Diupathi Harisschandra – Thulana Mag https://thulanatv.lk සයිබරයේ සඟරාමය අත්දැකීම Sun, 25 Aug 2024 06:20:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.7 https://thulanatv.lk/wp-content/uploads/2023/03/cropped-Site-Icon-Thulana-TV-32x32.png Diupathi Harisschandra – Thulana Mag https://thulanatv.lk 32 32 Germen පිහි ඇණුමකින් තිදෙනෙකු මරුට! https://thulanatv.lk/germen-three-people-killed-in-a-knife-attack/ Sun, 25 Aug 2024 06:20:59 +0000 https://thulanatv.lk/?p=4142 Germen – “විවිධත්වයේ උත්සවය” ලෙසින් නම් කර තිබු සැණකෙළියක් අතරතුර සිදු වු පිහි ඇණුමකින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවට ජර්මනියේ Solingen නගරයෙන් වාර්තා වේ. මෙම නගරය පිහිටුවා වසර 600 ක් ගත වීම සැමරීම සඳහා නගර චතුරශ්‍රයේ පැවති සංගීත සංදර්ශණයක් අසළ මෙම ප්‍රහාරය සිදුව ඇති ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව මාධ්‍ය හමුවකදී ප්‍රදේශයේ පොලීසිය සදහන් කර ඇති අතර “මේ අපරාධය කළ පුද්ගලයාගේ අරමුණ ගැන සිතාගත නොහැකි බව” ප්‍රදේශයේ අභ්‍යන්තර කටයුතු ඇමති Herbert Reul පැවසු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්දැයි මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකයෙකු මෙය සිතා මතා කළ ප්‍රහාරයක් බව පෙනෙන්නට ඇතත්, ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද, නැද්ද යන වග දැනට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටියේය. ඔවුන් සතු සියලු සම්පත් භාවිත කරමින් අපරාධකරුවන් සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කර තිබේ.

-CNN ඇසුරෙනි-

Image Source: CNN News

]]>
Pope Francis – සමලිංගික විවාහ ගැන පාප් වහන්සේගේ අදහස https://thulanatv.lk/pope-francis-the-popes-thought-on-the-gay-community/ Wed, 04 Oct 2023 04:41:42 +0000 https://thulanatv.lk/?p=2662 Pope Francis – සමලිංගික යුවලක් වෙනුවෙන් ආශිර්වාද කිරීමට තමා ඕනෑම මොහොතක සුදානමින් සිටින බව පාප් වහන්සේ පසුගිය දිනක ප්‍රකාශ කළ බවට වාර්තා වේ. මේ පිළිබදව විමසීමක් කළ කාදිනල්වරු පිරිසකට පිළිතුරු දෙමින් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ ආශිර්වාදය සදහා වන ඕනෑම ඉල්මලීක් “එඩේර පුණ්‍යකර්මයක්” ලෙස සැලකිය යුතු බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, “ප්‍රතික්ෂේප කරන සහ බැහැර කරන අයව අපට විනිශ්වය කළ නොහැකි” බවයි. පල්ලිය තවමත් සමලිංගික සබදතා සලකන්නේ “වෛෂයිකව පව්කාර” ක්‍රියාවක් ලෙසටයි. එමෙන්ම පල්ලිය සමලිංගික විවාහද අනුමත නොකරයි. ලබන බදාදා වතිකානුවේදි පැවැත්වීමට නියමිත පල්ලියේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කෙරෙන ගෝලීය එකමුතුවේ සාකච්ඡා වලට පෙර පාප් වහන්සේ වෙත මෙම ගැටළුව යොමු කළ බව කියැවේ. සාමාන්‍යයෙන් කතෝලික සභාව තුළ ආශිර්වාදය යනු, දේව සේවකයකු විසින් ඉදිරිපත් කරනු ලබන යාතිකාවක් හෝ ආයාචනයක් වන අතර, දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලබන පුුද්ගලයා හෝ පුද්ගලයන් දෙස යහපත් ලෙස බලන මෙන් මෙහිදී ඉල්ලා සිටිනු ලබන බව පිළිගැනීමයි. බෙල්ජියම සහ ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක බිෂොප්වරු සමලිංගික යුවල සඳහා ආශිර්වාද කිරීමට පුජකවරුන්ට අවසර දීමට පටන්ගෙන ඇති නමුත්මේ පිළිබදව පල්ලියේ බලධාරීන්ගේ ස්ථාවරය මේ දක්වා අපැහැදිලි බව සදහන්වේ.

Pope Francis2021 වසරේදි වතිකානුවේ න්‍යායික සභාව මෙම පිළිවෙතට ඉඩ නොදීමට තීන්දු කළ බව වාර්තාවූ නමුත් නවතම ඉල්මලීට ප්‍රතිකාර දක්වමින් පාප් වහන්සේ කියා සිටියේ විවාහය “පිරිමියෙකු සහ ස්ත්‍රියක් අතර ඇති සුවිශේෂී ස්ථාවර සහ නොබිදිය හැකි එකමුතුවක්” ලෙස පල්ලිය තේරුම්ගෙන ඇති අතර “මෙම විශ්වාසයට පටහැනි ඕනෑම ආකාරයක චාරිත්‍ර හෝ සම්ප්‍රදායන් වලින් වැළකී සිටිය යුතු බවත්ය. නමුත්,”ආශිර්වාදය ඉල්ලා සිටි විට, එය උපකාරය සදහා දෙවියන් වහන්සේට කරන ආයාචනයක්, වඩා හොදින් ජීවත්විමට කරන අයැදීමක්. විවාහය පිළිබඳ වැරදි සංකල්පයක් ප්‍රකාශ නොකරන ආශිර්වාද ආකාර එඩේර පුණ්‍යකර්මයක් ලෙස වටහා ගත යුතු බව” උන්වහන්සේ පැවසු බවට වාර්තා වේ. එහි වැඩිදුරටත් සදහන් වුයේ සමලිංගික යුවලකට නීත්‍යානුකූල විවාහයකින් පසුව දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට Angalican පල්ලියකට යා හැකි බවයි.

-BBC News ඇසුරෙනි- by Aleem Maqbool [Religion editor] Christy Cooney [Rome and London]

Photo Credits: www.gettyimages.com / www.salon.com

]]>
IMF World Bank වාර්ෂික සමුළුව මොරොක්කෝවේ https://thulanatv.lk/imf-world-bank-the-annual-convention-is-in-morocco/ Wed, 20 Sep 2023 12:32:40 +0000 https://thulanatv.lk/?p=2600 IMF World Bank – පුද්ගලයන් 2900කට අධික පිරිසකට මරු කැදවමින් මෑතකදී සිදුවු භූමිකම්පාවද නොතකමින්, පසුගිය සදුදා මොරොක්කෝව නිවේදනය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී Marrakech හි පවත්වන බවයි. සැප්තැම්බර් 8 වන දින රික්ටර් පරිමාණයේ ඒකක 6.8ක භූ කම්පනයක් සිදු වු ප්‍රදේශයේ සිට 72km පමණ දුරින් පිහිටා ඇති මෙම ලෝක උරුම නගරයේදී, ඔක්තෝබර් 9 සිට15 දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවද සදහන්. ලෝක බැංකු සභාපති Ajay Banga, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva සහ මොරොක්කෝවේ ආර්ථික අමාත්‍ය Nadia Fettah Alaoui යන අය ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “පවතින තත්ත්වයන්ට අනුකූලව” මෙවර සමුළුව පවත්වන බවයි. මොරොක්කෝ බලධාරීන්ගේ දැඩි ඉල්ලීම මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් මෙම තීරණය ගත් බව ඔවුන්ගේ අදහසයි. මොරොක්කෝ බලධාරීන්ගේ බලාපොරොත්තුව මෙමගින් තම රටේ සංචාරක කේන්ද්‍රස්ථානයන් වෙත 10000 – 15000 අතර පිරිසක් ගෙන්වා ගැනිම බව වාර්තා වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන නිලධාරීන් තිදෙනා “අපි රැස්වීම් පවත්වන විට, ක්‍රියාත්මක වන සහන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සහ විපතට පත්වුවන්ට සහ මොරොක්කෝ ජනතාවට ගෞරවනීය ලෙස ඒවා පැවැත්වීමට වග බලා ගත යුතු බවත් මෙම අසීරු අවස්ථාවේදී, වාර්ෂික සමුළුව මෙහි පැවැත්වීමට කටයුතු සැලසීමෙන් ලෝක ප්‍රජාවට ඒත්තු යාවි කෙතරම් දුෂ්කර තත්ත්වයක සිටියත් මොරොක්කෝව සහ එහි ජනතාව තම ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව ලොවටම පෙන්වා දුන් ආකාරය. අපිද මීට සහභාගීවන්නන් ලෙස ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටිනවා” යනුවෙන් පවසා තිබේ. IMF කළමණාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ, රැස්වීම වෙනත් ස්ථානයකට ගෙන ගියහොත් එය මොරොක්කෝවේ ආගන්තුක සත්කාර අංශයට “තරමක විනාශයක්” වනු ඇති බවට මොරොක්කෝ අගමැති තමාට ප්‍රකාශ කළ බවයි.

-Reuters ඇසුරෙනි-

Photo Credit: www.reuters.com

]]>
Florida Shooter දාහතර හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට https://thulanatv.lk/florida-shooter-a-14-year-old-youth-was-arrested/ Tue, 19 Sep 2023 03:41:55 +0000 https://thulanatv.lk/?p=2591 Florida Shooter – පසුගිය දිනක සිදු වු වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මරණයට පත් වී තවත් අයෙකු බරපතල තුවාල ලැබු බවට වාර්තා වේ. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් 14 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීන් ප්‍රකාශ කරයි. Hillsborough ප්‍රාන්තයේ ෂෙරීෆ් කාර්යාලයේ වාර්තාවන්ට අනුව, ෆ්ලොරිඩාවේ Riverview හි Lynmoor Drive වල පිහිටි ප්‍රදේශයකදී මෙම වෙඩි තැබීම සිදු වු බව සදහන්. සෙනසුරාදා දහවල් කාලයේ තරුණයෙකු හදිසියේම පිස්තෝලයක් අතැතිව මෙම ප්‍රදේශය හරහා දිව ගිය බවට ලැබුණු ඇමතුමක් අනුව බලධාරීන් ක්‍රියාත්මක වු බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වී තිබේ. ආරක්ෂක නිලධාරින් එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ, ඔහු තම තුවක්කුව හිසට තබාගෙන වෙඩි තබා ගන්නා බවට තර්ජනය කර තිබිණි. ඉන් අනතුරුව විනාඩි 15 කට වඩා වැඩි කාලයක් ආරක්ෂක නිලධාරින් සමග කල සාකච්ඡා වලින් අනතුරුව සැකකරු සිය ගිනිඅවිය පහත හෙලු බව, ෂෙරීෆ් Chad Chronister ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තා කරුවන්ට පවසා ඇත.

Florida Shooter

නමුත් ඔහු නැවතත් ආයුධය ලබා ගැනීමට උත්සාහ කළ බවත් එහිදි ආරක්ෂක නිලධාරීන් ඔහුගේ අතට රබර් උණ්ඩයකින් වෙඩි තබා එය ව්‍යර්ථ කළ බවත් සදහන් වේ. එම ක්‍රියාව පැසසුමට ලක් කළ ෂෙරීෆ් පවසා තිබුණේ, සැකකරු නිලධාරීන්ට හානියක් කිරීමට බලාපොරොත්තු නොවු නමුත් සිය දිවි හානි කරගැනීමට ඉඩ තිබු බවත්, නිලධාරින්ගේ විශිෂ්ඨ බුද්ධිය සහ මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට ඇති විශේෂ හැකියාව නිසා තත්ත්වය පාලනය කළ බවත්ය. සැකකරු කිහිප වතාවක්ම වින්දිතයන්ට වෙඩි තබා ඇති අතර එක් පුද්ගලයෙකු උදව් ඉල්ලා අසල නිවසකට පැමිණි තිබු බවද බලධාරීන් පවසයි. පසුව ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බවට වාර්තා වෙයි. තරුණයා අත්අඩංගුවට ගත් පසුව නිලධාරින් තවත් තුවාල ලැබු කාන්තාවන් අසල ධාවන පථයකින් සොයාගෙන තිබු අතර ඇය ඒ වන විටත් මිය ගොස් සිටි බව සඳහන්. ඇය සැකකරුගේ නෑයෙකු බව පසුව හදුනාගෙන ඇති බවටද වාර්තාවන අතර ABC Tampa අනුබද්ධ WFTS වාර්තා කර තිබුණේ තරුණයා වෙඩි තබා ඇත්තේ සිය මවට බවත් ඇගේ පෙම්වතාටද පස් වතාවක් වෙඩි තබා, ඔහුගේ වැඩිමහල් සහෝදරයාටද වෙඩි තැබීමට උත්සාහ කළ බවයි.

-ABC News ඇසුරෙනි-

Photo Credit: www.abcnews.com

]]>
Twin Tower කඩාවැටීම කාචගත කළ ජායාරූප ශිල්පියා https://thulanatv.lk/twin-tower-the-photographer-who-captured-the-twin-towers-collapse/ Tue, 12 Sep 2023 02:09:28 +0000 https://thulanatv.lk/?p=2562 Twin Tower – 2001 සැප්තැම්බර් 11 වෙනිදා New York හි සිදු වු ව්‍යසනකාරී සිදුවිමේ ජායාරූප 500කට වඩා තම කැමරාවේ සටහන් කරගැනීමට Briant puddle හි Phil Penman නම් ජායාරූප ශිල්පියා සමක් විය. ඇමරිකානු මගී ප්‍රවාහන ගුවන් යානා දෙකක් ලෝක වෙලද මධ්‍යස්ථානයේ කුළුණු වෙත කඩා වැදීමෙන් සිදුකළ
මෙම අනතුර ඉස්ලාමීය අන්තවාදී අල්-කයිඩා සංවිධානය විසින් සිදුකළ අතර මිනිසුන් දහස් ගණනක් මිය ගියහ. ඊයේ (2023 සැප්තැම්බර් 11) එම ඛේදවාචකයේ 22 වැනි සංවත්සරය සනිටුහන් වන මොහොතේ ඔහු පැවසුවේ සිදුවීමේ සෑම අවස්ථාවක්ම තම කැමරා කාචයේ සටහන් වූ බවයි.

Twin Tower

ඔහු එම කාලයේ ජායාරූප ශිල්පියෙකු ලෙස වැඩ කිරීමට Los Angeles සි⁣ට New York වෙත පැමීණ සිටියේය. ඔහු සිදුවීම සිදුවු එම අඟහරුවාදා දිනයේ දුරකථ නය නාද වන තුරු බලා සිටියේ රාජකාරියෙන් නිවාඩුවක් ලබා ගැනීමටය. ලැබුණු දුරකථන පණිවුඩයෙන් කියවුණේ, ” අද ඔබගේ නිවාඩු දිනය බව ද න්නවා. නමුත් ඔබ මේ සිදුවීම පරික්ෂා කර බලනවානම් හොදයි” යනුවෙනි. New York නගරයේ වීදි වලට නවකයෙකු වුවද ජායාරූප 500 ක් පමණ තම කාචයේ සටහන් කර ගනිමින් ඔහු මෙම ඛේදවාචකය ආවරණය කර තිබිණි.

Twin Tower

සිද්ධිය විස්තර කරමින් ඔහු මෙසේ පැවසීය, “මම උඩ බලාගෙන ගොඩනැගිල්ලේ ජායාරූප ගනිමින් සිටියා. හදිසියේම මම කාචය තුලින් දැක්කා ගොඩනැගිල්ල කඩා වැටීමට පටන් ගත් බව, එය එන්න එන්නම මගේ කැමරාවට සමිපවෙනව වගේ පෙණුනා. එවිටම ගිණි නිවන භටයෙක් ‘දුවන්න’ කියා පැවසුවා” බව ඔහු සදහන් කලේය. ඔහුගේ එක් ජායාරූපයක Joanne Capestro උතුරු කුළුණින් පැන ගිය ආකාරයද සටහන් වී තිබුණි. පසුව ඇය පවසා තිබුණේ “කවුරුවත් මාව විශ්වාශ කළේ නෑ මම එතනින් බේරිලා ආවා කියලා, මේ පින්තූරය මට ලොකු උදව්වක් වුණා ඒක එහෙම නෙවෙයි කියන්න” යනුවෙනි. 2018 වසරෙදි ඇය තමා අමතා ඇයගේ මංගල දිනයේ ජායාරූප ගැනීමට තමාගෙන් ඉල්ලා සිටි බව ඔහු පවසයි. ඔහු එය විස්තර කලේ “මම ඇගේ ජීවිතයේ හොදම දවස සහ නරකම දවස ජායාරූප ගත කළා” යනුවෙනි.

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.bbcnews.com

]]>
Rufous Hummingbird බළලුන් වසරකට කුරුල්ලන් බිලියන දෙක හමාරක් මරා දමයි https://thulanatv.lk/rufous-hummingbird-cats-kill-two-billion-birds-a-year/ Mon, 11 Sep 2023 11:45:36 +0000 https://thulanatv.lk/?p=2550 Rufous Hummingbird කුරුල්ලන් ඉන්ද්‍රජාලිකයින් වැනිය. බොහෝ කුරුල්ලන්ගේ මෙන් මොවුන්ගේ ගෙලද ඔප දැමු තඹ කාසියක් මෙන් දිලිසෙන්නේය. ඔවුන් වා තලයේ එහෙ මෙහේ සැහැල්ලුවෙන් ඉගිලෙන්නේ ඔවුන් ගැන අවධානය යොමු කරන මිනිසුන්ගේ සිතේ කුතුහලයක් ඇති වන අයුරිනි. ඇමරිකානු කුරුලු සංරක්ෂණ ආයතනයේ සභාපති Mike Parr පලමු වතාවට මෙම කුරුල්ලෙක් සියැසින් දැක ඇත්තේ කැලිෆෝනියාවේ ලෙමන් ගසක මල් පැණි උරමින් සිටියදීය. “එය හරියටම වෙනත් ලෝකයක දර්ශනයක් වගේ, ඒක ආගමික අත්විඳීමක් හා සමානයි” ඔහු බියෙන් හා ගෞරවයෙන් පවසයි. ඔවුන් හිස හරවද්දි හදිසියේම ඔවුන්ගේ බෙල්ලට ආලෝකය වැටුණොත් එතැන පුදුමාකාර වර්ණයකින් ආලෝකමත්වෙනවා. ඒක මැජික් එකක් වගේ. ඇත්තටම බල්බ් එකක් පත්තුකරා වගේ වගේ එළියයි. මෙම වර්ගය අගල් 3කට වඩා දිග කුඩාම Hummingbird කුරුළු වර්ගයෙන් එකෙකි. කුඩා නමුත් ඉතා දරුණුතම එකෙකි. ඔවුන් ගිම්හානයේ ජීවත් වන ඇලස්කාවේ සිට මෙක්සිකෝව දක්වා සැතපුම් 3900 ක් (එක් පැත්තකට) පමණ විශ්මිත ලෙස පියාසර කරයි. ශරීර ප්‍රමාණය අනුව ලොව ඕනෑම කුරුල්ලෙකු සංක්‍රමණ චාරිකාවකට ගෙවන වැඩිම දුර ප්‍රමාණයන්ගෙන් එකක් ලෙස පක්ෂි විද්‍යාවේ Cornell Lab ට අනුව මෙම දුර සැළකේ. උස් කදු බිම්, තණබිම්, ගෙවතු මල් වල පැණි මෙන්ම කුඩා කෘමි සතුන්ද මෙම පක්ෂීන් ආහාර ලෙස ලබාගනී. කැලිෆෝනියානුවන්ට වසන්තයේදී සහ රොකී කදුකරයේ පදිංචි කරුවන්ටද මේ කාලයේදී මෙම විශ්මිත කුරුල්ලන් දැක ගැනීමට හැකි වේ. 2022 නිකුත් වු State of the Birds වාර්තාවට අනුව 1970 සිට මෙම කුරුළු ගහනය තුනෙන් දෙකක් අඩු වී ඇති බව වාර්තා වෙයි. මෙම පක්ෂීන් “Tipping Point” නම් වදවීගෙන යන පක්ෂී විශේෂ සදහන් ලැයිස්තුවට ඇතුළත් වන අතර වැඩි අවධානමක් සහිත පක්ෂී වර්ග 70න් එකක් ලෙසද හදුනාගෙන ඇති බව වාර්තා වෙයි.

Rufous Hummingbird

සංරක්ෂණයට අවශ්‍ය කටයුතු වැඩිදියුණු නොකළහොත් නුදුරේදීම දැනට සිටින කුරුල්ලන්ගේ ප්‍රමාණයෙන් අඩක්වත් ඉක්මනින්ම වද වී යනු ඇතැයිද වාර්තා වෙයි. මෙම ලැයිස්තුවේ සිටින විශ්මයජනක කහ පැහැති තොප්පියක් සහ කලු වෙස් මුහුණක් සහිත “Golden – Winged Warbler” මෙන් මොවුන්ද දැඩි අවධානමක පසු වෙයි. සත්ව පර්යේෂකයින් පවසන පරිදි මොවුන්ගේ වදවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. වාසස්ථාන අහිමිවීම, දේශගුණික විපර්යාස, මානව සංවර්ධනය, වීදුරු වල හැපීමෙන් වන අනතුරු, ආක්‍රමණශීලී විශේෂ (ගෘහස්ථ බළලුන්) සහ පලිබෝධනාශක ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඉහත හේතු ගෝලීය වශයෙන් සියලුම වන ජීවීන් විනාශයටද හේතු වී තිබේ.

කුරුල්ලන්ගේ ගහනය අඩු වීම ගැන අපි සැළකිලිමත් විය යුත්තේ ඇයි?

ඇමරිකානු කුරුළු සංරක්ෂණ ආයතනයේ සභාපතිවරයා පවසන්නේ “මෙය මනුෂ්‍යයන් ඉදිරියේදී මුහුණ දෙන දෙයක පෙර නිමිත්තක්” බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු සදහන් කළේ ගල් අඟුරු ආකරවල සිට Canary කුරුල්ලන්ගේ වදවීම, උතුරු ඇමරිකාවේ සිදුවන පාරිසරික බිදවැටීම් පිළිබදව අපට සාක්ෂි සපයන බවයි. අප හුස්ම ගන්නා වාතය, අප පානය කරන ජලය, අප ගන්නා ආහාර මෙන්ම කුරුල්ලන්ගේ පැවැත්මද අප මෙන්ම ස්වාභාව ධර්මය මත රඳා පවතින බව ඔහු පවසයි. කුරුල්ලන්ට අහිමි වන විශාල ස්වභාවික වනාන්තර, තණබිම්, තෙත්බිම් සහ වගුරුබිම් ඒ ආකාරයෙන්ම අපටද අහිමිවන බව වැඩිදුරටත් සදහන් කරන ඔහු “එබැවින් ජීව විද්‍යාත්මක විවිධත්වය සහ දේශගුණික විපර්යාස යන දෙකම එකවර විසදා ගැනීමට අප උත්සාහ නොකරන්නේනම්, අප බොහෝ දේ මත යැපෙන ස්වභාවධර්මය අප කැමති ආකාරයටම ඒවාට ප්‍රතිචාර නොදක්වනු ඇති” බවයි. කුරුල්ලන් අපගේ පරිසර පද්ධතියට අත්‍යවශ්‍යම ජීවින් කොටසකි. ඔවුන් මල් පරාගනය කරයි, බීජ විසුරුවා හරියි. එමෙන්ම කෘමීන් හා මීයන් අනුභව කර ඔවුන්ගේ ගහනය පාලනය කරයි. එමෙන්ම ඔවුන්ගේ අලංකාරය අපගේ දෑස් පිනවයි. වසරින් වසර අඩු වෙමින් පවතින නමුත් ඔවුන් අපගේ දෙසවන් මනරම් කුරුළු ගීත වලින් පිනවයි. “කුරුල්ලන් මෙලොවින් අතුරුදහන් වෙනවාට අපි කැමති නෑ, සංරක්ෂණවාදී කෝණයකින් බලනවාට වඩා අපි ඔවුන්ට ප්‍රමුඛත්වය දිය යුතුයි. අවාසනාවකට වන ජීවීන්ට තමන්ගේම හඩක් නෑ” ඔහු එසේ කියයි. කුරුල්ලන් වදවී යාමෙන් බේරාගැනීමට අපට කළ හැකි දේවල් පිළිබදවද සදහන් වේ. වීදුරු වල ගැටීමෙන් පමණක් වසරකට ඇමරිකා එක්සත් ජනපදයේ කුරුල්ලන් බිලියන 1ක් පමණ මිය යති. වීදුරු වල එපිට ඇති ගස්වල සහ අහසේ පරාවර්තනයන් ඔවුන්ට පියාසර කළ හැකි ස්ථාන ලෙස සිතා ඒවායේ ගැටී ඔවුන් මිය යති. උස් ගොඩනැගිලිවල පමණක් නොව නිවාස වල ජනෙල් වීදුරු වලද කුරුල්ලන් ගැටෙති. ඇමරිකානු කුරුළු සංරක්ෂණ වාර්තා අනුව වීදුරු නිසා සිදුව ඇති අනතුරු වලින් අඩක් පමණම සිදුවන්නේ නිවෙස් වල ජනෙල් වල ගැටීමෙනි. මෙම අනතුරු බොහෝ විට වසන්ත හා විශේෂයෙන් සරත් ඍතුවේ සංක්‍රමණික පක්ෂීන්ට සිදු වන අතර වසර පුරාම වීදුරු අනතුරු වාර්තා වෙයි.

Rufous Hummingbird

ශූභාරංචිය නම් මෙම මරණ වලක්වා ගැනීමට ක්‍රම තිබේ. ඔබට ඔබේ නිවසේ ජනෙල් වල “Peel-on / Peel-off ” කරන Decals සවි කළ හැකිය. මේවායින් පාරජම්බුල කිරණ පරාවර්තනය කරන අතර අපට නොපෙනුනද බොහෝ කුරුල්ලන්ට ඒවා දර්ශනය වේ. එමගින් මෙම ගැටීම් අවම කර ගත හැකිය. “ඔබට මේවා සියලුම ජනෙල්වලට සවි කිරීමට අවශ්‍ය වන්නේ නෑ, වඩාත්ම අනතුරු සිදු විය හැකි ජනේල වලට පමණක් යෙදීම ප්‍රමාණවත්” ඔහු එසේ සදහන් කරයි. ඇමරිකානු කුරුලු සංරක්ෂණාගාරය සතුව පක්ෂී හිතකාමි නිෂ්පාදන සපයන රසායනාගාරයක් ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය. ඔබ නව නිවසක් ඉදිකරන්නේනම් හෝ ජනෙල් සවි කර ඇත්නම්, ඔබට කුරුළු ආරක්ෂණ වීදුරු සවි කළ හැකිය. කුරුළු හිතකාමී ගොඩනැගිලි සැළසුම් සහ ඉහළ කුරුළු සංක්‍රමණයන් ඇති කාල වලදී රාත්‍රි “ආලෝක නිවා දැමීම” ප්‍රවර්ධනයට බොහෝ පක්ෂීන් සුරැකීමේ කණ්ඩායම් ජාතික මට්ටමින් ක්‍රියා කරයි. බොහෝ පක්ෂීන් කෘමි සතුන් අනුභව කරයි. ලොව පුරා කෘමි ගහනය අඩු වීම විශාල ආහාර හිගයක් ඇති වීමටද බලපා ඇති බව වාර්තා වේ. “පලිබෝධනාශක සහ වල් නාශක වෙනුවට ගෙවත්තේ ඇති තෘණ සහ කෘමීන් අනුභවයට කුරුල්ලන්ට ඉඩ සලසා දිය හැකියි. ඔවුන් හොද පලිබෝධනාශකයින්, ඔවුන් කෘමීන් ගොඩක් ආහාරයට ගන්නවා, ඒ නිසා ඔවුන් දිරිමත් කරන්න” සභාපතිවරයා පවසයි. එමෙන්ම කාබනික ගෙවතු වගාව, අලුතින් ගස් සිටුවීම සහ කුඩා වන ලැහැබ ඇති කිරීම මගින් කෘමි ගහනය වැඩි කරගත හැකිය.

Rufous Hummingbird

මීළගට කුරුල්ලන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ආක්‍රමණශීලී සතුන්ය. විශේෂයෙන් නිවෙස්වල ඇති කරන බළලුන්ගෙන් ඔවුන්ට විශාල තර්ජනයක් එල්ල වේ. USDA සහ ලොව පුරා බහුවිධ අධ්‍යයනයන්ට අනුව නිදහසේ සැරිසරන ගෘහාශ්‍රිත බළලුන් දේශීය වනජීවීන්ට බරපතළ තර්ජනයක් එල්ල කරයි. ඇමරිකානු කුරුළු සංරක්ෂණ ආයතනයේ වාර්තා වලට අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් වසරකට කුරුල්ලන් බිලියන 2.4 පමණ බළලුන් විසින් මරා දමයි. බහුතරයක් කුරුළු සංරක්ෂණ කණ්ඩායම් පවසන්නේ මිනිසා විසින් කුරුල්ලන්ගේ මරණ වලට ඇති කළ විශාලතම මූලාශ්‍රය මෙය බවයි. “සෑම වසරකම වැඩිම කුරුළු මරණ වලට හේතුවන්නේ බළලුන් සහ වීදුරු වල ගැටීමයි. ඔබේ බළලා ගෘහස්ථව තබා ගන්න, අපහසු වුවත් ඔබේ අසල්වැසියන්ද ඔවුන්ගේ බළලුන් ගෘහස්ථව තබා ගැනීමට දිරිමත් කිරීමට උත්සාහ කරන්න” සංරක්ෂණ කණ්ඩායම් බළලුන් දුර බැහැර යෑම වැලැක්වීමට හැකි විශේෂ වැටවල් නිර්දේශ කරයි. “Cations” නම් බළලුන් එළිමහන් රදවනය ඒ අතරින් ප්‍රමුඛ වේ. මෙමගින් බළලුන්ට ගොදුරු ලුහුබැදීම අපහසු කරයි. එක්සත් ජනපදයේ සහ ලොව පුරා සර්ව මට්ටමින් කුරුලු වාසස්ථාන සුරැකීමට උපදේශකයන් සෑම දිනකම වෙහෙස වෙයි. රාජ්‍ය සහ පෞද්ගලික දෙපාර්ශවයේම උත්සාහයේ ප්‍රතිථලයක් ලෙස මේ වනවිටත් ජල පෝෂක ප්‍රදේශ සහ තෙත්බිම් ආරක්ෂා කිරීම සහ පිරිසිදු කිරීම මගින් පසුගිය වසර 20ක පමණ කාලය තුළ තාරාවන්ගේ, පාත්තයන්ගේ සහ හංසයන්ගේ ගහනය වැඩි කිරීමට ඔවුන් සමත් වී ඇත. මෙම පියවරයන්ගේ ප්‍රතිලාභ මිනිසුන්ටද ප්‍රයෝජනවත් වන අතර වැඩි ජලය බැස යෑමට ප්‍රදේශ, අඩු ගංවතුර සහ පිරිසිදු භූගත ජලය සපයයි. American Bird Conservancy, National Audubon Society සහ International Bird Rescue වැනි කණ්ඩායම්වලට මේ සදහා ඔබටද සහය විය හැකිය. “මේ ග්‍රහලෝකය සොයාගත් ආකාරයටම කලමණාකරණය කිරීමට අපි සෑම දෙනාටම වගකිමක් ඇත. අපි අපගේ බලපෑම් පුළුල් කරමින් පෘථිවි ග්‍රහලෝකයේ ස්වභාවය වෙනස් කරමින් සිටින අතර එය සම්පූර්ණයෙන්ම අවුල් නොකිරීමට අපට වගකීමක් ඇති බවද මට හැඟේ” යැයි ඇමරිකානු කුරුළු සංරක්ෂණ ආයතනයේ සභාපතිවරයා අවෂන් වශයෙන් සදහන් කළේය.

-CNN News ඇසුරෙනි-

Photo Credit: www.cnnnews.com

]]>
Aung San Suu Kyi හමුදා ජුන්ටාව හදිසි ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරයි https://thulanatv.lk/aung-san-suu-kyi-the-military-junta-refuses-emergency-treatmen/ Fri, 08 Sep 2023 05:07:30 +0000 https://thulanatv.lk/?p=2529 Aung San Suu Kyi – රදවාගෙන සිටින මියන්මාර හිටපු නායිකා Aung San Suu Kyi ට හදිසි ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ඇයගේ බාල පුත්‍රයා ප්‍රකාශ කරයි. Kim Aris පැවසුවේ බන්ධනාගාර බලධාරීන් ඇයට “හදිසි ප්‍රතිකාර” සදහා කළ ඉල්ලීම, දැනට රට පාලනය කරන හමුදා ජුන්ටාව ප්‍රතික්ෂේප කළ බවයි. දැනට 78 වන වියේ පසුවන ඇය දැඩි දත් කැක්කුමකින් පෙළෙන අතර ඇයට ආහාර ගැනීමට නොහැකි බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසු බව BBC පුවත් සේවය සදහන් කරයි.

Aung San Suu Kyi

කෙසේ වෙතත් හමුදා ප්‍රකාශකයකු සදහන් කළේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර නිරන්තරයෙන්ම හමුදා සහ සිවිල් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක්වන බවයි. 2021 හමුදා කුමන්ත්‍රණයකින් පසුව බලයෙන් පහ කළ ඇය මේ වන විටත් හමුදාව විසින් රදවා තබාගෙන සිටී. හමුදාව ඇති කළ කුමන්ත්‍රණය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වු අතර එමගින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වු බවද වාර්තා වෙයි. නොබෙල් ත්‍යාගලාභී සුකී, ජූලි මාසයේ ඇය රදවා සිටි සිරගෙදර සිට බුරුමයේ අගනුවර වන Nay Pyi Taw වෙත ගෙන ගොස් නිවාස අඩස්සියට පත් කරන ලද බවද වාර්තා වෙයි. ඇගේ දිගුකාලීන සමීපතමයන් බුරුමයේ BBC පුවත් සේවය සමග පවසා තිබුණේ, ඇය නිදන්ගත විදුරුමස් රෝගයෙන් සහ අඩු රුධිර පීඩනයෙන් පෙලෙන බවය. සිරගෙදර මුලාශ්‍රයන්ද ඇගේ විදුරුමස් රෝගය “උග්‍ර වී ඇති” බවට වාර්තා කළ බවද සදහන් වේ. තවද ඇගේ දත් කැක්කුම සමනය කිරීම සදහා මෘදු ආහාර සහ ජෙලි වර්ග ද ඇයට ලබා දෙන බව එහි වැඩි දුරටත් සදහන් වි තිබුණි.

Aung San Suu Kyi

එක්සත් රාජධානියේ වෙසෙන ඇයගේ පුතු Aris සදහන් කර තිබුණේ, ඔහුගේ මව “දැඩි කරකැවිල්ල” හේතුවෙන් වමනය කරමින් සිටින බවත් දැඩි අපහසුවෙන් ඒවා විද දරා ගන්නා බවත්ය. BBC බුරුම සේවයට කෙටි පණිවිඩයක් නිකුත් කරමින් 46 හැවිරිදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ “රෝගි සිරකරුවෙකුට නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාර සදහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම නිර්දය සහ කුරිරු ක්‍රියාවක්” බවයි. “ආහාර ගැනීමට නොහැකි තරම් වේදනාකාරී විදුරුමස් රෝග ඇති ඕනෑම කෙනෙකුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන් දැඩි සෞඛ්‍ය අවධානමකට ඇද දැමීමක් බව” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සදහන්වේ. මියන්මාරයේ බලයේ සිටි ජාතික එක්සත් රජය සහ රටේ සියලුම දේශපාලන පක්ෂ වල සභාගයන් සුකී වැනි දේශපාලන රැදවියන්ට සුදුසු ප්‍රතිකාර ලබා දීම සදහා “ජුන්ටාවට බලපෑම්” කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවද වාර්තා වේ. මෙසේ ජුන්ටාව විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහි මර්නදයේදි රදවාගෙන සිටින දහස් ගණනක් රැදවියන් සමග සුකී ද කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට බොහෝ ලෝක නායකයන් ඉල්ලීම් කළ බව වාර්තා වෙයි. මේ අතර අඟහරුවාදා ඉන්දුනීසියාවේදි ආරම්භ වු ද්වි පාර්ෂික ආසියානු සමුළුවේදී මියන්මාරයේ දේශපාලන අර්බුදය එහි ප්‍රධානතම මාතෘකාව බවට පත් විය. මියන්මාරයේ අඛණ්ඩ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අග්නිදිග ආසියානු කලාපයේ නායකයින් මියන්මාර හමුදා බලධාරීන් හෙලා දැක ඇති බවටද වාර්තා වේ. හමුදා කුමන්ත්‍රණයෙන් පසුව කලාපීය රැස්වීමට ඔවුන් ආරාධනා නොලද දෙවැනි වසර මෙය බවද සදහන් වේ.

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.famouspeople.com /www.newsnationnow.com           /www.redcarpertnaija.com

]]>
French Wine විනාශ කිරීමට මිලියන දෙසීයක් https://thulanatv.lk/french-wine-two-hundred-million-to-destroy-french-wine/ Wed, 06 Sep 2023 11:26:01 +0000 https://thulanatv.lk/?p=2522 French Wine – නිෂ්පාදකයින්ට සහාය වීමට සහ අතිරික්ත වයින් විනාශ කිරීමට ප්‍රංශ රජය යුරෝ මිලියන 200 ක් වෙන් කර ඇති බවට වාර්තා වෙයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ බොහෝ පිරිසක් Craft Beer භාවිතයට පෙලඹී ඇති නිසා වයින් සදහා තිබූ ඉල්ලුම පහළ යාමයි. අතිරික්ත නිෂ්පාදන සහ ජීවන වියදම් අර්බුදයන්ද කර්මාන්තය අඩපණ කිරීමට හේතු වි ඇත. රජය වෙන් කළ යුරෝ මිලියන 200 න් වැඩි කොටසක් සුවඳ විලවුන් සහ පිරිසිදුකාරක අවශ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය මධ්‍යසාර තොග මිලදී ගැනීම සදහා භාවිතා කෙරෙනු ඇත.

French Wineමේ අතර අතිරික්ත නිෂ්පාදන නැවැත්වීමේ උත්සාහයක් ලෙස වයින් නිශ්පාදකයින් Olive වැනි වෙනත් නිෂ්පාදනයන් වෙත මාරු කිරීමට ද මුදල් ලබා දීමට නියමිත බවද සදහන් වේ. කර්මාන්තයට මුදල් යෙදවීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ, “වයින් මිල කඩා වැටීම නැවැත්වීම සහ එමගින් නව ආදායම් අවස්ථා සලසා දීමත් බව” ප්‍රංශ කෘෂිකර්ම අමාත්‍ය Marc Fesneau මහතා පැවසීය. එමෙන්ම “අනාගතය දෙස බලා පාරිභෝගිකයින්ගේ වෙනස්කම් සැළකිල්ලට ගෙන ඒ අනුව ඒවාට අනුවර්තනය විය යුතු බවද” ඒ මහතා වැඩි දුරටත් සසහන් කළේය.

French Wine

පසුගිය වසරේ ජූනි සිට මේ වසරේ ජූනි දක්වා ගෙවුණු අවුරුද්දක කාලයේදී, යුරෝපීය කොමිසමේ දත්ත පෙන්නුම් කරන පරිදි, ඉතාලියේ 7%, ස්පාඤ්ඤයේ 10%, ප්‍රංශයේ 15%, ජර්මනියේ 22% සහ පෘතුගාලයේ 34% පමණ වයින් පරිභෝජනය පහත වැටී ඇති නමුත්, ලොව විශාලතම වයින් නිෂ්පාදන ප්‍රදේශය වන Bloc හි නිෂ්පාදනය 4% කින් ඉහළ ගොස් තිබේ.

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.liquor.com / www.thelocal.com / www.sciencephoto.com

]]>
Reindeer මුවෙක් වැට පැන්නොත් දඩය ඩොලර් පන්දහසක් https://thulanatv.lk/norway-russia-if-a-deer-jumps-the-fence-the-fine-will-be-five-thousand-dollars/ Mon, 04 Sep 2023 08:01:34 +0000 https://thulanatv.lk/?p=2498 Reindeer – රුසියානු – නොර්වේ දේශසීමාවේ ආර්ටික් ප්‍රදේශයේ දේශසීමාවේ දැනට අබලන්ව ඇති වැට ප්‍රතිසංස්කරණය කිරීමට නෝර්වේ රජය කටයුතු කරමින් සිටී. ඉබාගාතේ යන සතුන්ගෙන් තණබිම් වලට වන හානිය වලක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. එසේ නොවුනහොත් අහිමි වු තණ බිම් වෙනුවෙන් රුසියාවට වන්දි ගෙවීමට නෝර්වේ රජයට සිදු වේ. නෝර්වේජියානු නිලධාරින් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ, මේ දක්වා මුවන් 42 ක් හොඳ තණබිම් සොයා රුසියාවට පැමිණ ඇති බවයි.

Reindeer

1954 වසරේදී ඉදිකරන ලද මෙම වැට 150km පමණ දුරට විහිදෙයි. නෝර්වේජියානු කෘෂිකර්ම ඒජන්සිය පැවසුවේ එරට Hamborgvatnet සහ Storskog නගර අතර මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවයි. Norway Kroner මිලියන 3.7 (US$348,000) මෙම ඉදිකිරීම් සදහා වැය වන අතරම ඉදිකිරීම්කටයුතු ඔක්තෝබර් 1 වන දින විට අවසන් කිරීමට නියමිත බවද සදහන් වේ. කෙසේ නමුත් මෙම කාර්යය කිරීමේදී නොර්වේජියානු කම්කරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය නම් කිසිම හේතුවක් නිසා රුසියානු දේශසීමාවට ඇතුළු වීමට ඇති නෙහැකියාවයි. එම නිසා ඔවුන්ගේ ගෙවීම් ඉහළ දැමීමටද සිදු වු බව නෝර්වේ නියෝජිත ආයතනයේ Magnar Evertsen පැවසීය. රුසියානු වීසා බලපත්‍රයක් නොමැතිව සේවකයකු රුසියානු භූමියට ඇතුළු වන්නේ නම්, එය නීති විරෝධී ඇතුළුවීමක් ලෙස සැළකේ. මෙම මුවන්ගේ දේශසීමා මාරුව මේ වන අමතර නිලධාරීවාදයක් දක්වා විහිදී ඇති අතර රුසියාව දෙවතාවක් වන්දි ඉල්ලීම්ද කළ බවට වාර්තා වෙයි. රුසියාවේ Murmansk ප්‍රදේශයේ පැතිර ඇති Pasvik Zapovednik ස්වභාවික රක්ෂිතයේ තෘණ කෑමට රැසියානු දේශසීමා තරණය කල එක් මුවෙකු සදහා Kroner 50,000 [US$ 5000 ක් පමණ] ගෙවීමට නෝර්වේජියානු රජයට සිදුවේ. එමෙන්ම වරක් සතුන් විශාල වශයෙන් වනෝද්‍යානයට ඇතුළු වු විටකදී රුසියාව Kroner මිලියන 47ක් ඉල්ලා සිටි බවද වාර්තා වෙයි. මේ වසරේ මේ දක්වා රුසියාවට ඇතුළු වු සතුන් 42 න් 40 ක් නැවත නෝර්වේ වෙත ගෙනැවිත් ඇති අතර ඉතිරි දෙදෙනාත් හැකි ඉක්මනින් රැගෙන ඒමට බලාපොරොත්තු වන බවද නෝර්වේ බලධාරීන් පවසයි.

reindeer

නැවත රැගෙන ආ සතුන්ද ආපසු රුසියාවට යා හැකි බැවින් එම සතුන් ඝාතනය කල බවත්,නෝර්වේජියානු ආහාර සුරක්ෂිතතා අධිකාරිය ආරක්ෂක හේතුන් මත මල සිරුරු විනාශ කල බවත් රජයේ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මධ්‍යම සහ ආර්ටික් නෝර්වේ සිටින ආදී වාසි Sami ජනතාව මේ මුවන් රංචු කරනු ලබයි. කලින් Lapps ලෙස හැදින්වුණු මොවුන් මධ්‍යම ආසියාවෙන් ආරම්භ වී මීට වසර 9000 කට පමණ පෙර ඔවුන්ගේ මුවන් සමග ආර්ටික් යුරෝපයේ පදිංචි වු බවට විශ්වාස කෙරේ. ඔවුන් සාම්ප්‍රදායිකව ජීවත් වන්නේ නෝර්වේහි උතුරු ප්‍රදේශ වල සිට ස්වීඩනය සහ ෆින්ලන්තය හරහා රුසියාව දක්වා විහිදෙන Lapland හීය. ඔවුන්ගේ බහුතරයක් ජීවත්ව න්නේ ආර්ටික් කලාපයේ නෝර්වේජියානු දේශසීමාවේය.

-ABC News ඇසුරෙනි-

Photo Credit: www.dailyexpress.com /www.abcnews.com

]]>
Nina ඇෆ්ගනිස්ථානයෙන් පලාගිය තරුණියකගේ කතාව https://thulanatv.lk/nina-the-story-of-a-girl-who-fled-from-afghanista/ Fri, 01 Sep 2023 07:47:12 +0000 https://thulanatv.lk/?p=2485 Nina 19 හැවිරිදි ඇෆ්ගන් තරුණියකි. ඇය බංග්ලාදේශ සරසවියේ ඇයගේ කාමරයෙහි බොක්සිං අත්වැසුම් පැළඳ කණ්නාඩිය දෙස බලා සිටී. ඇය තමාව ආරක්ෂා කර ගැනීමට ඉගෙන ගනී. ඇය පවසන්නේ ඒ හැර තමාට වෙන විකල්පයක් නොමැති බවයි. ඇය අධ්‍යාපන සදහා සිය රටින් පිටවීමට වරම් ලද අතලොස්සක් ඇෆ්ගන් කාන්තාවන්ගෙන් කෙනෙකි. කිසිදා නැවත තම නිවසට යාමට නොහැකි බව දැන දැනම එරටින් පිටවු කෙනෙකි. මාස 12කට පමණ පෙර Kabul ගුවන්තොටුපළ හරහා ඇවිද ඇගේ ශක්තිය හීන වූ බවක් ඇයට මතකය. ඇගේ දෑත් වෙව්ලනවා ඇයට මතකය. ඇෆ්ගනිස්ථානයෙන් පලා යෑම භයානක බව ඇය දැන සිටියාය. ගුවන්තොටුපළ බලධාරීන් ඇගෙන් ප්‍රශ්න කරන විට ඇය පැවසුවේ “තමාගේ මව පාකිස්ථානයේ අසනීපයෙන් පසුවන” බවයි. ඇය ඔවුන්ට බොරු කීවේ තලෙයිබාන්වරු තනිවම කාන්තාවන්ට ගමන් කිරීමට ඉඩ නොදෙන නිසයි. නිලධාරීන් බොරු කියා රැවටුවද සැබෑ අභියෝගයට මුහුණ දීමට ඇත්තේ ඉදිරියේදී බව ඇය දනියි. ඇය ගුවන් යානයට ගොඩ වනවාත් සමගම සිය නිවසින් සදහටම පියවර එළියට තැබුවාය. “ඒ දවසේ මම ගොඩාක් ඇඩුවා..ඒ ආයෙ කවදාවත් මට මගේ අම්මාගේ මූණ බලන්න වෙන්නේ නැති බව දැනගෙන..ඒක මට දරාගන්න ගොඩාක් අමාරු වුණා..මම මගේ නංගිගේ හිත බින්දා..ඒවා ගැන හිතද්දීත් මට හරි වේදනයි” ඇය පැවසුවාය.

Nina

2021 අගෝස්තු මාසයේ තලෙයිබාන්වරු ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කර ගත් දා පටන් එරට කාන්තාවන්ගේ ජීවිත විශාල ලෙස වෙනස් විය. අවුරුදු 12ට පසු අධ්‍යාපනය ලැබීම,තමන්ට කැමති ඇදුමක් ඇදීම හෝ කිලෝමීටර් 72කට වඩා වැඩි දුරක් තනිව ගමන් කිරීමට ඹවුන්ට දැන් අවසර ලැබුණේ නැත. Nina ද කාන්තාවන් සදහා වන ආසියානු විශ්වවිද්‍යාලය [AUW] විසින් සංවිධානය කරන ලද වැඩසටහන් හරහා අධ්‍යාපනය සදහා එරටින් පිටවු කෙනෙකි. තලෙයිබාන්වරු බලයට පත් වු වහාම මෙම විශ්ව විද්‍යාලය වෙත ඇෆ්ගන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් උදව් ඉල්ලා ඇමතුම් ලැබීමට පටන් ගත්තේය. තමා ඔවුන් එරටින් ඉවත් කළ යුතුය යන අවබෝධයෙන් සිටි බව එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ Kamal Ahmad මහතා පවසයි.

Nina

බටහිර හමුදාවන් එරට හැර යද්දී AUW මැදිහත්ව කාන්තාවන් 148 දෙනෙකු කාබුල් නුවරින් ඉවත්කරගැනීමට සමත්විය. මේ සදහා පුහුණුකරුවන් 7 දෙනෙක් තුන් වතාවක් ගුවන්තොටුපළ වෙත ගමන් කළේ තමාට ඇති බිහිසුණු අවධානමද නොතකමිනි. අගොස්තු 26 වෙනිදා කාන්තාවන් පිටවීමේ පර්යන්තයට පැමිණෙන විටම ගුවන්තොටුපොළේ එක් ගේට්ටුවක් පිටත සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්පුද්ගලයන් 150 කට වැඩි පිරිසක් මිය ගියහ. “අතිශයින්ම බිහිසුණු ගමනකින් පසුව ගුවන්තොටුපොළ වෙත ගිය පිරිස එක්සත් ජනපද හමුදාව සමග ගුවන් යානයට ගොඩ වී සෞදි අරාබියට නිරුපද්‍රිතව පැමිණි බව” Ahmad මහතා පැවසීය. කාන්තාවන් 148 දෙනාම දැන් සිටින්නේ එක්සත් ජනපදය පුරා පිහිටා ඇති විශ්ව විද්‍යාල වලයි, එය නරක ප්‍රතිථලයක් නෙවෙන බව තමාට හැගෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය. එතැන් සිට මේ දක්වා ඇෆ්ගන් කාන්තාවන් 450 දෙනෙකු පමණ එරටින්ඉවත් කරගෙන ඇත. මෙම සිසුවියන් බංග්ලාදේශයේ විශ්ව විද්‍යාලයේ හෝ එක්සත් ජනපදයේ බ්‍රවුන් විශ්ව විද්‍යාලය සහ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සහ මැන්චෙස්ටර් වැනි හවුල්කාර විශ්ව විද්‍යාල වෙත යවා ඇත. AUW තවත් කාන්තාවන්ට උපකාර කිරීමට බලාපොරොත්තු වන අතර ඔවුන්ගේ ඉලක්කය ඇෆ්ගන් කාන්තාවන් 1000 ක් වත් එරටින් සුරක්ෂිතව ඉවත්කරගෙන අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට ශිෂ්‍යත්ව ලබා දීමයි.

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.grounsounds.com /www.bbcnews.com

]]>