියට ඇහෙනවා..”

මගේ සද්දෙට දෙන්නම බිම බලාගත්තා. පොඩි එකී හිටියේ පොළොවට රවාගෙන. ලොකු එකී නියපොතුවලින් මේසෙ දිගේ ඉරි අදින්න ගත්තා. මං හෙමින් පොඩි එකී ළඟට ගියා.

“මොකද පැටියෝ වුණේ..”

“අක්කා මට හැමවෙලේම ඇද,කිය,කියා බයිනවා…”

“බොරු කියන්නෙපා නංගී..ඔයා තමා ඕන නැති දේවල්වලට මාත් එක්ක එල්ලෙන්න එන්නේ…”

මං ලොකු එකීට අතින් කීවා පොඩ්ඩක් කළබල නොවී ඉන්න කියලා.

“තාත්තටත් ඉතිං එයාව තමා ලොකු…ඔය හුරතලේ නිසා තමා එයා දැන් ගානට වැඩි…”

මං පොඩි එකීවත් අරං ලොකු එකී ළඟට ගියා. ගිහිං ලොකු එකීගේ කරට අත දාගත්තා.

“මට ඔයාලා දෙන්නව තාම හුරතල් කරන්න පුළුවන් පුතේ..දෙමව්පියන්ට දරු හුරතල් බලන්න වයසක් අදාළ නෑ…අපි යමුකෝ එළියට..දන්නවනෙ අම්මා මෙතෙන්ට ආවොත් කොහොමද හුරතල් කරන්නෙ කියලා…”

මං දෙන්නව අරගෙන සාලෙ මැදින් එළියට යද්දි දැක්කා දෝණිලයෙ අම්මා රෙදි පොට්ටනියක් අරං ගිහිං වොෂින් මැෂින් එකට දානවා. මං කෙල්ලො දෙන්නා එක්ක ගිහිං ටිකක් වත්ත පහලට වෙන්න තියන ගහක් යට පුටු දෙකක් තියලා වාඩිවෙලා පොඩි එකීව ඔඩොක්කුවෙන් තියාගත්තා.

“හරි දැන් කියමුකෝ බලන්න වෙච්චි සිද්ධිය..”

“අර ටයිනැනික් ෆිල්ම් එකේ ජැක් ළඟදී ට්විටර් එකේ දාලා තිබ්බනෙ ලංකාවෙ අලි කුණු කනවා කියලා..”

“ආහ්..එහෙමත් එකක් තිබ්බද..ඉතිං දැන් ඒකට ඔයාලා දෙන්න මොකටද රණ්ඩු වුණේ..?”

“නංගී කියනවා එයා නළුවෙක් නෙවේලු..”

“නෑ ..තමා එයා චිත්‍ර අඳින එක්කෙනෙක්..”

පොඩි එකී සැරෙන් කියාගෙන අක්ක දිහාට හැරුණා.

“හැබැයි ඔය මනුස්සයා ෆිල්ම් එකේනම් චිත්‍ර ඇන්දා වගේ මට මතකයි..”

“දැක්කනෙ..මං කීවා හරි අක්ක පචමයි කියන්නේ..”

“නංගී..නොදන්න ඉටිගෙඩි නොකියා ඉන්නවද..”

“හරි..හරි..දැන් දෙන්නම නිශ්ෂබ්දව මං අහන දේට උත්තර දෙන්නකෝ ..මොකක්ද ලොකු ළමයා ඔය අලි කුණු ඇදපු මනුස්සයගෙ නම..?” මං ඇහුවේ ලොකූ දිහාට හැරිලා.

“ලියනාර්ඩෝ ඩී කැෆ්‍රියෝ..”

“නෑ අනේ..ලියනාර්ඩෝ ඩාවින්චි..”

පොඩි එකී ආයෙත් අක්කගෙ ඇඟට කඩා පනින්න හදනවා.

“මං කීවනෙ පැටියෝ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ…ඔයාලා දෙන්නම හරි..අක්ක කියන කෙනා ජනප්‍රිය බටහිර නළුවෙක්, ඔයා කියන කෙනා ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්..”

දෙන්නම මොහොතකට එකිනෙකා දිහා පුදුමෙන් බලන්න ගත්තා.

“ලොකු ළමයා දන්නවද ලියනාර්ඩෝ ඩාවින්චි ගැන.?”

“තාත්තා කියපු ටික තමා දන්නේ වැඩි විස්තරයක් දන්නෑ…”

“එහෙනම් මෙහෙම කරන්න..ඔයා ඔය ටයිනැනික් හාදයා ගැන දන්නවනෙ..නංගි ඔය හාදයව දන්නැති නිසා මිනිහ ගැනයි, ඔය ටයිනැනික් නැව ගැන ඉතිහාස කතාවයි නෙට් එකෙන් සර්ච් කරලා නංගිට පෙන්නන්නකෝ..”

ලොකු එකී ඔලුව කසන්න ගත්තෙ උගුලකට අහුවුණා වගේ.

“මෙහෙමනෙ පුතේ..නංගිත් ඔය නම අහලා තිබ්බට ඩාවින්චි ගැන දන්නෑනේ හරියට…ඔයා දන්න ලියනාර්ඩෝ ගැන එයාට කියලා දීලා, දෙන්නත් එක්කම ලියනාර්ඩෝ ඩාවින්චි ගැනත් තොරතුරු හොයන්න..එතකොට ඔයාලා දෙන්නගෙ ප්‍රශ්නෙට ඉබේම විසඳුම් ලැබෙනවා…”

දෙන්නත් එක්කම ඔලුව වනලා නැඟිටලා යන්න ගියා. තව ටිකක් එතනම ඉඳගෙන මං ඒ ගැන හිතන්න ගත්තා. තාම ඉගෙනගන්න මගේ දරුවො දෙන්නට විතරක් තියන ප්‍රශ්නයක් නෙවේ මේක. මුළු රටේම දරුවන්,වැඩිහිටියන් නිතර මුහුණ දෙන ප්‍රශ්නයක්. අපි ආසයි වාද කරන්න,පිල් බෙදෙන්න, තමන් කියන දේ තමයි හරි කියලා ඔප්පු කරන්න. අපි කැමති නෑ අනෙකාට ඇහුම්කන් දෙන්න. අනිත් කෙනා දන්න දෙයක් ඉගෙනගන්න. අනෙකාව රසවිඳින්න. සාමුහිකව ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. අපිට ඕනේ තමන් දන්නවා කියලා අනෙකාට අඟවන්න. එහෙම බැරි වුණාම පෞද්ගලිකව අනෙකාගේ චරිතය විනාශ කරලා හරි අපිට ඕනේ දිනන්න. හැබැයි අවසානෙට එක සිද්ධියක් සමාජගත වෙලා, වාද,විවාද වෙලා නිකංම ඒක ඉවරවෙලා අලුත් එකක් ඇවිල්ලා. පරණ එක එහෙම්මම යට යනවා. අලුත් එකට උඩ දදා ගහනවා. කාලෙකින් ඒකත් ගිහිං තව එකක් එනවා. අපි ඒ විදිහට විසඳුම් නැතුව ජනප්‍රිය ප්‍රශ්න එක්ක බොරු,තර්ක විතර්ක වලින් කාලෙ කනවා. ඇක්සිඩන් එකක් වුණාම වාහනේට ගිණි තියනවා. හොරකමක්, අපරාධයක්, අපයෝජනයක් වුණම, ඒ පුද්ගලයව ගස් බැඳලා ගහනවා. එක්කො ඒ පුද්ගලයාව මානසිකව මරලා දානවා. හැබැයි රිය අනතුරු එහෙමමයි. මංකොල්ල,අපරාධ,අපයෝජන මිනීමැරුම් එහෙමමයි. ඒවට කවි,සිංදු ලියලා ටික දවසකින් අලුත් එකට ආයේ ලියනවා. දරුවන්ට උගන්නන්න ඕනේ ඕනෑම දේක හේතුව හොයාගන්න. ආන්න ඒ හේතුවට විසඳුම් දෙන්න. ඔය,අලි කුණු කන ප්‍රශ්නෙ ගැන ටයිනැනික් පෙම්බරා කියන්න කලින් අපේ රටේ පරිසරවේදියො කොච්චර කිව්වද, විදෙස් මාධ්‍ය කොච්චර වාර්ථා කරාද..? අද වෙනකං අපේ රටේ එක බලධාරියෙක්ගෙ ඇස් ඇරුණද ඒ ගැන.. ? අපි දරුවන්ට තේරුම් කරන්නෝනෙ ඒක. වන අලි ප්‍රහාර නිසා මේ වෙනකොට අපේ රටේ දරු පවුල් කීයක් අසරණ වෙලා අනාථ වෙලා තියනවද..? දරුවන්ට තාත්තා, අම්මා.. දෙමව්පියන්ට දරුවො කී දෙනෙක් අහිමි වෙලා තියනවද…? ඒකට වගකියන්න ඕනේ කුසට අහරක් හොයාගෙන ගම් වදින අහිංසක වන අලිද..? අපි දරුවන්ට කියලා දෙන්නෝනෙ කරඬුව අරං යන ඇතා හොඳයි, බඩගින්නට ගම්වදින අලියා නරකයි කියලා නෙවේ. ගෙදර ඇති කරන ෆොමනේරියන් බල්ලා “ෂෝක්”, දඩාවතේ ඇවිදින බල්ලන්ට “පිස්සු” කියලා නෙවේ. බෙදීම් කියන්නෙ මිනිස්සු තමන්ගෙ වාසියට හදාගත්තු දේවල්. කොයි ගොඩෙත් හොඳ,නරක දෙකම තියනවා. අද දරුවන්ට අමාරු ඒ දෙක වෙන් කරලා අඳුරගන්න. දෙමව්පියො බුද්ධිමත් නම් කරන්නෝනෙ ඒක දරුවන්ට කියලා දීලා උන්ගෙ ඇස් සෝබන ලෝකේ, මිත්‍යාදෘෂ්ටික මිනිස් හෙවනැලි වලින් වෙන් කරලා තියනෙක.

“දැන් කීවෙනි මාර්ග ඵලයෙද දන්නෑ නේද ඉන්නේ..”

ඒ දෝණිලයෙ අම්මා. මං සෑහෙන වෙලාවක් කල්පනා ලෝකෙක හිටපු බව තේරුණේ ඒ ප්‍රශ්නෙන්.

“ඔයා දන්නවනෙ මං ඔය ඵලයක් නැති මාර්ගවල යන්නෑ කියලා…”

“ඒක හොඳා එහෙනම් අපි ඵලක්,ප්‍රයෝජනයක් ඇති දෙයක් කතා කරමුකෝ…”

“කියන්නකෝ බලන්න ඔයාම එහෙනම්..”

“දැන් චූටීගෙ ශිෂ්‍යත්ව විභාගෙත් ඉවරයි..අපි මොකක්ද කරන්නෙ ඊළඟට..”

“මොකක්ද කරන්නේ කියලා බලන්න ප්‍රතිඵල එනකං ඉන්නෙපෑයැ….”

“ප්‍රතිඵල එනකං ඔහොම නිකං ඉඳලා හරියනවද අනේ..”

“අවුරුදු පහක් ඔය විභාගෙට කියලා වද දුන්නා මදෑ…අඩුම තරමෙ ප්‍රතිඵල එනකංවත් ඒ ළමය නිදහසේ හුස්ම අරගත්තාවේ..”

“ඔව් තාත්තත් හරි ආසයිනෙ හැම දේකින්ම ලේසියෙන් නිදහස් වෙලා ඉන්න..”

අපේ කතාබහේ අවසාන විනිශ්චය හැමදාමත් මගේ අවාසියට ලැබෙන එක පුරුදු නිසා, මං හිනාවෙවී දෝණිලයෙ අම්මා යන දිහා බලං හිටියා. සෝමලතා සුබසිංහගෙ නාට්‍ය සිංදුවක කොටසක් තියනවා “විභාගෙ තමයි අපේ අභාගේ..” කියලා. අපේ දරුවන්ට මේ තරඟකාරී අධ්‍යපන ක්‍රමය හුරුකරපුදා ඉඳලා උන් ස්වාභාවික ලෝකෙන් ඈතයි. උන්ට හැඟීම්, දැනීම් නෑ. මැෂින් වගේ. “ඔන්” කරද්දි වැඩ. “ඕෆ්” කරද්දි නිදි. අවට ලෝකය උන්ට වගේ වගක් නෑ. පෙළපොත්, විෂය නිර්දේශ, අභ්‍යාස විතරයි ජීවිතේ. කම්පියුටරේකට “හාඩ් ඩිස්ක්” එකක්, මොබයිල් එකකට “චිප්” එකක් දානවා වගේ විෂය නිර්දේෂ පුරවපු, හැඟීම් වලින් තනිකර නිර්වින්දනය කරපු දරු පරපුරක් බිහි කරලා මොකටද..?

“ඇත්තටම ඔයාගේ මොලේ හොඳ නැද්ද සුරංග..”

ආයෙත් දෝණිලයෙ අම්මා. ඇත්ත තමා මෙහෙම කල්පනා කරොත් මොලේ අවුල් වෙන එක ෂුවර්.

“හරි..හරි..යං තේ එකක් බොමු..”

“තේ නෙවෙයි වහ එකක් අරං ගිහිං බලනවා අර ළමයි දෙන්නා මොනාද කරන්නෙ කියලා..”

“ආහ්..ඒකද මං උන් දෙන්නට කීවා ලියනාර්ඩෝ හොයාගන්න කියලා..”

“ඇත්තද..ඔය හොයාගෙන තියෙන්නෙ තාත්තණ්ඩි කියපු විදිහට..”

“මගෙ කෙල්ලො දෙන්නා දස්සයි..අම්මා වගෙ නෙවේ..”

“බම්බුව..ආන්න දෙන්නත් එක්ක ටයිනැනික් ෆිල්ම් එක බලනවා…”

මට ඉබේම කටට ආවේ “හත්තික්කේ..ලියනාර්ඩෝ..” කියලා විතරයි.

]]>
Donilaye Amme – 17 දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-17/ Sat, 19 Aug 2023 08:14:59 +0000 https://thulanatv.lk/?p=2382 Donilaye Amme – අලුත් අවුරුද්දක් කියලා එකක් ආවා. ආවා වගේම වෙනසක් නැතිව දැන් දවස් දහයක් විතර ගෙවිලත් ගිහිං ඉවරයි. ඊට පස්සෙ සිංහල-හින්දු අලුත් අවුරුද්ද එයි, වෙසක් එයි. පොසොන් එයි, නත්තල් එයි. මේ අවුරුද්දත් ඉවරවෙයි. ඉවරවෙන්නැත්තෙ දවසින්,දවස මේ රටේ දෙමව්පියන්ට තමන්ගෙ දරුවන් ගැන තියන ප්‍රශ්න කන්දරාව විතරයි. තියන ප්‍රශ්නෙට තව එකක් එකතුවෙන නිසා, දැන් ඉස්සර වගේ “එකක් ඉවරවෙනකොට තව එකක්” කියලා කියන්නත් බෑනේ. ඉතිං එහෙම තියෙද්දි කටක් ඇරලා තව මිනිහෙකුට සුබ පතන්න පුළුවන්ද “කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!” කියලා. අවංකවම මටනම් ඒක හිතට එකඟව කරන්න බෑ. ආන්න ඒ බැරිකම හින්දාම 2022 අවුරුද්දේ ජනවාරි පළවෙනිදම අපේ ගෙදර ඒ ගැන පොඩි සංවාදයක් ගියා. සංවාදෙට මුල පුරපු සිද්ධිය වුණේ ලොකු එකීගේ නව වසරට සුබ පැතුම්. මං ඒක දැක්කෙ අහම්බෙන්. ඒකී බෙල්ල කඩාගෙන ෆෝන් එකට ඇඟිලිවලින් ඇන, ඇනා හිටපු නිසා මං ටිකක් ළඟට ගියා.

“මොනාද ළමයො ඔය බෙල්ල නවාගෙන කරන්නේ ”

ලොකු එකී ඔලුව කරකවලා මං දිහා බලලා ආයේ මොබයිල් ෆෝන් එකට එබෙන ගමන්මයි උත්තර දුන්නෙ.

“මං මේ යාළුවන්ට නිව් ඉයර් විෂස් යවනව.”

මාත් ටිකක් ළඟින් ඉඳගෙන එයාගේ ෆෝන් එකට බෙල්ල දික් කරලා බැලුවා. කවුරුහරි හදල තිබුණු ඉමේජස්, වගයකුයි, වීඩීයෝස් වගයකුයි කොපි කර,කර එයා මාරුවෙන් මාරුවට යාළුවන්ට ෆෝවඩ් කරනවා.

“ආපහු සුබ පතලා ඔයාටත් යාළුවො ඒකමද එවන්නේ..”

“නෑ අනේ..වෙනස්,වෙනස් ඒවා තියනවා…ඒකයි මං ඔටෝ සෙන්ඩ් දාන්නැතුව සිලෙක්ට් කර,කර දාන්නෙ..”

“ඉතිං ඕකේ තේරුමක් නෑනේ ළමයො…”

“ඇයි…” කෙල්ල මගෙ මූණ දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයකින්.

“ඔය සුබ පැතුමෙන් ඔයාව නියෝජනය වෙන්නෑනේ..ඕක වෙන කවුරුහරි හදපු එකක්නෙ..කෙනෙකුට සුබ පතනවනම් ඒක ඔයා හිතට එකඟව,හැඟීමෙන් කරොත් තමා සුබ පැතීමක් වෙන්නේ..”

කෙල්ල ෆෝන් එක පැත්තක තියලා මං දිහා බැලුවෙ කරදරකාරී හැඟීමෙන් වගේ.

“දැන් තාත්තා කියන්නෙ මං මේ කරන්නෙ ප්‍රයෝජනයක් නැති වැඩක් කියලද..”

“අනේ නෑ පුතේ..කෙනෙකුට හදවතින් සුබ පැතුමක් දෙනවනම් ඒක ඉතාම වටිනවා..”

“එහෙනම් මොනාද මේ කියන්නෙ..”

“ඇයි ඉතිං ඔයාට බැරි ඕක ටයිප් කරලා එක,එක්කෙනාට යවන්න..”

“පිස්සුද තාත්තේ..එහෙම කරන්න ගියොත් මට ඊළඟ අවුරුද්ද එනකං මේක යව,යවා ඉන්න වෙයි..”

“ඒක ටිකක් අමාරුයි නේද..අනික මහන්සියි, කරදරයි වෙලාවක් නෑ නේද?..”

“ඔව්නේ..අනික මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේම ඉන්නවා 3000ත් පැනලා..”

“ඉතිං ඕක අමාරුවෙන් නොකර අතෑරලා දාන්නකො…”

“තාත්තා මොනා කියනවද මන්දා අනේ..”

“මං කියන්නෙ ඇත්ත පුතේ..ඔය ලිස්ට් එකේ ඉන්න තුන්දාහම ඔයා දන්න කියන යාළුවො නෙවේනේ..ඔයාට ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් එවලා ඇක්සෙප්ට් කරපු අය වෙන්නැතිනෙ නේද?.”

“ඔව් ඉතිං..”

“ඔය තුන්දාහෙන් අඩුම තරමෙ සීයක්වත් ඔයාට “එසේම වේවා” කියලා රිප්ලයි කරලත් නැතුව ඇතිනෙ මේ වෙනකං නේද..”

“ඔව් තාත්තෙ ඔව්..මොනාද අනේ ඔයා මේ අහන ප්‍රශ්න..”

“බලන්නකො පුතේ..අපි දෙන්නා මේ ගෙදර අවුරුදු ගානක් ඉන්නවා…මං ඔයාගේ තාත්තා…ඔයා මගේ දුව..ඔයාට අම්මෙක් ඉන්නවා…නංගියෙක් ඉන්නවා…ඔයාට මතක විදිහට අපි එක අලුත් අවුරුද්දක එක, එක්කෙනාට සුබ වේවා කියලා, කියාගෙන තියනවද?..”

කෙල්ල ටික වෙලාවක් කල්පනා කරන්න ගත්තා.

“කෙනෙකුට සුබ පතන එකේ කිසිම වැරැද්දක් නෑ මයෙ පුතේ..ඒත් ඒක කිසිම හැඟීමක් නැතුව ඔහේ කරන්නන් වාලේ, රැල්ලට කරාට ඒක “සුබ” කියන ගොඩට අයිති “පැතීමක්” වෙන්නෑ…”

කෙල්ල ඔලුව කසන්න ගත්තා. ඊට වඩා ඒකිගෙ ඔලුව කන එක හොඳ නැති නිසා මං එතනින් නැඟිට්ටා. එතකොට තමා දැක්කෙ දෝණිලයෙ අම්මා අපේ කතාවට කන්දීගෙන ඉඳල හිමීට එතනින් ලිස්සලා යනවා.

“සුබ නව වසරක් වේවා..!”

මං එයාව පන්නගෙන ගිහිං ඉස්සර කරලා එහෙම කීවා. එයා තොල් දෙක හපාගෙන නතර වෙලා මං දිහා බැලුවා.

“ඒක අවංක, හැඟීමෙන්, හදවතින් ආපු සුබ පැතුමක්ද..එහෙම නැත්තං හද පතුලෙන්ම ගහපු හින්ට් එකක්ද..”

ඇත්තටම ඒක දෝණිලයෙ අම්මගෙන් අහපු හොඳ ප්‍රශ්නයක්..ගන්නවද නැද්ද කියලා නොහිතා මං ඒක එකෙන්ම ගත්තා.

“ඔයා දන්නවනෙ ඔය විෂයෙදි මගේ හැසිරීම..”

“මොකෝ මං නොදන්නෙ..ඒත් ළමයින්ගෙ ඔලුවලට ඒ තරම් ලොකුවට ඕවා පුරවනවට මගේ කැමැත්තක් නෑ සුරංග..එයාලට තේරෙන කාලයක් එයිනේ..එතකං ඔයා ඔයාගේ පාරේ එයාලා දිහා බලං පාඩුවෙ යන්න..”

ඒ කතාවෙ තර්ක කරන්න දෙයක් නැති නිසා මං කරබාගත්තා.

“අම්මා කතා කරා නේද..” දෝණිලයෙ අම්මා ඇහුවෙ මගෙන්.

“ඔව් හැමදාම මේ දවසට ඒ කෝල් එක එනවනෙ..ඔයාටත් කතා කරානෙ..”

“ඔව්..මේහ්…ඒ කියන ඩයරිය කොහෙද තියෙන්නේ අනේ…”

මං උඩ බිම බැලුවෙ ප්‍රශ්නෙ අග,මුල ලිහාගන්න.

“ඔයාලයෙ අම්මා කීවේ හැම අවුරුද්දෙම අවසානේ ඔයා ඊළඟ අවුරුද්දෙ කරන්න ඕනේ වැඩ ඩයරියක ලියනවා කියලා ”

මට හිනාගියෙ ඒ ඩයරිය මතක් වෙලා නෙවේ. ඒකේ ලියපු කිසි දෙයක්, මේ අවුරුද්ද වෙනකං හරියට සම්පූර්ණ කරගන්න බැරිවුණු බව මතක් වෙලා. ඒ එක්කම මට තව අලුතෙන් යමක් මතක් වුණා. ඒකයි ඩයරිය හොයාගෙන කාමරේට ගියේ. හැඟීම් කියන්නෙ මිනිහෙකුට ජීවත්වෙන්න හෝ මැරෙන්න බල කරන සංවේදනා වලට. සුබ පැතුමකින් කරන්නෙත් සතුට උද්දීපනය කරනෙක. ඒකයි ඒක හැඟීමෙන් කරන්නෝනෙ කියලා මං විශ්වාස කරන්නේ. ඩිවයිස් සතුටේ එකම මාර්ගය වෙච්චි අද කාලෙට මැනුවල් සුබ පැතුම් එච්චර “කික්” එකක් නොවෙන්න පුළුවන්. ඒත් සජීවී, සුබ වචන තරම් මිනිහෙක් ආශ්වාදයට පත් කරන්න පුළුවන් වෙන මෙවලමක් මං හිතන්නෑ ලෝකේ කොහේවත් ඇති කියලා. සුබ පැතුම් එන්නෝනෙ දිනුමෙදි විතරක් නෙවෙයි. පරාජයත් සුබ කරන පැතුම් තියනවා. මිනිහෙකුට කඩා වැටුණු වෙලාවක කියලා බලන්න “ඒක අතෑරලා දාපං..උඔට පුළුවන් මීට වඩා දෙයක් කරන්න.. ජයවේවා..” කියලා. ඒ මිනිහගෙ ඇස් දෙකේ දීප්තිය අපිට කියනවා අලුත් කතාවක්. සුනාමියෙදි අහිමි වෙච්චි ජීවිතවලට කණගාටුව ප්‍රකාශ කරනෙක, පාස්කු දින ප්‍රහාරයේදී මියගිය පවුලකට, යුද්ධයේදී මියගිය සොල්දාදුවෙකුගේ ජීවිතය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරනෙක “පැතුමක්” නෙවෙයිද..? ඇයි ඒක සුබ නැද්ද..? ඉපදුණු දවසට, විවාහ සංවත්සරේ දවසට, කාර්,ගෙවල් ගත්තු දවසට විතරද අපි සුබ පතාගන්න ඕනේ. දරුවන්ගෙ ඔලුවෙන් මේ ගොබ්බ මානසික අවපාතය මකන්නෝනේ දෙයියනේ..දෙයියන්ට පලතුරු කවනෙකටයි, චෛත්‍යය වලට රෙදි අන්දන එකටයි වඩා සතුටක් නැති බැරි කෙනෙකුට කන්න ටිකක්, අදින්න ටිකක් දීලා ගන්න පුළුවන් කියලා අපේ දරුවන්ට උගන්නන්න ඕනේ. “පුතේ උඔ දිනද්දි පැරදුණු එකාට සුබ පතපං කියලා” දෙමව්පියෙක් විදිහට දරුවෙක්ට කියලා දෙන දවසක් උදාවේවා..!” කියලා මං මේ අවුරුද්දේ ඩයරි එකේ ලිව්වා. එතකොට තමා ගිය අවුරුද්දේ මං ඩයරියේ ලියලා තිබුණු දෙයක් දැක්කේ.

2021 දෙසැම්බර් 29
——————————–
අද අම්ම මට කොල් එකක් ගත්තා. එයා මෙහෙම කිව්වා. “පුතේ ගෑණු සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනෑ කියලා හිතන්නෙ මෝඩ පිරිමි. ගෑණු සතුටු වෙන්නේ පිරිමි හිතන්නෙවත් නැති පුංචිම පුංචි දේවල් වලින්..”

මං ඩයරියේ ඒ පිටුව කියවලා ඔලුව උස්සද්දි දෝණිලයෙ අම්මා දොරට හේත්තු වෙලා මං දිහා බලාගෙන. මං ඩයරිය වහලා ඒකත් අරං එයා ළඟට ආවා.

“මේ තමා ඔයා අහන – අම්මා කියන – මං ලියන ඩයරිය..”

මං එහෙම කිව්වේ ඩයරිය එයාගෙ අතේ තියලා. ඒ ඇස් කාලෙකට කලිං වගේ ආයෙම ආදරෙන් දිලිසුණා. එයා එහෙමම ඒක අරං ගිහිං මගේ ලාච්චුවට දාලා වහනවා මට ඇහුණේ කාමරෙන් එළියට එද්දි.

]]>
Donilaye Amme -15 දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-15/ Sat, 05 Aug 2023 12:49:17 +0000 https://thulanatv.lk/?p=2159 Donilaye Amme – නිවාඩු දවසක් කියන්නෙ ඉතිං මට මගේ පාඩුවෙ සමරන්න ඕනේ දවසක්. ඉස්සර ඉඳලා මං එහෙමයි. නිවාඩු දවසට මට කිසිම සැළසුමක් නෑ. ඒ මොකද මං එදාට කීයට ඇහැරෙයිද කියලා මංවත් දන්නැති නිසා. තනිකඩ ජීවිතේදී යාළුවො එක්ක නිවාඩු දවසට ගහපු හුඟක් ප්ලෑන් කුඩු වෙන්නෙ උන්ට මාව ඇහැරවගන්න බැරුව. ඉස්සර අපේ අම්මලා, නංගිලා වුණත් නිදාගෙන ඉන්න මාව ඇහැරවන්නෑ කිසිම සාධාරණ හේතුවක් මට ඉදිරිපත් කරන්න බැරිනම්. ඒත් කසාදෙන් පස්සෙ ඒ හුඟක් දේවල් වෙනස් වුණා. දෝණිලයෙ අම්මටත් මං ඇහැරෙනකං මාව ඇහැරවන්නෙ නැති පුරුද්ද යම් ප්‍රතිශතයකට තිබුණත්, කසාද ජීවිතේ ඇතුලේ සමහර කාරණා නිසා, ඒ පරණ පුරුදු බිඳෙන අවස්ථා බහුලව සිද්ධවෙලා තියනවා. සමහර වෙලාවට බැඳීම් වලදී අපි කොටුවෙනවා. නිදහස් ජීවිතය අවහිර වෙනවා. යුතුකම්, වගකීම් කියන ගණුදෙනු එක්ක නැහෙන මිනිස්සු වෙනවා. ඒ ගැන කවුරු මොන “ලොරි ටෝක්”, ” නැව් ටෝක්” දුන්නත් ඇත්ත තත්වෙ කසාද බැඳපු මිනිස්සු තමා හොඳටම දන්නෙ. අදත් ඒ වගේ දවසක්. නිවාඩුව අකාරුණිකව මගෙන් උදුරාගෙන, දෝණිලයෙ අම්මාගේ තියුණු තීරණයක් උඩ, එයාලගෙ මහ ගෙදරට එන්න වුණා, දවල් කෑමකට. හුඟක් ස්වාමි පුරුෂයෝ බිරිඳගේ නෑදෑ පිරිවර ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේ ඇත්තටම හේතුවක් නැතුව. පොදු සමාජ මතය හා යමින් රැල්ලට. ඒත් මට තියෙනවා හරි සාධාරණ හේතූ කීපයක් එහෙම කරන්න. පළවෙනි එක මගේ නිදහස්, අදහස්, විවෘත මතවාද වලින් එයාලා හිත රිදෝගන්න එක. අනිත් එක මං පුරාජේරු සහ පම්පෝරි අහන්න අකමැති එක. ඒ වගේ වෙලාවට මගේ කටට නොහොබිනා වචනයක් ඇවිත් නෑදෑයන්ගේ මූණු ඇදවෙනවට මං එච්චර කැමති නෑ. ඒ ඔක්කෝටම වඩා මං අකමැති දේ එහෙම සිද්ධියක් වෙලා සතියක් ,දෙකක් යනකං ඕක අපේ ගේ ඇතුළේ මාතෘකාවක් වෙලා, දෝණිලයෙ අම්මට මාව වැරදි කාරයෙක් වෙන එක. දෝණිලයෙ අම්මගෙ පොඩි අයිය එයාගෙ පවුලත් එක්ක පදිංචි වෙලා ඉන්නේ මහගෙදරමයි. කෑම පිළියෙල වෙනකං අපි හිටියෙ සාලෙ ටී.වී එකේ යන 2022 අයවැය විස්තරේ බල,බලා.

“ඔන්න අයියේ බිස්නස් එකක් පටංගන්නවනම් දැන් තමා මරු චාන්ස් එක..”

එහෙම කීවේ දෝණිලයෙ අම්මයෙ පොඩි අයියා. කිසිම උනන්දුවක් නැතුව ඔහේ ටී.වී එක දිහා ඇස් ඔබාගෙන හිටපු මං මස්සිනාගේ මූණ දිහා බැලුවා.

“මල්ලිට ඉතිං බිස්නස් දෙක,තුනක් තියනවනෙ..තව එකක් වැඩි නැද්ද.”

“මට නෙවේ අයියට..දැන් ඔය බිස්නස් රෙජිස්ට්‍රේෂන් ෆී එකත් බජට් එකෙන් අඩුකරලා තියෙන්නේ..”

මගේ කට කොනකට හිනාවක් ආවත්, බොහොම අමාරුවෙන් ඒක මං විකාගෙන හිටියා.

“රටේ ව්‍යාපාරයක් කරන්න පුළුවන් වාතාවරණයක් තියනවනම්, ඔය ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුවනම් මහ ලොකු දෙයක් කරගන්න එකක් නෑ මලේ මිනිස්සු..”

මං ඒක කීවේ පුළුවන් තරම් සැර බාල කරලා. ඒ වචන ටිකටත් පොඩි මස්සිනාගේ මූණ ඇකිලෙනවා මං බලාගෙන.

“ඔය රස්සාවෙන් පුළුවන්ද හැමදාම ජීවත්වෙන්න..කෙල්ලො දෙන්නත් එන්න,එන්න ලොකු වෙනවනෙ..කෙල්ලො දෙන්නෙක් කසාද බන්දවනවා කියන්නෙ සුළුවට ගන්න පුළුවන් දෙයක් නෙවේ අයියෙ..”

“මේ තාක් උන් දෙන්නා ලොකු මහත් වුණේ මං මේ කරපු රස්සාවෙන්නෙ මලේ…මං දෑවැදි එක්ක කසාද බැන්දෙ නෑ වගේ, මගේ කෙල්ලො දෙන්නත් දවසක උන්ට ජීවත්වෙන්න පුළුවන් මිනිස්සු දෙන්නෙක් හොයාගනී බං..”

මගේ පුරුදු කට ඉස්සර වුණා. කියපු දේ ඉතිං ආයේ ඇදලා ගන්නයැ. හොඳ වෙලාවට පොඩි නෑනා තේ බන්දේසියක් අරං සාලෙට ආවේ.

“කෑම ලෑස්ති වෙනකං තේ ටිකක් බොමු අයියේ..”

කෑමට කලිං අපිනම් සාමාන්‍යයෙන් බොන්නෙ තේ නෙවේ කියලා කියන්න කට නලියන එක මං වදෙන් පොරෙන් නතර කරගෙන හිනාවෙලා, කරලා නෑනගෙ තේ එක අතට ගත්ත.

“යන්තං ඇති මේ සැරේ අයවැයෙන් ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙ විසඳුවා, නැත්තං අයියලාගේ දෝණිලට තව කාලයක් ඉස්කෝලේ නොයා ඉන්න වෙනවා…”

පොඩි නෑනා එහෙම කියාගෙන ගෙට ගියා. මං හිතන්නෙ එයා එහෙම කියන්න ඇත්තෙ එයාලගෙ දරුවො ඉන්ටර්නැෂනල් ස්කූල් යන නිසයි මගේ දරුවො රජයේ ඉස්කෝල වලට යන නිසයි වෙන්නැති. පොඩි නෑනට දොස් කියලා වැඩක් නෑ. ඕක තමා මේ රටේ බහුතරයක් දෙමාපියන්ගේ අධ්‍යපනය ගැන තියන අවබෝධය. දැන් ඔය අයවැයෙන් අධ්‍යපනයට වෙන් කෙරුවා කියන මුදල් රජයේ පාසල් වලට විතරක් කියලා තමා එයාලා හිතං ඉන්නේ. එයාලා දරුවන්ට උගන්නන්නේ එයාලගෙ සල්ලි වලින් කියලා තමා සල්ලි තියන හුඟක් දෙමව්පියො හිතන්නෙ. ඒක තමා අපේ රටේ අධ්‍යපනයේ තරම. ඇත්ත. අපේ රටේ දරුවො ඉගෙනගන්නෙ දෙමව්පියන්ගෙ දාඩිය මහන්සියෙන්. නිදහස් අධ්‍යපනය කියලා පම්පෝරි ගහන්න බඩකඩෙත්තුවක් අපට තිබ්බට, ඕක කොච්චර නිදහස්ද, හිරවෙලාද කියලා අපිට පහුගිය කාලේ හොඳටම තේරුණා. ලෝකේ අධ්‍යපන ක්‍රමවේදයන් ගැන උදාහරණ අරං අපේ වරිගෙ නහගන්නැතුව අපි නිකමට මෙහෙම හිතමු. ලෝකයම පොදුවේ මුහුණ දීපූ ව්‍යසනයකදී අධ්‍යපනය සම්බන්ධයෙන් ලෝකය සහ අපි ඒකට මුහුණ දීපු හැටි අධ්‍යයනය කරපු ගුරුවරු සහ දෙමාපියො කීදෙනෙක් ඉන්න ඇද්ද අපේ රටේ..?
ඔව්. අපිට අපේ දරුවො තමා ලොකු. එහෙම කියලා තනියෙන් ජාත්‍යන්තර හරි රජයේ හරි ඉස්කෝලයක් දාගෙන උගන්නන්න පුළුවන්ද අපේ රටේ දෙමව්පියන්ට.. ? බෑනේ. ඒ නිසා තමයි අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ එක,එක ආණ්ඩු පත් කරගෙන මිනිස්සු තමන්ගේ දරුවන්ගෙ අනාගතේ හදලා දෙන්න කියලා පත්වෙච්චි ආණ්ඩු වලින් ඉල්ලුවේ. හැබැයි හැම ආණ්ඩුවම උන්ගෙ දරුවන්ගෙ ඇර අපේ දරුවන්ගෙ අනාගතේ වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ..?

“කෑම ලෑස්තියි පොඩි අයියෙ..”

දෝණිලයෙ අම්මා එහෙම කියාගෙන සාලෙට එනකොටත් කවුද හාදයෙක් ගොත ගගහා අයවැය කියවනවා. මායි මස්සිනයි කට ඇරං ඒ දිහා බලං ඉන්නවා.

“සුරංග..යං..”

දෝණිලයෙ අම්ම මගෙ අත් ගොබයක් මිරිකන ගමං එහෙම කිව්වා.

“මස්සිනාලට හම්බෙච්චි මොනාත් නැද්ද දන්නෑ නේ කෑමට කලින් ගන්න..”

මං දෝණිලයෙ අම්මයෙ කණට කරලා එහෙම ඇහුවාම, එයා රවාගෙන ගේ ඇතුළට ගියා.

“පොඩි මස්සිනේ..”

මං මෙලෝ සිහියක් නැතුව අයවැය බලන මස්සිනා පොඩ්ඩට කතා කරා.

“දැන් ඔය බිස්නස් රෙජිස්ට්‍රේෂන් ෆී එකත් අඩු කරා කීව නේද බජට් එකෙන්..”

“ඔව් අයියේ..”

“දැන් ඔය ගුරු විදුහල්පති වැටුප් විෂමතාත් බජට් එකෙන් විසඳපු එකේ උඔ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් දාපංකෝ එහෙනම්, එතකොට ඊළඟ අවුරුද්දේ ඉඳලා මගේ කෙල්ලෝ දෙන්නත් ඒකට දාන්න පුළුවන්නෙ මස්සිනාගෙ ඉස්කෝලේ කියන ෆිට් එකට..”

මස්සිනා පුටුව පස්සට කරලා, වේගෙන් නැඟිටලා ගේ ඇතුළට ගියා. මං කෑම කනවද, තව ටිකක් අයවැය බලනවද කියලා හිත,හිතා සාලෙම හිටියා.

]]>
Donilaye Amme – 14 දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-14/ Sun, 30 Jul 2023 11:11:04 +0000 https://thulanatv.lk/?p=2065 Donilaye Amme – ඊයේ ඉඳලා පත්තර,ටී.වී, රේඩියෝ, සෝෂල් මීඩියා පිරිලා තිබුණේ, අවුරුදු 16 ක දරුවෙක් අතින් සිද්ධ වුණාය කියන රිය අනතුරක් ගැන. ඒ බාලවයස්කාර දරුවගෙ ඉඳලා, හැදූ,වැඩූ දෙමාපියන් දක්වා තමන්ගේ දැනුමේ තරමට විනිශ්චය කරන මාධ්‍ය කෙරුම්කාරයො සහ බුකී විචාරකයො දැකල ඇත්තටම මට ඇතිවුණේ දරුණු කළකිරීමක්. මේ සිද්ධිය ඇහෙනකොටම මට දැණුනේ මං ඒ දරුවගෙ තාත්ත වුණානම් අද මට හිතෙන්නේ මොකක්ද කියලා විතරයි.

“පේනවද මූ හිනාවෙන ලස්සන, මූණේ බයක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ..”

“මුට කලින් ගහන්න ඕනේ මුගේ දෙමාපියන්ට..”

මේ ඒ අනතුර වෙලාවේ එතන හිටපු මිනිස්සු ඒ දරුවට දක්වපු ප්‍රතිචාර. තර්කයක් නෑ. ඒ අනතුර ඛේදවාචකයක් සහ දරුවා කලේ බරපතල වැරැද්දක්. ඒකට නීතීයෙන් දඬුවම් තියෙනවා. ඒවා නියම කරන්න රටේ වගකිවයුතු ආයතන තියනවා. ඊට වඩා කොච්චර අපරාධයක් ඒ දරුවාට සහ පවුලට ඒ මාධ්‍ය හරහා කරාද..? ඒවා නීතීයට පටහැනි නැද්ද..? සදාචාර විරෝධී නැද්ද..? ඔය නීතියයි, සදාචාරයයි බල්ලටම දාමුකෝ. මොකද උඩ තියාගෙන පට්ට ගැහුවට එහෙව් උලව්වක් මේ රටේ ඇත්තෙම නෑනේ. ඔතන හැසිරුණු හුඟක් දෙන දරුවො ඉන්න දෙමව්පියො වෙන්න ඇති. අඩුම තරමෙ මේ ඉන්නෙ තමන්ගෙ වගේම දරුවෙක් කියලා එක මොහොතකට හිතුණනම්, ඔය කටක් අරින්න, කැමරාවක් උස්සන්න කලිං දෙපාරක් හිතනවා. රටේ දරුවෙකුට ඉගෙනගන්න ඉස්කෝලයක් ඇරගන්න බෑ. බොන්න කිරිපිටි ටිකක් ගන්න තැනක් නෑ. පූජකයන්ගෙ,ගුරුවරුන්ගෙ ඉඳලා දේශපාලකයො දක්වා කරපු ළමා අපචාර තොග ගණන් ඉතිහාසයෙ ලියවිලා තියනවා. එහෙව් රටක් අවුරුදු 16ක දරුවෙක් අතින් සිද්ධ වුණු අනතුරක් ගැන තම,තමන්ගෙ උසාවි වල නඩු විසඳනවා.

“මේවා ඇහෙද්දි කෙල්ලො දෙන්නෙක් ඉන්න එක ගැන සතුටු හිතෙනවා සුරංග..”

ඒ මේ අනතුර වෙච්ච වෙලාවේ දෝණිලයෙ අම්මට හිතුණු දේ. ඒ මොහොතෙ මං හිටියෙ කිසිම දේකට ප්‍රති උත්තර දෙන්න පුළුවන් තත්වෙක නෙවේ. ගෑණු දරුවො තමා දෝණිලයෙ අම්මේ අපේ රටේ අනාරක්ෂිතම. සේයා දරුවගෙ, විද්‍ය දරුවගෙ ඉඳලා අද වෙනකොට අවුරුදු දෙකේ,තුනේ ගෑණු දරුවො කොච්චර අමානුෂික විදිහට දූෂණය කරලා මරලා දැම්මද..? ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවකට ආපු දේශපාලකයෙක් ඒ පොඩි දරුවව කොහොමද දූෂණය කරේ කියල, දූෂකයා කියපු හැටිත් හිරිකිතක් නැතුව කීවා දවසක්. ඔය අපරාධ කාරයො කිසි එකෙක්ට නීතිය ක්‍රියාත්මක වුණු ආකාරය ගැන දෙමව්පියො විදිහට අපිට පසු විපරමක් තිබුණද..? වැඩිවිය පැමිණුනු ගෑණු දරුවගෙ ඉඳලා ඒ ළමයගෙ විවාහෙ දක්වා උත්කර්ෂවත් උත්සව. හැබැයි ගෙදරක තනියෙන් ගෑණු දරුවෙක් දාලා යන්න පුළුවන් රටක්ද මේක. බස් එකක පාඩුවෙ ගෑණියෙක්ට හිටගෙන යන්න පුළුවන් රටක්ද මේක. නෑ . මේක එහෙම රටක් නෙවේ. රෑක තියා මහ දවාලක බැඳපු ගෑණියෙක්ටවත් පාඩුවෙ ගමනක්, බිමනක් යන්න ඉඩක් නෑ මේ අපි ඉන්න ධර්මද්වීපේ. හත් දෙයියනේ නීතී ඕනේ ඒවට නෙමෙයිද..? තමන් දුක් මහන්සියෙන් හදපු ගෑණු දරුවගෙ කොණ්ඩෙ බූ ගාලා මහණ කරනව දැකලා එක අම්ම කෙනෙක් තමන්ගෙ පපුවට ගහ,ගහ අඬන වීඩීයෝ එකක් දිහා බලාගෙන දෝණිලයෙ අම්මා සාධුකාර දෙනවා මං දැක්කා මේ ඊයේ පෙරේද.

“අපිටත් දෙන්නෙක් ඉන්නවනෙ..එක්කෙනෙක් මහණ කරමුද..”

මං දෝණිලයෙ අම්මගෙන් එහෙම ඇහුවා. එයා මං දිහා බැලුවෙ ඔරවලා.

“පිස්සුද ඔයාට..”

“ඇයි ශාසනේ දියුණුවට දරුවෙක් පූජා කරනෙක පිනක්නෙ…”

“මගේ උන් පූජා නොකර හිටියා කියලා ශාසනේ දියුණු නොවී තියෙන්නෑනෙ සුරංග..අනික පූජා කරන්න අපිට දුසිම් ගණන් දරුවො ඉන්නවද..”

ඇත්ත දෝණිලයෙ අම්මේ. අර පපුවට ගගහ අඬපු අම්මටත් හිටපු එකම එක දරුවා වෙන්න ඇති සමහරවිට ඒ ගෑණු දරුවා. ඒ අම්මට ඔය දරුවා හදද්දි තිබුණු බලාපොරොත්තු තේරුම් ගන්න ඒ අම්මා ඒ මොහොතේ වට්ටපු කඳුළු ටිකම මටනම් ඇති. අනුන්ගේ දේකදී කයිවාරු ගහන තරම් ලේසී නෑ තමන්ට දෙයක් පරිත්‍යාග කරන්න වුණාම. අනුන්ගේ වේදනාවකට සාධුකාර දෙනවා තරම් ලේසී නෑ ඒ අත්දැකීම විඳිනෙක. තමන් ඒ අත්දැකීම,මොහොත විඳපු දවසට ඔය අනුන්ගේ ඒවයෙදි ලියවෙන පතරංග කවි,කතා, හෑලී ලියවෙන්නෙත් නෑ.

“හැමදාම කියනව ඇඳපු ඇඳුම් එහෙ,මෙහෙ වීසී කරන්න එපා කියලා.. ගෑණු ළමයි වුණාම පිළිවෙලකට හැදෙන්නෝනෙ ලොකූ..”

දෝණිලයෙ අම්මා ලොකු ළමයට මොකක් හරි දේකට දොස් කියනවා ඇහෙනවා.

“දැන් ගෑණු ළමයි විතරක් පිළිවෙලට හැදුණාම මේ රට හැදෙයිද අම්මා..”

එතනින් එහාට දෝණිලයෙ අම්මගෙන් දෝණිට ලැබෙන ප්‍රතිචාරෙ දන්න නිසා, සද්දෙ ඇහෙන්නැති වෙන්න මං පොඩ්ඩක් එතනින් එහාට ආවා.

ලොකු ළමයගෙ කතාවෙ ලොකු ඇත්තක් තියනවා කියලා මට හිතුණා. ඔය පිළිවෙලේදී ගෑණු,පිරිමි බෙදන එකම මහ මුලාවක්. උයන්නෙ, රෙදි හෝදන්නෙ ගෑණු, ළමයි බලාගන්න ඕනේ ගෑණු, ගේ දොර අතුපතු ගාන්නෝනෙ ගෑණු, මල් වවන්නෙ ගෑණු, කේක් හදන්නෙ ගෑණු. ඔය කැටගරි ලිස්ට් එක නිසා තමා හුඟක් ප්‍රශ්න පටංගන්නෙ. පවුල ඇතුලේ “ගවුම හදාගෙන වාඩිවෙන්න” කියන තැන ඉඳලම එයාට තියෙන්නේ පීඩනය. ලංකාවේ අටවගෙන තියන ඔය මහිලා සමිති වලටයි, කුළඟන සමිති වලටයි වැරදුණු තැනත් එතනයි. අදටත් සනීපාරක්ෂක තුවායක් ගන්න ගෑණියෙක් ඉන්න ෆාමසියකට යන්නයි, ඒක අරං බ්‍රවුන් පේපර් බෑග් එකක හොරෙන් ඔතාගෙන එන්නයි වෙලා තියෙන්නෙත් ඒකයි. ඒක වෙනස් කරගන්න බැරි රටේ මොන මඟුලකටද ඔය කාන්තා සංවිධාන..? අපි මුලින්ම සංවිධානය වෙන්නෝනෙ පවුල ඇතුලේ. පවුල් සංස්ථාව තමා දෙමාපියන් සහ දරුවන්. සමහරවිට, ආච්චිලා, සීයලා නැන්දලා, මාමලා ඉන්නත් පුළුවන්. හරි ලේසියි අත්දැකීම් ඇති තැනකින් දෙයක් ගන්න. දරුවො ළං කරන්න ඕනේ පවුල ඇතුලේ අත්දැකීම් තියන වැඩිහිටි පරපුරට. හුඟක් උදවිය ඒකට ලැජ්ජයි. මොකද එයාලා “පොෂ්” නැති නිසා. මං කියන්නෙ ඔය “පොෂ්” කියන හුඟක් උන්ගෙ ඔලුගෙඩි “පුස්”. හැබැයි අපේ අම්මගෙ,අම්මලා, තාත්තගෙ තාත්තලා අත්දැකිම් වලින් ඔය “පොෂ් ” අයට වඩා හුඟක් “උස්”. එයාලගෙත් තියෙනවා බැහැර කළ යුතු දේවල් ඒවා අතෑරලා ගත්තම ඒ අත්දැකීම් වල තියනවා විශ්වවිද්‍යාලයක දැනුම.

“උදේ ඉඳලා තැන්,තැන් වල ගල් ගැහිලා කල්පනාව..මොනාද සුරංග වෙලා තියෙන්නේ..”

දෝණිලයෙ අම්මා අවසානෙට මාව හොයාගෙන ඇවිත්.

“නෑ මං මේ කල්පනා කරේ..”පොෂ්” ගැනයි “පුස්” ගැනයි..”

“පුහ්ං.”

දෝණිලයෙ අම්මගෙ කටිං හිනාව එළියට පැන්නෙ ඒ වගේ සද්දෙකින්.

“ඇයි දැන් ඒකේ හිනාවෙන්න මොනාද තියෙන්නෙ..”

“ඉස්සර ඔයා ඇන්දෙම කලිසමට ෂර්ට් එක යට කරලා, බෙල්ට් එකක් දාලා, පටි සෙරෙප්පු..ඒ මදිවට කමිසෙ උඩ සාක්කුවෙ බෝල්පොයින්ට් පෑනකුත් ගහනවා…”

“ඉතිං..”

“මං තමා ඔයාට ඩෙනිමක්,ටී ෂර්ට් එකක් ඇඳලා සපත්තු දාන්න පුරුදු කරේ….”

යකෝව් මේ ගෑණි “පොෂ්” එකයි “පුස්” එකයි තේරුම් ගත්තු හැටි බලාපල්ලකො.

]]>
Donilaye Amme දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-2/ Sun, 23 Jul 2023 08:17:50 +0000 https://thulanatv.lk/?p=1966 Donilaye Amme

“තාත්තේඒඒඒ…”

චූටී එකී කෑගහගෙන සාලෙට දුවන් එද්දි, මං අතින් බල,බලා හිටපු පත්තරෙත් අතෑරුණා. මං කෙල්ලව අල්ලගත්තෙ වෙච්චි කිසි දෙයක් හිතාගන්න බැරුව.

“අම්මා ගැහුවාආආ..”

මං කට අරින්නත් කලිං කෙල්ල උත්තරේ දුන්නා. ඇත්තටම මං ඉස්සෙල්ලාම පුදුම වුණා. ඒත් එක්කම හිතට කේන්තියක් ආවා. ආයෙත් පාරක් හිතුවා. දෝණිලයෙ අම්මා දරුවෙක්ට අත ඉස්සුවා කියන එක විශ්වාස කරන්න බැරුව.

“කෝ…කොහෙද දැන් අම්මා…”

මං ඒ ප්‍රශ්නෙ ඇහුවෙ අහන්න ඕනේ හින්දා.. කෙල්ල අත දික් කරලා ලොකු කෙල්ලගෙ කාමරේ පැත්ත පෙන්නුවා. මං පොඩි එකීව වඩාගෙන නැඟිට්ටා. ඒකිගෙ කම්මුල් දිගේ කඳුළු බේරෙනවා. මං කෙලින්ම ලොකු කෙල්ලගෙ කාමරේට ගියේ පොඩි එකීවත් වඩාගෙන. කඩාගෙන කාමරේට යන්න ගියත් ඇතුලෙන් ඇහෙන සංවාදේ මාව එහෙමම හිටි තැන නතර කෙරෙව්වා.

“උඔලට සැප වැඩී..තාත්ත කියනෙක ඇත්ත..මං තමා වැරදී..”

“මොකක්ද අම්මේ මං කරපු වැරැද්ද..කෑගහන්න කලිං කියන්න..”

“වැරැද්ද..ගහනවා මං උඔගෙ කණ පැලෙන්න..හිතුවද මං අඳ,ගොළු,බීරී අම්මෙක් කියලා…”

ලොකු එකී යටිගිරියෙන් කෑගැහුවා. තවත් බලං ඉන්න බැරි තැන මං කාමරේට කඩාගෙන පැන්නා. දෙන්නගෙ සංවාදෙ පොඩ්ඩකට නතරවුණේ මගේ හදිසි කඩාපැනීම නිසා. මං දෙන්නා දිහා දෙමාරුවට බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

” දන්නවද ඔයාගේ දෝණියැන්දැ කරලා තියෙන හපංකම..”

දෝණිලයෙ අම්මා මගෙ ඇඟටත් කඩං පැන්නෙ අර පුරුදු තරහෙන්මයි.

“නදීෂා…මට ඉස්සෙල්ලාම කියනවද මොකක්ද මෙතන වුණේ කියලා..”

කිසිදෙයක් තේරුම් ගන්න බැරි නිසා මට එහෙම ඇහුණේ ටිකක් සද්දෙට. දෝණිලයෙ අම්මා මං ළගට ආවේ වේගෙන්. ඒ වේගෙන්ම මොබයිල් ෆෝන් එකක් මගෙ අතේ තිබ්බා.

“ඕං ඕකේ වට්සැප් වල තියෙනවා බලාගන්න එකයි ඇත්තෙ…”

එහෙම කියලා දෝණිලයෙ අම්ම මගෙ අතේ හිටපු චූටී එකීවත් උදුරගෙන කාමරෙන් එළියට ගියා. මං අතේ තියන මොබයිල් එක දිහයි, ලොකු එකී දිහයි බැලුවෙ “මොකක්ද වුණේ” කියලා දැනගන්න. ඒත් ඊට කලිං ලොකු එකී දුවගෙන ඇවිත් මාව බදාගෙන ඉකි ගගහ අඬන්න ගත්තා. මගේ පපුව ඒකීගෙ ඉකි ගහන සද්දෙට දෙදරන්න ගත්තා. මං එයාගේ ඔලුව අත ගගා ටික වෙලාවක් හිටියා. ටිකෙන් ටික එයාගේ ඉකි සද්දෙ අඩුවෙනවා මගෙ පපුවට දැණුනා. මං එයාගේ ඔලුව උස්සලා අරං මූණ බැලුවා. ඇස් හොඳටම රතුවෙලා. මූණ තඩිස්සි වෙලා. කම්මුලේ ඇඟිලි පාරවල් කීපයක් තිබුණා.

“මොකක්ද මයෙ පුතේ මෙතන වුණේ..”

දරාගන්නම බැරි තැන මං එහෙම ඇහුවෙ බැරෑඬි හඬකින්.

“මං කිසිම වැරැද්දක් කරේ නෑ තාත්තා…අම්මා මාව සැක කරනවා…මේං එයා මට ගැහුවත් එක්ක..”

කෙල්ල කීවේ තඩිස්සි වුණු කම්මුල් මට පෙන්නන ගමං. මං කෙල්ලව උරහිසින් අල්ලලා ඇඳේ කොනක ඉන්දෙව්වා. පුටුවක් ඇදලා අරං මාත් එයාට මූණලා ඉඳගත්තා.

“හරි..දැන් පොඩ්ඩක් හුස්ම,කට අරං වෙච්චි දේ තාත්තට කියන්නකෝ මයෙ පුතේ..”

“තාත්ත ඔය ෆෝන් එකේ මැසේජ් බලන්නකෝ…යාළුවෙක් එවලා තියෙන්නේ ”

මං වුවමනාවෙන් නොවුණත් ස්ක්‍රීන් එක එහාට,මෙහාට කරලා, මැසේජ් කීපයක් කියෙව්වා. එතන තිබුණේ, දූගේ පිරිමි යාළුවෙක් එවපු මැසේජස් කීපයක්. බරපතල දෙයක් නොවුණත්, “ගුඩ් මෝනිං” වලිං පටං අරං “කෑවද” “දැන් මොනාද කරන්නේ..” ඉඳලා “ගුඩ් නයිට්” දක්වා සංවාදයක් තිබුණා.

“කවුද පුතේ මේ..”

මං ඇහුවෙ සැහැල්ලුවෙන්.

“එයා තමා මේ සැරේ බෙස්ට් රිසාල්ට් ඉසිපතනෙ ජනිඳු…”

“පුතා කොහොමද දන්නේ…”

“ඩෙබිඩ් එකකදී හම්බවුණේ…”

“ඔයාලා හොඳ යාළුවොද..”

“එහෙමට නෑ තාත්තෙ..ඉඳලා, හිටලා මැසේජ් එවනවා…මාත් පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා එච්චරයි..”

“හරි ඉතිං එහෙනම් එච්චරයි..ඇයි ඔයා මේ අඬන්නේ..”

“අම්මා මං නොකරපු වැරදි කියලා බැන්නා තාත්තේ..ඇත්තටම මට දුකයි…”

කෙල්ල ආයෙමත් මගෙ පපුවට කඩං වැටුණා. මං ඒකීගේ ඔලුව හිමීට අතගාන ගමං කතා කෙරුවා.

“මේ අහන්න මයෙ පුතේ..අම්මගෙ බය සාධාරණයි..එයා ඔයාට ගහපු එක හරියි කියලා මං කියන්නෑ.. ඒත් අම්මලා ඒ හැමදේම කරන්නේ තමන්ගෙ දරුවන්ට තියන ආදරේට..ඔයා දැන් වැඩිවිය පැමුණුනු ළමයෙක්නෙ මයෙ පුතේ… ඉතිං අම්මා බය ඇති ඔයා වැරදි දේක පැටලෙයි කියලා…”

“තාත්තා ඕනේනම් ඔය නම්බර් එකට කෝල් එකක් අරං බලන්න..අපි අතර එහෙම කිසිම වැරදි සම්බන්ධයක් නෑ…ඇයි අම්මට මාව එච්චර සැක…”

“සැක සංකා කා අතරත් ඇතිවෙනවනේ පුතේ..දැන් බලන්න ඔයයි,චූටියි කොච්චර රණ්ඩුවෙලා තියනවද, ගහගෙන තියනවද නිස්කාරණේ, තේරුමක් නැතුව..හැබැයි ඒ රණ්ඩු නිසා ඔයාලා දෙන්නගෙ ආදරේ කවදාවත් නැතිවෙලා නෑනේ… අම්ම ගැනත් එහෙම හිතන්න මයෙ පුතේ…”

කෙල්ල කෙලින්ම බැලුවෙ මගෙ මූණ දිහා. මං ඒකිට හිනාවුණේ හදවතින්ම.

“ඔයා දැන් ගිහිං වොෂ් එකක් දාගෙන එන්න. අපි අද රෑට එළියට යමු කෑමකට..”

මං එහෙම කියලා ෆෝන් එකත් එයාගේ අතට දීලා එළියට ආවා.

දෝණිලයෙ අම්මා සාලෙ චූටී එකීවත් කරපින්නාගෙන ඉන්නවා. ඒකී හොඳටම නිදි. මං බැලුවෙ එයැයිගෙ අම්මා දිහා. ඇස්වල කියාගන්න බැරි වේදනාවක් තියෙනවා. මං කෙල්ලව එයාගෙන් අරං කාමරේට ගියා. දෝණිලයෙ අම්මත් මගෙ පස්සෙන්ම එනවා මට දැණුනා. මං චුටී එකීව ඇඳෙන් තියලා හැරෙනකොට දෝණිලයෙ අම්මා මං ගාව.

” මට මහා බයක් දැනෙනවා සුරංග…”

එයා කීවේ ඇඬෙන්න ඔන්න,මෙන්න තිබුණු හඬකින්. මං එයාගේ කරට අත දාගෙන ඇවිත් සාලෙන් ඉඳගත්තා.

“එතන එච්චර බයවෙන්න තරම් ලොකු දෙයක් නෑ නදීෂා..”

මං කියද්දි වෙනදා වගේ ප්‍රශ්න නාහා, එයා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මගෙ මූණ දිහා බලං හිටියා.

“ඉසිපතනෙ බෙස්ට් රිසාල්ට් ගත්තු කොල්ලා..ඩිබෙඩ් එකකදි අඳුරගෙන තියෙන්නේ..මේ නිකං මැසේජ් කරනවා…අපේ එකී ඊට පස්සෙ දැකලවත් නෑ..”

” එහෙම තමා අනේ ඕවා පටං ගන්නේ…”

“ඔව්..මං නෑ කියන්නෑ…ඒත් ඒවා පටං ගන්නවද, එතනින්ම නතර කරනවද කියලා අපිට පුළුවන් තීරණය කරන්න..”

දෝණිලයෙ අම්මා ඇස් ලොකු කරං මං දිහා බලං හිටියා මිස, එක වචනයක්වත් කීවේ නෑ.

“අපි ඔය කාලේ පහු කරලනෙ ආවේ නදීෂා…හිතට එකඟව කියන්න..ඔයාගේ අයියලා, අම්මා විරුද්ධ නොවුණානම් ඔයා මා එක්ක මෙහෙම එයිද..නෑනේ..ඒ විරුද්ධකම් අපේ සම්බන්ධෙට ආශිර්වාදයක් වුණා නේද..”

දෝණිලයෙ අම්මා සෑහෙන කාලෙකින් අහපු ප්‍රශ්නෙකට ප්‍රති උත්තර නොදී බිම බලාගත්තා.

“හුඟක් දේවල් වෙනවද,නැද්ද කියලා තීරණය වෙන්නේ අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිහෙන්..ඒ නිසා අපි මේක නොවෙන දෙයක් කියන තැනට දරුවගෙ හිත යොමු කරමු..”

“එහෙනම් මං රෑට කන්න මොනාහරි හදන්නම්…”

දෝණිලයෙ අම්මා නැඟිට්ටේ එහෙම කියාගෙන. මං එයාගේ උරහිසෙන් අල්ලලා නැවැත්තුවා.

“එපා..අපි අද කෙල්ලො දෙන්නා එක්ක එළියට ගිහිං මොනාහරි කමු..ඔයත් වොෂ් එකක් එහෙම දාගෙන ලෑස්ති වෙන්න..”

වෙනදා මේ වගේ වෙලාවට කියන්න දාහක් දේ එන එයාගේ කටට, අද එක වචනයක් ආවේ නෑ. කරබාගෙනෙ නැඟිටලා කාමරේ දිහාට ගියා. දරුවන්ගෙ ප්‍රශ්න වලදි දෙමාපියො විදිහට අපිට නොදරුවො වගේ තීරණ ගන්න බෑ තමා දෝණිලයෙ අම්මේ. ඒත් මේ සමාජය ඇතුලේ දරුවො අපිට වඩා අප්ඩේට්. සමහර වෙලාවට අපි හිතනවට වඩා තුන් ගුණයක් ඉහලින් උන් හිතනවා. ඒක හොඳ පැත්ත වෙන්නත් පුළුවන්, නරක පැත්ත වෙන්නත් පුළුවන්. හැමතැනම තියෙන්නේ වැරදි පූර්වාදර්ශ. දරුවො දන්නෑ තෝරාගැනීම. ඒක තීරණය වෙන්නෙ උන් ඉන්න පීඩනය මත. හැම වෙලේම උන්ව ඒ පීඩනයෙන් මුදවලා තියන්නෝනෙ. දරුවෙක්ට වැරදි තීරණයක් ගන්න තියන ඕනෑම ඉඩකඩක් ඇහිරෙනවා උන්ගෙ පැත්තෙ කවුරු නැතත් දෙමව්පියො, සහෝදරයො ඉන්නවා කියලා උන්ට දැණුනාම. අපි අපේ දරුවන්ට දෙන්න ඕනේ ඒ ශක්තිය සහ ආදරය. ඒක තියනකං මේ ලෝකේ කාටවත් අපේ දරුවො නොමඟ යවන්න බෑ දෝණිලයෙ අම්මේ. මං චමියට කෝල් එකක් ගත්තා.

“මචං..කැසබලංකා එකේ ෆැමිලි රූම් එකක් බුක් කරපංකෝ ජෙගාට කියලා..අද නඩු නැතුව අඩියක් ගහන්න චාන්ස් එකක් තියනවා..”

]]>
Donilaye Amme – 12 දෝණිලයෙ අම්මේ https://thulanatv.lk/donilaye-amme-12/ Sun, 16 Jul 2023 06:29:11 +0000 https://thulanatv.lk/?p=1860 Donilaye Amme – උදේ ඉඳලම වැස්ස “චුරු චුරු ” ගාලා පටං ගත්ත එක දැන් නාකපන්න වහිනවා. මුළු පලාතම මහ අඳුරක ගිලිලා. ඒ අඳුර මකාගෙන සැරින් සැරේ පොඩි විදුලි එළි රේඛාවක් කළුවර කපාගෙන ඇවිල්ලා යනවා. ඉස්සර අපි පොඩි උන් කාලේ මේ විදුලිය කොටනකොටම කන් දෙකට ඇඟිලි ගහගෙන ගේ මුල්ලට ඇකිළිලා ඉන්නවා අකුණ පත්තු වෙනකං. බයකට වඩා අපිට තිබ්බේ ඒ මොහොත අත්විඳීමේ සතුට. ඉස්සර අපේ ගෙවල්වල වැස්ස එක්ක බද්ධ වුණු හරි අපූරූ සිදුවීම් සිද්ධ වෙනවා. අපේ අප්පච්චි තමා අහස දිහා ටික වෙලාවක් බලං ඉඳලා වළාකුළු කියවලා. “අදනම් වහින පාටක් තියෙන්නේ” කියන අනාවැකිය මුලින්ම කියන්නේ. ඒක අද කාළගුණික දෙපාර්තමේන්තුවේ එකට වඩා අපිට ෂුවර්. අප්පච්චි ඕක කියලා ටික වෙලාවක් යද්දි අම්මා රෙදි වැල්වල තියන රෙදි ටික ඔක්කෝම එකතු කරං ගෙට යනවා. එළියේ වනලා තියන, වී,කව්පි,මුං, ඉරිඟු මාගල් වගේ දේවල් ගෙට දාලා, ඇරලා තියන දොර ජනේල් වහනවා. වැස්සට කලිං ගේ ඇතුලෙ තියන අලවංගු, කැති, උදලු වගේ ලෝහ භාණ්ඩ එළියෙන් තියන්නේ අකුණු උවදුරු වලින් ආරක්ෂා වෙන්න කියලා. ඒ විතරක් නෙවේ, වැස්සට ගෙට ගොඩවෙයි කියලා හිතෙන බල්ලෙකුට, පූසෙකුට ලගින්න ඉස්තෝප්පුවෙ මුල්ලක ගෝණි කඩමාළු දෙක තුනක් එලලා තියනවා. මේ කිසිම දෙයක් අපිට ඉස්කෝලේ විෂය නිර්දේශ වලින් උගන්නපුවා නෙවේ. මේ තමා නියම සමාජ අධ්‍යයනය සහ පරිසර අධ්‍යයනය. දරුවෙකුට පාරිසරික සාධක දිහා ඇහැ ගහං ඉඳලා ඉගෙනගන්න පුළුවන් දේවල් අද අපේ විෂය නිර්දේශ වල නෑ. ඒකයි අද දරුවො පරිසරයෙන් වියුක්ත වෙලා, තාක්ෂණික මෙවලම් එක්ක බද්ධ වෙන්න හේතුව.

” මොකෝ මේ කවදාවත් නැතුව නිවාඩු දවසෙ උදේම නැඟිටලා..”

දෝණිලයෙ අම්මා දුම් දාන කෝපී කෝප්පෙකුත් එක්ක ඉස්තෝප්පුවෙ.

” කලිං ඇහැරුණා…නින්ද යන්නැති නිසා එළියට ආවා..”

“ඔයාලට තියෙන්නේ ඒ වගේ ලෙඩ තමා ඉතිං…”

දෝණිලයෙ අම්ම එයාට පුරුදු වචන හරඹෙ පටං ගත්තා.

“මොකක්ද දැන් මට තියන ලෙඩේ..”

“අපිට මේ තියන වැඩ කන්දරාවත් එක්ක නිදාගන්න වෙලාවක් නෑ. ඔයාට ඕෆ් දවසෙවත් නිදාගන්න පිනක් නෑ…”

“කෝ මේ ළමයි දෙන්නා..තාම නිදිද…”

මාතෘකාව වෙනස් කරනෙක ඇඟට ගුණ නිසයි මං එහෙම ඇහැව්වේ.

“නැතුව ඉතිං මේ නිවාඩු දවසේ උදේම ඇහැරවගෙන මොනා කරන්නද අනික මේ වැස්සේ..”

“ඔයා පොඩි කාලේ වහිද්දි මොනාද කළේ…”

“හොඳට පොරවගෙන නිදාගත්තා අනේ..වෙන මොනා කරන්නද…”

එහෙම කියලා දෝණිලයෙ අම්මා කුස්සිය පැත්තට ගියා. වැස්ස ගැන එයත් එක්ක මගේ මතක බෙදාගන්න තිබ්බ අදහස අතෑරලා මං ගේට්ටුවෙන් පාර දිහා බලාගෙන කෝපි එක තොල ගෑවා. පාට,පාට කුඩ යටින් එහෙ,මෙහෙ යන මිනිස්සු එක්ක මං හබරල කොල, කෙහෙල් කොල යට ඇවිදින මිනිස්සු දැක්කා. රේන් කෝට් අන්දවාගෙන ළමයි එක්ක පාරේ යන අම්මලාගෙන් මං චීත්ත පොටෙන් මාව වහගෙන වැස්සෙන් මාව ආරක්ෂා කරපු අපේ අම්මව දැක්කා. වැස්සට පැනලා, තෙමිලා, මඩ නාගෙන ඇවිදින මායි,මගෙ නංගිලා දෙන්නගෙයි, මල්ලිගෙයි පොඩි කාලේ දැක්කා. අවදිවෙන්න ඕනේ වෙලාවේ, ඇද උඩ පොරෝනයකට ගුලි වුණාම දරුවන්ට ලෝකේ කොච්චර දේවල් මඟෑරෙනවද කියලා හිතිලා උන් වෙනුවෙන් මට හීල්ලුණා.

“මං බැලුවා මොකක්ද මේ අමුතු ගඳක් එන්නේ කියලා.. මෙන්න මූව එළියට දාන්න සුරංග..”

දෝණිලයෙ අම්ම එහෙම කියාගෙන ආයෙ ඉස්තෝප්පුවට එනකොටයි මං දැක්කෙ “ලකියා” තෙමීගෙන ඇවිත් ඉස්තෝප්පුවෙ වක වහගෙන නිදි කියලා.

“ඒ සතා මේ වැස්සෙ කොහෙ යන්නද අනේ..ඕං ඔහෙ හිටපුවාවේ..”

“සත්තුන්ටයි,අපිටයි එකට ඉන්න පුළුවන්ද අනේ..ඕකව අර එළියේ ගබඩා කාමරේට දාන්න විකාර නැතුව..”

එහෙම කියලා දෝණිලයෙ අම්මා මගෙන් හිස් කෝප්පෙත් අරං ආයේ ගෙට ගියා. මං ලකියා දිහා බැලුවා. කොහෙහරි ඇවිදලා හොඳටම තෙමිලා. වෙව්ල,වෙව්ලා නිදි. මං ළඟට ගියාම නගුට වනලා ඔලුව උස්සලා බැලුවා. ඒත් නැගිට්ටේ නෑ. මං ගෙට ගිහිං පරණ රෙදි කෑල්ලක් අරං ඇවිත් ඌගේ ඇඟ උඩින් දැම්මා. චූටී එකී නිදි ඇස් වලින් සාලේ මැදින් ඇවිදගෙන එනවා දැක්කේ එතකොට.

“ඔයා ඇහැරුණාද පැටියො.. එන්නකෝ ටිකක් මෙහාට…”

මගේ කටහඬට ඒකී නිදි ගැට කඩ,කඩා ඉස්තෝප්පුවට ආවා.

“හුඟක් නිදාගෙනනෙ මයෙ කෙල්ල…”

මං චූටි එකීව ඔඩොක්කුවෙ ඉන්ඳවගන්න ගමං ඇහුවා.

“වැස්සෙ සද්දෙට නින්ද යන්නෑ තාත්තෙ…”

“ඒකනෙ වැස්ස ඇහැරිලා බලන්න ඕනේ එතකොටයි ලස්සන….”

“ඒ වුණාට වහිද්දි කම්මැළියි නේ තාත්තේ…”

“මයෙ පුතා දන්නවද වැස්ස නැති රටවල් කොච්චර තියනවද..ඒ රටවල මිනිස්සු වැස්සට කොච්චර ආදරේද කියලා..”

“එයාලටත් වැස්ස දිගටම තිබ්බොත් කම්මැළි හිතෙයි නේ ඒ වුණාට…”

“අපිට දෙයක් ඉබේම ලැබෙනකොට ඒකේ වටිනාකමක් නෑ පුතේ..ඒ රටවලට වැස්ස ඕනේ වුණාම ඒ ගොල්ලෝ කෘතීම වැහි වස්සනවා…”

“ඒ කිව්වේ…”

“දැන් මේ අපිට වගේ ඉබේ වැහි නැති නිසා, වැහි වලාකුළු රසායනික ක්‍රම වලින් හදලා වැහි වස්සනවා….”

පොඩි එකීගේ ඇස් පළල් වුණු විදිහෙන්ම මං දැනගත්තා ඒකීට “කෘතීම වැහි” තේරුණ්නෑ කියලා.

“පුතා දන්නවනෙ සමාධිගෙ අම්මා…”

“ඔව් එයාගෙ අම්මා ඉන්නේ කුවේට් වලනෙ..”

“ආන්න හරි..ඒ වගේ රටවල් වලට අපිට වගේ වැස්ස නෑ… තාත්‍තගෙත් යාළුවෙක් ඉන්නවා කටාර් වල…”

“ඉතිං…”

දැන් කෙල්ලට කතාවට පොඩි උනන්දුවක් ඇතිවෙලා කියලා මට තේරුණා.

“ඒ මාමට නිදාගන්න ඕනේ වුණාම, රෙකෝඩ් කරපු වැස්සක සද්දයක් හයියෙන් දාලා නිදාගන්නවලු….”

“ආහ්ං..මං බැලුවා මේ ළමයා කොහෙද කියලා…කුණු,කෙළ පිටින් කතන්දර අහනවද..මේං මෙහෙ එන්න මූණ,කට හෝදගන්න…”

දෝණිලයෙ අම්මා අපි අතරට ආවේ එහෙම කියාගෙන. පොඩි එකී මගෙ ඔඩොක්කුවෙන් පැනලා අම්මා එක්ක ගියා.

දරුවො මල් වගේ කියලා තමා හැමෝම කියන්නේ. ඒ කියමන හින්දා වෙන්නැති අම්මලා දරුවො එක්ක මේ තරමට නැහෙන්නේ. මල් කොච්චර මටසිලිටි වුණත් පිපෙන්නේ හුඟක් ලොකු පීඩන දරාගෙන. හැමෝම උදාහරණෙට ගන්නෙ රෝස මල් කටු අග පිපෙනවා කියනෙක. හැබැයි කටුක බව දරාගෙන පිපෙන වරාමල්, කරඹ මල්, දහස්පෙතියා, පිච්ව මල්..ඒවා මල් නෙවෙයිද ? ඔව්..දරුවො මල් නම්, පාරිසරික හේතූ මත, පවුල් පසුබිම මත කොටින්ම හැකියාව, නොහැකියාව මත උන්ගෙ ජීවිත වෙනස් වෙනවා. අවම පහසුකම් යටතේ වගේම උපරිම පහසුකම් යටතෙත් හැදෙන දරුවො ඉන්නවා. හරියට පාත්ති වල සාත්තු කරලා හදන මල් වගේම කැලේ ඉබේ පිපෙන මලුත් තියනවා වගේ. වෙනසකට තියෙන්නේ සාත්තු කරලා හදන මල් වලට වඩා, ඉබේ හැදෙන මල් වල පැවැත්ම ශක්තිමත්. දරුවන්ට පැවතෙන්න උගන්වන්න ඕනේ. එතකොටයි උන්ගේ ගමන සාත්තු, සත්කාර නැතත් ශක්තිමත්ව යන්න පුළුවන්.

“කීයේ ඉඳන්ද සුරංග ඔයා ඔතන, එපාවෙන්නැද්ද අනේ..” ආයෙත් දෝණිලයෙ අම්මා.

“මට එපාවෙන්නෙම නැති දෙයක් තමා වැස්ස..නොකා නොබී බලං ඉන්න පුළුවන් වහින දිහා…”

“කොහොමත් අද නොකා, නොබී තමා ඉන්න වෙන්නෙ..අන්න කුස්සියෙ පීල්ලක් ගැලවිලා වතුර ගලනවා….තව ටිකක් වැස්සොත් මුළු ගේම යටවෙයි…”

ඒක ඇහුවා විතරයි මට ගංවතුර ආධාර, නිවාස ණය වගේ දේවලුත් මතක් වුණා. ඉස්සර අපේ අම්මා ගේ තෙමෙන තැන් වලට කුස්සියේ මැටි භාජන තියන ඒවත් මතක් වුණා. හැබැයි මේ ඒවා කියන වෙලාව නෙවේ නිසා කරබාගත්තා. වැහි පීල්ලක් දිහා ඇහිපිල්ලමක් වත් ගහලා නැති මං කොහෙ ඒවා හදන්නද? වටේ පිටේ ඉන්න හැම බාස් කෙනෙක්ම මතකෙට ආවා. මොබයිල් එක හොයාගෙන කාමරේට දිව්වේ ඒකයි.

]]>